රවි - සිකුරු ගෙන් ඔපවත් වන 'දෘශ්‍ය චින්තාව' (Visual Thinking) 🧠👁️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    දැනට අවුරුදු එක හමාරකට පමණ පෙර මම අලුත උපන් බිළිඳියකගේ ජන්ම පත්‍රය සකසා දුන්නා. අද උදේ ඒ දැරිවිගේ දෙමාපියන් සිය එකම සුරතල් දියණියද කැටුව තෑගි භෝග ද රැගෙන මාව මුණගැහෙන්න අපේ ගෙදර ආවා. හරිම සිරියාවන්ත දරු පැටියා 😘
    මම ඒ දැරිවි ගැන කියලා තිබුණු දේවල් එකින් එක සිද්ධවෙමින් තිබෙන බව ඇගේ පියා බෝම සතුටින් පැවසුවා. අවුරුදු එක හමාරක දරුවෙකුගේ සාමාන්‍ය හැකියාවන් ඉක්මවා ගිය විශේෂත්වයන් කීපයක්ම මේ සිඟිත්තියගෙන් පෙන්නුම් කරන බව මටත් පැහැදිළි වුණා. ඉලක්කම් දන්නවා, ඉංග්‍රීසි හෝඩිය දන්නවා, කුරුල්ලෝ ගස් වැල් බොහොමයක් අඳුනනවා, බඩු භාණ්ඩ ගැන හොඳ දැනුමක් තියෙනවා.
    මේ දැරිවිගේ කේන්ද්‍රය තමයි මම ආදර්ශ කේන්ද්‍රය විදියට අරගෙන ජ්‍යෝතිෂ්‍ය පාඩම් පෙළ ලිවුවේ.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    මේ තියෙන්නේ ඒ කේන්ද්‍රයේ රාශි සටහන;

    kendra.JPG

    මේ කේන්ද්‍රයේ බලවත් නීච භංග දෙකක් බලවත් ස්ථාන දෙකක යෙදිලා තියෙනවා.

    1. ධනස්ථානයේ දී ලග්නාධිපති ගුරු ගේ නීච භංගය.
    2. අයස්ථානයේ දී භාග්‍යස්ථානයේ අධිපති රවි ගේ නීච භංගය.

    ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයේ ත් රවි එකොළොස් වැන්නේ ත් තැන්පත්ව තිබීම අධියෝග වෙනවා (මේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් ඉන්න බව අපි දැනටමත් දන්නවා.)
    ශරීරයේ මොළය, ඇස්, ස්නායු පද්ධතිය වැනි දේ රවීට තමයි අයිති වෙන්නේ. එහෙත් මොළයේ පිටුපස පිහිටා තිබෙන දෘශ්‍ය කළාපය (අවමුර්ධ ඛණ්ඩිකාව Occipital Lobe, දෘෂ්‍යානුබද්ධ බාහිකය Visual Association Cortex, ප්‍රාථමික දෘශ්‍ය බාහිකය Primary Visual Cortex) කෙරෙහි සිකුරු ගේ ත් බලවත් ග්‍රහණයට හසුවෙනවා.

    brain.JPG

    මේ අනුව රවි සිකුරු බලවත් පුද්ගලයන් ගේ දෘශ්‍ය චින්තාව (වචන වෙනුවට චිත්ත රූප භාවිතයෙන් සිතීමේ හෝ සිත් පහළවීමේ සංසිද්ධිය හෝ අවකාශීය චින්තනය) ඉතා ඉහළ මට්ටක තිබෙන බවට සාධක තිබෙයි (උපතේදී සිකුරු ග්‍රහයා මේෂ, වෘෂභ රාශිවල සිටියවුන්ට ද සිතිවිලි රූ සටහන් බවට පෙරළා බැලීමේ හැකියාවක් සහජයෙන් තිබේ). මින් පෙර මම ලියපු විද්වත් අයින්ස්ටයින් ගේ ජන්ම පත්‍රය පිළිබඳ ලිපියේ සඳහන් කළ ආකාරයට ඔහුගේ ආත්මකාරක ග්‍රහයා වූ සිකුරු අතිශය බලවත් විය. තමා වචන වලට වඩා චිත්ත රූප අනුසාරයෙන් සිතන්නකු බව අයින්ස්ටයින් විසින්ම ප්‍රකාශ කර ඇත "Einstein himself claimed that he thought visually rather than verbally."
    බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රයේ ද මේ ලක්‍ෂණය කැපීපෙනෙයි.

