රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති
විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති.
ඒ මහතාගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර කරමින් කරුණානායක මහතා එනතුරු බලාසිටිති.
‘අපේ රවී අපට ඕනේ‘ යැයි කෑ ගසමින් ඔවුහු මෙසේ මාර්ගය අවහිර කරමින් සිටිති.
විදේශ ඇමතිකමින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා ද එම ස්ථානයට පැමිණියේය.

අපේ රවී අපට ඕනේ

