දැනට අවුරුදු එක හමාරකට පමණ පෙර මම අලුත උපන් බිළිඳියකගේ ජන්ම පත්‍රය සකසා දුන්නා. අද උදේ ඒ දැරිවිගේ දෙමාපියන් සිය එකම සුරතල් දියණියද කැටුව තෑගි භෝග ද රැගෙන මාව මුණගැහෙන්න අපේ ගෙදර ආවා. හරිම සිරියාවන්ත දරු පැටියා 
මම ඒ දැරිවි ගැන කියලා තිබුණු දේවල් එකින් එක සිද්ධවෙමින් තිබෙන බව ඇගේ පියා බෝම සතුටින් පැවසුවා. අවුරුදු එක හමාරක දරුවෙකුගේ සාමාන්‍ය හැකියාවන් ඉක්මවා ගිය විශේෂත්වයන් කීපයක්ම මේ සිඟිත්තියගෙන් පෙන්නුම් කරන බව මටත් පැහැදිළි වුණා. ඉලක්කම් දන්නවා, ඉංග්‍රීසි හෝඩිය දන්නවා, කුරුල්ලෝ ගස් වැල් බොහොමයක් අඳුනනවා, බඩු භාණ්ඩ ගැන හොඳ දැනුමක් තියෙනවා.
මේ දැරිවිගේ කේන්ද්‍රය තමයි මම ආදර්ශ කේන්ද්‍රය විදියට අරගෙන ජ්‍යෝතිෂ්‍ය පාඩම් පෙළ ලිවුවේ.
මේ තියෙන්නේ ඒ කේන්ද්‍රයේ රාශි සටහන;
මේ කේන්ද්‍රයේ බලවත් නීච භංග දෙකක් බලවත් ස්ථාන දෙකක යෙදිලා තියෙනවා.
1. ධනස්ථානයේ දී ලග්නාධිපති ගුරු ගේ නීච භංගය.
2. අයස්ථානයේ දී භාග්‍යස්ථානයේ අධිපති රවි ගේ නීච භංගය.
ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයේ ත් රවි එකොළොස් වැන්නේ ත් තැන්පත්ව තිබීම අධියෝග වෙනවා (මේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් ඉන්න බව අපි දැනටමත් දන්නවා.)
ශරීරයේ මොළය, ඇස්, ස්නායු පද්ධතිය වැනි දේ රවීට තමයි අයිති වෙන්නේ. එහෙත් මොළයේ පිටුපස පිහිටා තිබෙන දෘශ්‍ය කළාපය (අවමුර්ධ ඛණ්ඩිකාව Occipital Lobe, දෘෂ්‍යානුබද්ධ බාහිකය Visual Association Cortex, ප්‍රාථමික දෘශ්‍ය බාහිකය Primary Visual Cortex) කෙරෙහි සිකුරු ගේ ත් බලවත් ග්‍රහණයට හසුවෙනවා.
මේ අනුව රවි සිකුරු බලවත් පුද්ගලයන් ගේ දෘශ්‍ය චින්තාව (වචන වෙනුවට චිත්ත රූප භාවිතයෙන් සිතීමේ හෝ සිත් පහළවීමේ සංසිද්ධිය හෝ අවකාශීය චින්තනය) ඉතා ඉහළ මට්ටක තිබෙන බවට සාධක තිබෙයි (උපතේදී සිකුරු ග්‍රහයා මේෂ, වෘෂභ රාශිවල සිටියවුන්ට ද සිතිවිලි රූ සටහන් බවට පෙරළා බැලීමේ හැකියාවක් සහජයෙන් තිබේ). මින් පෙර මම ලියපු විද්වත් අයින්ස්ටයින් ගේ ජන්ම පත්‍රය පිළිබඳ ලිපියේ සඳහන් කළ ආකාරයට ඔහුගේ ආත්මකාරක ග්‍රහයා වූ සිකුරු අතිශය බලවත් විය. තමා වචන වලට වඩා චිත්ත රූප අනුසාරයෙන් සිතන්නකු බව අයින්ස්ටයින් විසින්ම ප්‍රකාශ කර ඇත "Einstein himself claimed that he thought visually rather than verbally."
බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රයේ ද මේ ලක්‍ෂණය කැපීපෙනෙයි.
අර දැරිවිගේ ජන්ම පත්‍රය සකස්කර දුන් අවස්ථාවේ ඇගේ පියාට මම මේ කාරණා පැහැදිළි කරලා දුන්නා. බලවත් නීච භංග ද්විත්වය, වර්ගෝත්තම බුධ සහ ඉහළ මට්ටමේ දෘශ්‍ය චින්තාව හේතුවෙන් මේ සිඟිති දියණිය අනාගතයේ දී කිසිවකුට සිතාගත නොහැකි උත්කෘෂ්ට තත්වයකට පත්වේවි කියලා මම හිතනවා.
මම ඒ දැරිවි ගැන කියලා තිබුණු දේවල් එකින් එක සිද්ධවෙමින් තිබෙන බව ඇගේ පියා බෝම සතුටින් පැවසුවා. අවුරුදු එක හමාරක දරුවෙකුගේ සාමාන්‍ය හැකියාවන් ඉක්මවා ගිය විශේෂත්වයන් කීපයක්ම මේ සිඟිත්තියගෙන් පෙන්නුම් කරන බව මටත් පැහැදිළි වුණා. ඉලක්කම් දන්නවා, ඉංග්‍රීසි හෝඩිය දන්නවා, කුරුල්ලෝ ගස් වැල් බොහොමයක් අඳුනනවා, බඩු භාණ්ඩ ගැන හොඳ දැනුමක් තියෙනවා.
මේ දැරිවිගේ කේන්ද්‍රය තමයි මම ආදර්ශ කේන්ද්‍රය විදියට අරගෙන ජ්‍යෝතිෂ්‍ය පාඩම් පෙළ ලිවුවේ.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)
මේ තියෙන්නේ ඒ කේන්ද්‍රයේ රාශි සටහන;මේ කේන්ද්‍රයේ බලවත් නීච භංග දෙකක් බලවත් ස්ථාන දෙකක යෙදිලා තියෙනවා.