    අර දැරිවිගේ ජන්ම පත්‍රය සකස්කර දුන් අවස්ථාවේ ඇගේ පියාට මම මේ කාරණා පැහැදිළි කරලා දුන්නා. බලවත් නීච භංග ද්විත්වය, වර්ගෝත්තම බුධ සහ ඉහළ මට්ටමේ දෘශ්‍ය චින්තාව හේතුවෙන් මේ සිඟිති දියණිය අනාගතයේ දී කිසිවකුට සිතාගත නොහැකි උත්කෘෂ්ට තත්වයකට පත්වේවි කියලා මම හිතනවා.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ශුක්‍ර හෙවත් සිකුරු ලග්නයේ ත් රවි එකොළොස් වැන්නේ ත් තැන්පත්ව තිබීම අධියෝග වෙනවා (මේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් ඉන්න බව අපි දැනටමත් දන්නවා.)
    ශරීරයේ මොළය, ඇස්, ස්නායු පද්ධතිය වැනි දේ රවීට තමයි අයිති වෙන්නේ. එහෙත් මොළයේ පිටුපස පිහිටා තිබෙන දෘශ්‍ය කළාපය (අවමුර්ධ ඛණ්ඩිකාව Occipital Lobe, දෘෂ්‍යානුබද්ධ බාහිකය Visual Association Cortex, ප්‍රාථමික දෘශ්‍ය බාහිකය Primary Visual Cortex) කෙරෙහි සිකුරු ගේ ත් බලවත් ග්‍රහණයට හසුවෙනවා.

    View attachment 203691
    කවුද බන් පරාශරද ඕවා කියලා තියෙන්නෙ?

    මේවගේ කතා හින්දා තමයි ජෝතිශ්ය එපාවෙන්නෙ. හෙලුව වහගන්න එක්කො බුද්දදේශනාවක් මැදින් ඔබනවා, එහෙම නැත්තන් නවීන විද්යාවට අමුනනවා
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    කවුද බන් පරාශරද ඕවා කියලා තියෙන්නෙ?

    මේවගේ කතා හින්දා තමයි ජෝතිශ්ය එපාවෙන්නෙ. හෙලුව වහගන්න එක්කො බුද්දදේශනාවක් මැදින් ඔබනවා, එහෙම නැත්තන් නවීන විද්යාවට අමුනනවා
    දැන් කොහෙද බුද්ධ දේශනාව, නවීන විද්‍යාව අමුණලා තියෙන්නේ? :confused:
     
    • Like
    Reactions: Stimulus mind

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    දැන් කොහෙද බුද්ධ දේශනාව, නවීන විද්‍යාව අමුණලා තියෙන්නේ? :confused:
    දැන් ජොතිශ්ය හොයාගත්ත කාලෙ මොලේ කොටස් ඔහොම වෙන් කරල අදුනගෙනද රිශිවරු?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    දැන් ජොතිශ්ය හොයාගත්ත කාලෙ මොලේ කොටස් ඔහොම වෙන් කරල අදුනගෙනද රිශිවරු?
    මුලින් උඹේ තර්කය පැහැදිළි කරපන්කෝ. උඹ කියන්නේ ජ්‍යෝතිෂ්‍යය හොයාගත්ත කාලේ මිනිස්සුන්ගේ මොළේ ඔහොම කොටස් තිබිලා නැද්ද? නිකං අල ගෙඩියක් වගේද තිබ්බේ? උඹලගේ නවීන විද්‍යාව හොයාගත්ත කාලේ ද මොළේ ඔහොම කොටස් වලට වෙන් වෙලා තියෙන්නේ?
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මුලින් උඹේ තර්කය පැහැදිළි කරපන්කෝ. උඹ කියන්නේ ජ්‍යෝතිෂ්‍යය හොයාගත්ත කාලේ මිනිස්සුන්ගේ මොළේ ඔහොම කොටස් තිබිලා නැද්ද? නිකං අල ගෙඩියක් වගේද තිබ්බේ? උඹලගේ නවීන විද්‍යාව හොයාගත්ත කාලේ ද මොළේ ඔහොම කොටස් වලට වෙන් වෙලා තියෙන්නේ?
    @dilann මේ මෝඩයට මන් කියපු එක පැහදිලි කරල දීපන්කො. මන් නිඩගන්න යනව
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    @dilann මේ මෝඩයට මන් කියපු එක පැහදිලි කරල දීපන්කො. මන් නිඩගන්න යනව
    ඇයි බන් උඹ කියපු දෙයක් වෙන එකෙකුට පැහැදිළි කරලා දෙන්න කියන්නේ? උඹ කියපු දේ උඹට පැහැදිළි කරන්න බැරිද?
     
