රසගුණ පිරි කොළ කැඳ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රසගුණ පිරි කොළ කැඳ

    rep බාර ගනු ලැබේ​

    අප අවට පරිසරයේ ඇති විවිධ ඖෂධීය ශාක වර්ග පානයක්‌ ලෙස සකස්‌ කිරීමෙන් කොළ කැඳ සාදාගනී. අපේ පැරැන්නෝ උදැසන ආහාරයක්‌ ලෙසද කොළකැඳ භාවිත කළහ. එමගින් දවසේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ශක්‌තිය ලැබෙන බව ඔවුහු විශ්වාස කළහ.

    බුදුරජාණන් වහන්සේද කොළ කැඳවල ගුණ දක්‌වා ඇත.

    "බ්‍රාහ්මණය, කැඳෙහි ආනිසංස දහයක්‌ වෙයි.

    කැඳ ආයුෂ දෙයි. වර්ණය දෙයි. සැපය දෙයි. නුවණ දෙයි. පානය කළ කැඳ බඩගිනි සමනය කරයි. වාතය නසයි. පිපාසාව දුරුකරයි. නොපෑහී ශේෂවූ ආහාර පැසවයි. මළ, මුත්‍ර පහ කිරීම පහසු කරයි".
    - බුදුරජාණන් වහන්සේ -

    මහා වග්ග පාලියේ විනය පිටකය -

    මේ අනුව සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමටත්, රෝගී වූ විට යෝග්‍ය කැඳක්‌ ලෙසත්, ඖෂධයක්‌ ලෙසත්, උදැසන ආහාරයක්‌ ලෙසත් කොළකැඳ භාවිත කළ හැකි බව පැහැදිලිය.

    කොළකැඳ සෑදීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු ලෙස,

    සහල් සඳහා නිවුඩුහාල් යොදාගන්න. තණහාල්, මෙනේරිහාල් ආදියද යෝග්‍ය වේ. විශේෂ රෝගී අවස්‌ථාවල හීනටි හාල්ද යොදා ගැනීමට සිදුවනු ඇත. සහල් සමඟ මුංඇට, පරිප්පු, කඩල, සෝයා ආදී මාංස භෝගයකින් ස්‌වල්පයක්‌ මිශ්‍ර කොට ළිප තැබීමෙන් අමතර ගුණයක්‌ එක්‌වේ. එසේ නැතහොත් බත ඉදීගෙන එනවිට පිටි කළ කඩල, මුං, සෝයා ආදියෙන් මේස හැන්දක්‌ පමණ එක්‌කිරීම සුදුසුය. කැඳට යොදාගන්නා කොළ අලුත් ඒවා විය යුතුය.

    මැලවුණු, ඉදුණු, වියළුණු කොළ සුදුසු නොවේ. කොළ වෙනම කොටා පෙරා යුෂ සකසා ගත යුතුවේ. පොල්ද වෙනම මිරිකා පෙරා කිරි සකසා ගත යුතුවේ. කොළ සමඟ කරපිංචා ඉති හතරක්‌ පමණවත් එක්‌ කරන්න, එමගින් ඖෂධීය ගුණය වැඩිවේ. දිරවීමද පහසු වේ. එසේම සුදුලූණු බික්‌ 2 ක්‌ද, රතුලූණු ගෙඩි 4 ක්‌ පමණද ලියා සහල්වලට එක්‌කිරීමෙන් ඖෂධීය ගුණය වැඩි කරගත හැක.

    පොල් යොදා ගතයුත්තේ අවශ්‍ය පමණටය. පොල් වැඩිකිරීමෙන් තෙල්ගතිය වැඩිවේ. උකුගතියද වැඩිවේ. කොලොස්‌ටරෝල් මට්‌ටම අධික නම් පොල් කිරි හෝ එළකිරි වෙනුවට සෝයාකිරි යොදාගත හැක.

    කොළ කැඳ පිසීමේදී ඇලුමිනියම් භාජන භාවිතය නුසුදුසුය. ඒ සඳහා මැටි භාජනයක්‌ භාවිත කළ යුතුය. සහල් හොඳින් තැම්බී බත් වනවිට හොඳින් හැන්දෙන් පොඩිකර ගැනීම (මත් ගා ගැනීම) කළ යුතුය. කොළ කැඳ පානය කළ යුත්තේ හකුරු සමඟය. එයින් තවදුරටත් අමතර පෝෂණයක්‌ එක්‌වේ. මඳක්‌ රස්‌නය තිබියදී කොළ කැඳ පානය කළ යුතුය. නිවුණු පසු යළි රත්කිරීම් හෝ විටින්විට රත් කිරීමෙන් වළකින්න.

    කොළ කැඳ සෑදීමේ ක්‍රම ලෙස,

    පළමු ක්‍රමවේදය -

    කොළ කැඳ සෑදීමට ගන්නා කොළ කොටා යුෂ ලබාගනී. පොල්ද කොටා මිරිකා යුෂ ලබාගනී. සහල් හොඳින් සෝදා ළිප තබා බත ඉදීගෙන එනවිට පොල්කිරි හා කොළ යුෂ මිශ්‍රකර එය බතට එක්‌කර නටන විට ළිපෙන් බා ගනී.

