රසම් හදමු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය දෙමල කඩවලට ගිහින් බත් කන්න කලියෙන් බොන්න පොඩි තැම්බුම් හොද්දක් වගේ සැර නැති ඩියරයක් දෙනව නේද. මේකේන් ගොඩක් වෙලාවට වෙන්නේ ආහාර රුචිය වඩවන එක.අද එහෙනම් කතා කරමු මේ රසම් කොහොමද හදාගන්නේ කියලා. පහත ප්‍රමාණ 6 දෙනෙකුට පමණ සෑහෙනවා.


    1. නියපොතු කපා හොඳට සබන් ගාලා හෝද ගත්තු අතක්.
    2.සුදු ළූණු බික් 6 ක්
    3.සූදුරු හැන්දක්
    4.ගම්බිරිස් ඇට 30 ක් පමණ
    5.කරපිංචා ඉති 2 ක කොළ
    6.සියඹලා අහුරක් ලොකු දෙහි ගෙඩියක ප්‍රමාණයට
    7. කුඩා තක්කාලි ගෙඩි 4 ක්
    8. වතුර ලීටර් 1 ක් පමණ
    9. අබ, සූදුරු තව ස්වල්පයක්
    10. අමු මිරිස් කරල් 4 ක් දෙකට පලා දෙකට කපා
    11. වියලි මිරිස් කරල් 4 ක්
    12.තවත් කරපිංචා ඉත්තක්
    13. ළූණු ගෙඩියක් කුඩාවට කපාගෙන
    14. පොල්තෙල් හෝ එලවලු තෙල් මේස හැඳි දෙකක්
    15. රස අණුව ලුණු

    A. ඉහත 2,3,4,5 එනම් සුදු ළූණු බික් 6 , සූදුරු හැන්දක්, ගම්බිරිස් ඇට 30 ක් පමණ, කරපිංචා ඉති 2 ක කොළ බ්ලෙන්ඩරයට දමා වතුර මොකුත් නොදා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එම මිශ්‍රණය පසෙකින් තබන්න.

    B. සියඹලා ටික (6) විනාඩි 10 ක් පමණ වතුර කෝප්පයක පෙගෙන්න තබා අතින් හොඳින් මිරිකා ඇඹුල වතුර කෝප්පයට එකතු කරගෙන පෙරා ගන්න. රොඩු ටික නැවත වතුර කෝප්පයකට දමා නැවත අතින් මිරිකා ඒ ටිකත් පෙරා එකතු කරගන්න. පසුව එම මිශ්‍රණයට තක්කාලි ගෙඩි 4 ( 7) අතින් කුඩා කුඩා කැබලි කඩා එකතු කරගෙන පොල් මිරිකන ආකාරයට මිශ්‍රණයට අත දමා හොඳින් පොඩි කරමින් මිරිකාගන්න. ( තක්කාලි එකතු කරගත් පසු පෙරන්න යන්න එපා ) එම මිශ්‍රණයද පසෙකින් තබා ගන්න.

    C. ඉන්පසු තාච්චියක් ලිප තබා එයට තෙල් හැඳි දෙක එකතු කරගන්න (14). පසුව 9, 10, 11, 12, 13 ට අදාල ටික එනම් අබ, සූදුරු තව ස්වල්පයක් , අමු මිරිස් කරල් 4 ක් දෙකට පලා දෙකට කපා , වියලි මිරිස් කරල් 4 ක් කැබලි කපා, කරපිංචා ඉත්තක කොළ, ළූණු ගෙඩියක් කුඩාවට කපාගෙන රත්වූ තෙල් ටිකට එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. ළූණු රන්වන් පැහැය ගැන්වීගෙන එනවිටම එයට කලින් ඉහත A කොටසේ හදාගත් ම්ශ්‍රණයද එකතු කර හොඳින් කූරුගාගන්න. පසුව එයටම B කොටසේ සාදාගත්තු තක්කාලි සහිත සියඹලා ද්‍රාවණය එකතු කරගන්න. පසුව එයටම වතුර ලීටර් 1 ක් පමණ එකතු කරගන්න. පසුව රස අනුව ලුණු කුඩු එකතු කරගන්න (15). එම ද්‍රාවණය හොඳින් නටමින් රත්වෙන තෙක් තබාගෙන මදක් නිවුනු පසු බදුන් වලට දමා පිලිගන්වන්න. ඕනේනම් උඩින් කපා ගත්තු කොත්තමල්ලි කොළ ටිකක් දමා ගන්න.

    කෑම කන්න කලියෙන් මෙහෙම රසම් එකක් ගැහුවොත් කෑම රුචිය වැඩිවෙනවා වගේම පට්ට බඩගින්නකුත් එනවා. අද රෑ හැදුවා ෆොටෝ ගහන්න කලියෙන් ගෙදර උන්දැලෑ ඒකට වගකිව්වා. හදාගෙන බොන්න කලියෙන් ත්‍රෙඩ් එකට ෆොටෝ එකක් දාපල්ලා.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    969341a91816bf6f94c0134e3b00e795_-and-free-clipart-images-on-thumbs-up-sign-clipart_512-430.png
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අෆ්ෆට. . ඕක කෑමට කලින් බොන එකක්ද බන්. .
    එක දවසක් එකෙක් ඕක හොදි පීරිසියක ගෙනත් දුන්නා. . පස්සේ හොදි කියලා හිතලා බත් එකට හලන් කෑවා වගේ මතකයි. .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අෆ්ෆට. . ඕක කෑමට කලින් බොන එකක්ද බන්. .
    එක දවසක් එකෙක් ඕක හොදි පීරිසියක ගෙනත් දුන්නා. . පස්සේ හොදි කියලා හිතලා බත් එකට හලන් කෑවා වගේ මතකයි. .

    Tamil kadekin or Specially Indian Resturant ekakin rice and curry kaddi un podi podi baajana wala curries ekka gena extra 3 k tiyenawa. Ekak Rasam eka anika curd walun hadana moru anika papadam. Ethakota curry ekka rasam ekath patalenna puluwan normal deyak ban.

    Saraswatie Bambalapitiya ,Kollupitiye Nawayugaya wage Indian resturant walin one nam try karanna puluwan.