    • Like
    Reactions: Stimulus mind

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    nidi.JPG

    @Brains මෙහෙම පොරවල් තමයි අපිට විද්‍යාත්මක ටෝක්ස් දෙන්නේ.
    අම්මෝ මට බෑ සාන්ත 🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    තුලා ලග්නේ 8 වැන්නේ රවි සිකුරු ඉන්නවා
    සිකුරු 8 උච්ච වුනත් රවි නිසා අස්ථයි නේද?
    එම නිසා එකට ඉදියොත් බලවත් වෙන්නේ නෑ නේ ද?
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    තුලා ලග්නේ 8 වැන්නේ රවි සිකුරු ඉන්නවා
    සිකුරු 8 උච්ච වුනත් රවි නිසා අස්ථයි නේද?
    එම නිසා එකට ඉදියොත් බලවත් වෙන්නේ නෑ නේ ද?
    ලග්නය තුලා නම් සිකුරු උච්ච වෙන්නේ 6 දී. ග්‍රහස්ඵූට දෙක අතර පරතරය අංශක 6 කට වඩා අඩු නොවෙනවා නම් අස්ථ දෝෂ යෙදෙන්නේ නෑ. අස්ථ වෙලානම් සිකුරු දුර්වල වෙනවා. ඒ කියන්නේ සිකුරුගේ නෛසර්ගික සෞම්‍ය ගුණය මැකෙනවා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ලග්නය තුලා නම් සිකුරු උච්ච වෙන්නේ 6 දී. ග්‍රහස්ඵූට දෙක අතර පරතරය අංශක 6 කට වඩා අඩු නොවෙනවා නම් අස්ථ දෝෂ යෙදෙන්නේ නෑ. අස්ථ වෙලානම් සිකුරු දුර්වල වෙනවා. ඒ කියන්නේ සිකුරුගේ නෛසර්ගික සෞම්‍ය ගුණය මැකෙනවා.
    තුලා
    1,8 සිකුරු උච්ච
    6 ගුරු උච්ච
    මට පැහැදිලි නෑ මචං ඒ කිව්ව එක :nerd:
    අනිත් ටික තේරුණා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,214
    21,773
    113
    තුලා
    1,8 සිකුරු උච්ච
    6 ගුරු උච්ච
    මට පැහැදිලි නෑ මචං ඒ කිව්ව එක :nerd:
    අනිත් ටික තේරුණා
    ආහ් නෑ නෑ. සිකුරු තුලාවේ, වෘෂභයේ ස්වක්ෂේත්‍රයි. මීනයේ උච්චයි. ගුරු උච්ච වෙන්නේ කටකයේ. මම මේ ගැන සම්පුර්ණ විස්තර සහිත ලිපියක් දාලා ඇති. පොඩ්ඩක් ඒක හොයලා බලන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and LZP1992

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    රා බු දෙකම 6 කොටුව්ව (thulaa lagna) tiyenawa nm awulda machan?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ආහ් නෑ නෑ. සිකුරු තුලාවේ, වෘෂභයේ ස්වක්ෂේත්‍රයි. මීනයේ උච්චයි. ගුරු උච්ච වෙන්නේ කටකයේ. මම මේ ගැන සම්පුර්ණ විස්තර සහිත ලිපියක් දාලා ඇති. පොඩ්ඩක් ඒක හොයලා බලන්න
    Baby Thank You GIF
     
    • Like
    Reactions: NRTG