    දෙවැනි ක්‍රමවේදය -

    බත ඉදීගෙන එනවිට පළමුව පොල් කිරි එක්‌කර පැසවාගනී. ඉන්පසුව කොළ යුෂ එක්‌කර නටවා ළිපෙන් බා ගනී.

    මෙම ක්‍රම 2 අතරින් බොහෝ අය පළමු ක්‍රමය භාවිත කරන අතර බොහෝ ග්‍රන්ථවල සුදුසු යයි දක්‌වා ඇත්තේ දෙවැනි ක්‍රමවේදයයි. ඊට හේතුව නම් පොල් කිරි හා කොළ යුෂ මිශ්‍ර කිරීමේදී, පොල් කිරි පැසවීමට යම් වේලාවක්‌ ගතවන අතර එවිට කොළවල කොළ පාට වර්ණය ඉවත්වී පෝෂක කොටස්‌ දැවී යන හෙයිනි. එමනිසා කොළ යුෂ විනාඩියකට වඩා ළිප තැබීම නුසුදුසුය. එහෙයින් පළමුව පොල් කිරි බතට එක්‌කර පසුව කොළ යුෂ එක්‌කිරීම වඩා සාධාරණ වේ.

    කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ -

    බඩගින්න හා පිපාසය නසයි. වාතය සමනය කරයි. මළ, මුත්‍ර පහකිරීම පහසු වේ. ආහාර රුචිය වර්ධනයවේ. සම පැහැපත් වේ. ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ. ප්‍රාණය ආරක්‍ෂා වේ. ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි.

    කොළ කැඳ බොහෝ ඖෂධීය වටිනාකමින් යුක්‌ත පානයක්‌ සේම, සමබල ආහාරයක්‌ද වන බව අපේ පැරැන්නෝ දැන සිටියහ. ඒ තම අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂවූ ඥනය අනුවය. නමුත් අද වනවිට, මෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක වටිනාකම, විවිධ පර්යේෂණ මගින් ඔප්පු වී හමාරය. කොළ කැඳ සඳහා යොදාගන්නා ද්‍රව්‍යවල රසායනික සංයුතිය හා සාදාගන්නා ක්‍රමය අනුව එහි ඖෂධීය ගුණ ලැබෙන ආකාරය පහත දක්‌වා ඇත.

    කොළ කැඳ සෑදීමේදී කොළ වර්ග කොටා, මිරිකා යුෂ ලබාගැනීම සිදුකරයි. එමගින් ජීරණයට පහසුකරයි.

    මෙම කොළ යුෂ පොල් කිරි සමඟ එක්‌කිරීම සිදුකරයි. මේ නිසා ජලයේ ද්‍රාව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමින් වර්ග ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ.

    පත්‍රවල අන්තර්ගත උණුසුම් සංවේදක 'බීටා-කැරොටීන්' පොල් කිරිවල ඇති මේද කොටස්‌ සමඟ බැඳීම නිසා, රත් කිරීමේදී පවා විනාශ නොවේ. එම නිසා වැඩි පෝෂණයක්‌ ලැබේ.

    නැවුම් කොළපැහැ පත්‍ර කැරොටින්, ඇස්‌කෝබික්‌ අම්ල, රයිබොෆ්ලේවින්, ඇල්µdලිනොලික්‌ අම්ල, විටමින් කේ, ෙµdaලික්‌ අම්ල, කාබෝහයිඩේ්‍රට්‌, මේද, ඛනිජ ලවණවලින් ස්‌වයංපෝෂිතය. මීට අමතරව කැල්සියම්, යකඩ අයන, ලයිසින් ප්‍රොaටීන වැනි සංඝටකද සහිතය. කොළ යුෂ අධිකව රත් නොකරන නිසා මෙම පෝෂණීය සංඝටක විනාශ නොවී ශරීරයට පෝෂණය සැපයීමට ඉවහල් වේ.

    නිවුඩු සහල් විටමින් බීවලින් ස්‌වයංපෝෂිත වන අතර තන්තු පදාර්ථ බහුලව පිහිටයි. එමනිසා ශරීරයට අත්‍යවශ්‍ය සංඝටක ලැබේ. මළ බද්ධය දුරුකර, ආහාර ජීරණය පහසු කරවයි.

    මේ අනුව බලන කල පෝෂණීය ගුණයෙන් අනූන රස ගුණ සපිරි කොළ කැඳ, සාදා ගැනීමට පහසු වුවද වටිනාකමින් ඉහළ ගුණ යුක්‌ත ඖෂධයක්‌ සේම පෝෂ්‍යදායී ආහාරයක්‌ද වන බව පැහැදිලි වේ. දේශීය චිකිත්සාවේදී විවිධ රෝග සඳහා ඖෂධවලට අමතරව විවිධ කොළ කැඳ වර්ග, පානයට නිර්දේශ කර ඇත. ඉන් කිහිපයක්‌ පහත දක්‌වා ඇත.

    ඇදුම සඳහා කැහිපිත්තන් කොළ දෙමිටක්‌, පොල් බෑයක පොල් සමඟ කොටා මිරිකා සුදුලූණු බික්‌ පහක්‌ සමඟ හීනටිහාලේ කැඳ දෙන ලෙස දක්‌වා ඇත. කොක්‌මොට, තැඹිලි පොල් සමඟ කොටා මිරිකාගත් යුෂින් හීනටිහාලේ කැඳ නිතර වැළඳීම මාන්දමට ප්‍රත්‍යක්‍ෂ බෙහෙතකි. මී විෂ සඳහා දිවුල් කොළ, හීනටිහාලේ කැඳ සාදා සති දෙකක්‌ එක දිගට පානයට දෙන ලෙස දක්‌වයි.

    බලු විෂට තිත්ත අගුණ කොළ, පොල් සමඟ කොටා හීනටි හාලෙන් කැඳ උයා තුන් වරුවක්‌ බීමට දිය යුතු බව දක්‌වයි. යකිනාරං කොළ කැඳ කිතුල් හකුරු සමඟ දීම සෙංගමාලයට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ බව දක්‌වයි.

    මීට අමතරව මොණර කුඩුම්බිය කැඳ දින 7 ක්‌ම දීම, පතන් පෙති කැඳ, ඉරමුසු කැඳ, සැවැන්දරා කොළ කැඳ, හාතවාරිය කැඳ, පිටවක්‌කා කොළ කැඳ, කෝන් කොළ කැඳ, බක්‌මී කොළ කැඳ යනාදියද සෙංගමාලය සඳහා නිර්දේශ කරයි. මෙහිදී මිටිකිරි නොදමා දියකිරි දමා, ලුණු නොදමා කැඳ පිස දේ.

    දියවැඩියාව සඳහා හීං බෝවිටියා කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, රණවරා කොළ කැඳ නිර්දේශ කරයි. අර්ශස්‌ රෝගයට කොහිල අල හා දලු මිශ්‍ර කැඳ, වැල්පෙනෙල කැඳ, අනෝදා කොළ කැඳ යෝග්‍ය බව දක්‌වයි. රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම අධික වීම සඳහා පැණි ඔලිඳ කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ ගුණදායක බව දක්‌වා ඇත.

    ලේ පිටවන අර්ශස්‌ රෝගයට රත් කරල්හැබ කොළ කැඳ, හාතවාරිය කැඳ යෝග්‍ය බව දක්‌වයි. මුත්‍ර ගල් සඳහා පොල්පලා කොළ කැඳ, නීරමුල්ලිය කොළ කැඳ, රණවරා කොළ කැඳ ගුණ බව දක්‌වයි. අක්‍ෂි රෝග හා දෘෂ්ටි දුර්වලතා සඳහා මුකුණුවැන්න කොළ කැඳ, කීකිරිඳිය කොළ කැඳ, ගොටුකොළ කැඳ ගුණදායක බව දක්‌වා ඇත.

    නාග දෂ්ටයකදී නම් කොටදිඹුලා කොළ කැඳ, කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ. ලුණු නොදමයි. කරවල් දෂ්ටයකදී කරපිංචා කොළ කැඳ හීනටි හාලෙන් පිසදේ. මුකුණුවැන්න, කරපිංචා කොළ යුෂ සමඟ හීනටි හාල් කැඳ මදුරුතලා කොළ යුෂ, තණහාල් දමා කැඳ පිස දීම සිදුකරයි.

    (පොත පත ඇසුරෙනි)

    ආයුරේවේද වෛද්‍ය චතුරිකා ප්‍රියදර්ශනී
    (බී.ඒ.එම්.එස්‌.)
    කොළඹ විශ්වවිද්‍යාලය
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20652278 said:
    කරුණාකර කොළ කැඳ හදද්දී බ්ලේන්ඩරය පාවිච්චි කරන්න එපා.

    ammo

    pana yana case ekakne
     
    ammo

    pana yana case ekakne

    කැඳට මොනම විදියකින් වත් බාහිර විද්‍යුත් ආරෝපණ ගෑවෙන්න ඉඩ තියන්න එපා. (බ්ලෙන්ඩරෙන් ඒක වෙනවා)

    වානේ, ඇළුමිනියම් වගේ ලෝහ බඳුනකත් කැඳ උයන්න එපා. ceramic අවුලක් නෑ. හැකි තරම් මැටි භාජනයකම කැඳ හදාගන්න.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20652340 said:
    කැඳට මොනම විදියකින් වත් බාහිර විද්‍යුත් ආරෝපණ ගෑවෙන්න ඉඩ තියන්න එපා. (බ්ලෙන්ඩරෙන් ඒක වෙනවා)

    වානේ, ඇළුමිනියම් වගේ ලෝහ බඳුනකත් කැඳ උයන්න එපා. ceramic අවුලක් නෑ. හැකි තරම් මැටි භාජනයකම කැඳ හදාගන්න.

    wangediyen kotanna giyama ??? :confused: :confused: :baffled::baffled:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ත්‍රෙඩ් එක කියෙව්වට් නෑ රෙප් කරා:shocked: