රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

    තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

    ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

    තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

    ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

    තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

    ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

    තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

    ඇම්ඩා - නැහැ.. හරි..

    තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

    ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

    තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

    ඇම්ඩා - පහයි කිව්වා.

    තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

    ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

    තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

    ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

    තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හු#තේ ප්‍රශ්නයක්ද ඒක?

    ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

    මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තම සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඔහුගේ හොඳම මිතුරාව නිවසට ගෙන්වා ගත් කාන්තාවක් ඔහු සමඟ පෙම් සුව විඳිමන් සිටින අතරේ දුරකථනය නාද විය...........

    "අනේ ඇත්තද..? හොඳයි........හොඳයි...පරිස්සමෙන්..." :yes::love:
    ඈ ඊට පිළිතුරු දුන්නා

    "කවුද ඒ..?" සැමියාගේ මිතුරා ඇසුවේය :dull:

    "මේ අපේ මහත්තයා" :cool:

    "මොනවද එයා කිව්වේ..?":confused::baffled:

    "එයා ඔයත් එක්ක කොහේදෝ ගමනක් ගිහින්ලු ඉන්නේ. එනකොට රෑ වෙයි කිව්වා" :P:D
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තර්ක ශාස්ත්‍රය
    --------------
    දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

    නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    ඇම්ඩම්: "ඔව් තියෙනවා"

    නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

    ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

    නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

    ඇ: "හරි හරි ඒකත් හරි"

    නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

    ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

    නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

    ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

    නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

    ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

    නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

    කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

    ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

    පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

    ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    පි: "නෑ"

    ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"
     
    • Like
    Reactions: nadimal

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මාලිගාවේ ප්‍රශ්නයක්.. රජතුමා නස්රුදීන්ට පණිවිඩයක් යැව්වා..
    ඉක්මනට මාලිගාවට එන්න..

    නස්රුදීන් එනකොට වෙන්න තියන සේරම වෙලා..

    මොකද මිනිහෝ උඹ මෙච්චර වෙලා කරේ?

    කොහේ එන්නද රජතුමණි.. මග දිගට ම පට්ට වැස්ස.. වැස්සේ තරම කොච්චරද කියනවනං එක අඩියක් ඉස්සරහට තිබ්බාම අඩි දෙකක් පස්සට යනවා

    මොකා.. එතකොට උඹ කොහොමද ආවේ?

    සුවාමීනි.. මම අනිත් පැත්ත හැරිල ගෙදර ගියා..
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මම බක්කරේ කෙනෙක්ද??? :frown:

    සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය

    බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?

    සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..

    පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.

    බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?

    සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

    ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.

    බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ

    සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න

    ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.

    බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..

    සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??

    බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු

    සැමියා කලබල විය

    සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??

    බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?
    කියා සැහැල්ලුවෙන් කීවේය.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න එක මනුස්සයෙක් හිටියලු වි.ජ.මු කියලා..(ලොකුබණ්ඩාර නෙවෙයි....හරිද ? )..මිනිහා කැම්පස් එකක සිංහල කථිකාචාර්ය කෙනෙක්...
    දවසක් මිනිහා ගියාලු ඈත පිටිසර ගමක ඉස්කෝලෙකට දේශනයක් පවත්වන්න...ඔන්න දැන් දේශනේ ඉවර වෙලා මිනිහා හිතුවලු මිනිහගේ ලොකු කම පෙන්නන්නත් එක්ක ළමයින්ගෙන් ප්රශ්න වගයක් අහන්න...ශාලාව පිරෙන්න ළමයිනුයි,ටීචර්ස් ලායි ඉන්නවලු දැන්....

    දැන් ඔන්න මිනිහා ගියාලු ළමයෙක් ගාවට...ගිහින් ඇහුවලු මෙහෙම...'පුතා...පුතාගේ නම මොකද්ද' කියලා...ඌ කිවුවලු 'සර් මගේ නම L.B රත්නායක' කියලා.. වි.ජ.මු ඇහුවලු 'මොකද්ද පුතා L.B කියන්නේ' කියලා..ඌ කිවුවලු ' ලොකු බණ්ඩා' කියලා...
    ඊට පස්සේ වි.ජ.මු කිවුවලු 'නෑ පුතා ඔයා අද ඉදලා ලො.බ රත්නායක' කියලා..(ලො.බ කියන්නේ ලොකු බණ්ඩා කෙටි කරලා හරිද..? )

    වි.ජ.මු ගියාලු තව ළමයෙක් ගාවට...
    වි.ජ.මු : කියන්න බලන්න පුතාගේ නම
    2 ළමයා : කුසල් නුවන් ගයාන්....
    වි.ජ.මු : එහෙනම් පුතා ඔයා අද ඉදලා කු.නු ගයාන්...කියලා කිවුවලු

    ගියාලු තව ළමයෙක් ගාවට....
    වි.ජ.මු : මොකද්ද පුතා ඔයාගේ නම...
    3 ළමයා : '(ය)සිත (කෝ)සල බණ්ඩාර'....කිවුවලු
    වි.ජ.මු : 'එහෙනම් ඔයා අද ඉදන් ය.කෝ බණ්ඩාර'.....කිවුවලු...

    ඔන්න එහෙම කියද්දිම 1 වසරේ කොල්ලෙක් අඩාගෙන දුවගෙන ආවලු...
    කොල්ලා : 'සර් කියන විදියට මගේ නම කෙටි කලොත් පන්තියේ ළමයි මට හිනාවෙයි' කිවුවලු....
    වි.ජ.මු : මොකද්ද පුතා පුතාගේ නම...?
    කොල්ලා : 'පුලස්ති කංකානම්ලාගේ සුරාජ් දුමින්ද පෙරේරා'...කියලා කිවුවලු
    වි.ජ.මු : 'එහෙනම් පුතා ඔයා අද ඉදලා පු.ක සු.දු පෙරේරා'...කියලා කිවුවලු....

    දැන් තමයි හොදම හරිය...
    වි.ජ.මු ගියාලු ටීචර් කෙනෙක් ගාවට.....
    'අපි දැන් ළමයි ඔක්කෝගෙම නම් කෙටි කලානේ....එහෙනම් දැන් ටීචර්ගේ නමත් සිංහල ක්රමේට කෙටි කරමු' කිවුවලු..

    වි.ජ.මු : 'ටීචර් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න ටීචර්ගේ නම මොකද්ද කියලා...'
    ටීචර් : 'හුන්නස්ගිරි කන්කානම් මුදියන්සේලාගේ දමයන්ති සිරියලතා..' කියලා කිවුවලු...
    හුටා.....වි.ජ.මු මුකුත් නොකියා ශේප් එකේ එතනින් මාරු උනාලු... :D:D
    ( ටීචර් ගේ නම ඔයාලම කෙටි කරගන්න හොදේ.....?? )
    - ප.ලි : නම් ගම් මන:කල්පිතයි කාගේ හරි නමකට අපහාසයක් උනානම් සමාවෙන්න....!!!! -

    - CHAMI -
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ දුක සැප බලන්න සමාජ සේවයේ යනවනේ! ඉතිං
    අන්දරේ රජ වාසලේ ඉඳපු කාලේත් රජා එහෙම යනවලු! ඉතිං මේකෙං චාන්ස් එක ගත්ත ඇමැතියෝ ටිකයි අන්දරේ ඇතුලු සෙට් එක රජා නැති වෙලාවට දේවියගෙ සිරිහයන් ගබඩාවට රිංගනවලු අරක කරන්න! (අරක කියන්නෙ දන්න අය දන්නවනේ!)

    දැන් ඕක රජාට මාර ප්‍රශ්නේ! මොකද රජා එන වෙලාවට රජාට නිදියන්න වෙන්නේ වේලි වේලි! බිසව දොයි යසට!!

    හොර අල්ලන්නත් එක්ක පස්සේ දවසක් රජා දේවියගේ අහවල් ස්ථානයේ බ්ලේඩ් තලයක් (ඒකාලේත් තියෙන්න ඇති!) ස්ථාන ගත කරලා රෑ වැඩට ගියාලු!

    පහුවුදා ඇමතිලා පුරෝහිතලා ලෙඩ නිවාඩු දාලලු මෙන්න මෙහෙම!
    “කකුල කැපී ඇත! නිවාඩු අයදිමි!“
    “ලෙඩ නිවාඩු අයදිමි“
    “හදිසි අනතුරක් නිසා නිවාඩු අයදිමි“ වගේ එක එක තාලෙට!

    අන්දරේ විතරක් නිවාඩු දාල නැල්ලු! මිනිහා අමාරුවෙන් වාසලේ ඉන්නවලු! ඇඹරි ඇඹරි! වැඩි කතාවක් නැල්ලු වෙනද වගේම!

    ඉතිං ළගට ගිය රජා ඇහැව්වලු
    “මොකද අන්දරේ අද මේ තරං කට්ටියම නිවාඩු“ කියලා

    අන්දරේ අමාරුවෙන් කියනවලු
    “අලේ මල්ල ලලතුමනි මල උංගෙන් ඒව අහලව තියා කලා කලල්ලත් බෑ“ කියලා!!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තර්ක ශාස්ත්‍රය
    --------------
    දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

    නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    ඇම්ඩම්: "ඔව් තියෙනවා"

    නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

    ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

    නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

    ඇ: "හරි හරි ඒකත් හරි"

    නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

    ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

    නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

    ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

    නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

    ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

    නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

    කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

    ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

    පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

    ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

    පි: "නෑ"

    ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"
    pattta :lol::lol::lol::lol::lol:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දැන මේච්චර වේලාවක් මම කථා දැම්මනේ
    දැන් උඹලත් එකක වත් දාපන්කෝ හිනා යනවද බලන්න
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ලස්සන ගිරවෙක් ඉන්නවල් කූඩුවක දාල. මිළ $50 යිලු.
    ඇයි මේ ගිරව මෙච්චර ලාබෙට දෙන්නෙ?
    නෝන.. මේක මහ එපා කරපු ගිරවෙක්.. මේක අපට වික්කෙ ගනිකාවක්.. ඉතින් මූ මහ එපා කරපු ඒව කියවනව කියල මිළට ගත්තු කීප දෙනෙක්ම ආපහු ගෙනැල්ල දුන්න.
    ආ.. කමක් නැහ මට දෙන්න ගිරව... මෙන්න සල්ලි....
    ගිරව අරගෙන ගෙදර ගිය නෝන තමන්ගෙ කාමරේම ගිරා කූඩුව එල්ලුව...
    එතකොට ගිරව කියනව " අලුත් කාමරයක්.. අලුත් නෝන කෙනෙක්"
    .
    . ටිකකින් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආව නෝනගෙ චූටි දුවල දෙන්න...
    එතකොට ගිරව කියනව " ආ..අලුත් බබාල දෙන්නෙක්"
    .
    .
    හවස් වෙනකොට නෝනගෙ මහත්තය (එයාගෙ නම බොබ්) වැඩ ඇරිල ගෙදර එනව...
    එතකොට ගිරව කියනව " ආ... හායි බොබ් හව් ආර් යූ?"
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    එක සැමියෙකුයි බිරිඳකුයි ළමයි හතර දෙනෙකුයි හිටියලු එක රටක. කැතම සීන් එක කියන්නේ ළමයි 3න් දෙනෙක්ම උසයිලු. ඒ වගේම සුදු හමක් සහ රතු කොන්ඩලු තිබුනේ ඒ තුන් දෙනාටම. එත් බාලම කොලුවා විතරක් කළු කොණ්ඩයක් තියෙන, කොටම කොට, කළු පාට හමක් තියෙන එකෙක්ලු. ඒ තාත්තාට මාර ප්‍රශ්නෙලු එක.

    එක පාරටම තාත්තා අසනීප උනාලු. අන්තිම මරණාසන්න වේලා. තාත්තා අන්තිම මොහොත ඇඳක් උඩ ගෙවන මොහොතේ ඒ කිවුවේ මැරෙන්න ඔන්න මෙන්න තමන්ගේ බිරිඳට කතා කරලා මෙහෙම ඇහුවලු.
    “හනී, මම මැරෙන්න කලින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා එකට මට අවංකව ඇත්තම කියන්න. බාලම පුතා ඇත්තටම මගේ පුතාද?? මගේ ලේ වලින්ම බිහි උන කෙනෙක්ද?”

    ඊට පස්සේ බිරිඳ කිවුවලු “මම පොරොන්දු වෙනවා ඒ ඔයාගේ පුතා තමයි” කියලා
    ඊට පස්සේ සැමියා මරුනලු. ඒ වෙලාවේ බිරිඳ මිමිණුවලු “දෙවියන්ට ස්තුතී වේවා මනුස්සයා වෙලාවට අනිත් ළමයි තුන් දෙනා ගැන ඇහුවේ නෑ” කියල
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තිලිණ ගංගන මඩවල
    ඔන්න දැන් දවසක් මෑන්ස්ලා හතර දෙනෙක් බොන්න සෙට් වෙලා හිටියා.. බොන ගමන් එක පොරකට බාත්‍ රූම් එකට පොඩ්ඩක් යන්න ඕනා උනා..පොර ගියා..ඒ අතරේ අනික් තුන් දෙනා කතාවකට වැටුනා.. එයාලා කතා කරේ එයාලාගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන..
    1වෙනි කෙනා: මගෙ පුතා ඉන්නේ සාර්ථකත්වයේ ඉහලම තැන..එය business ගැන ඉගෙන ගත්තා..company එකක ඉහලම තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ.,පොඩි කාලෙකින් ඒ company එකේ සභාපති උනා..එයා දැන් උපරිමේටම පොහොසත්..ඒ විතරක්ද.. ගිය නත්තලට එයාගෙ යලුවෙක්ට බෙන්ස් එකකුත් තෑගි කරා..

    2වෙනි කෙනා: පිස්සු හැදෙයි.. මගෙ පුතා ගුවන් සමාගමකට වැඩ කරන්නේ.. එයා flight scool එකක ඉගෙන ගත්තේ.. එයා එතනින්ම pilot කෙනෙක් වුනා.. ඊට පස්සේ එයාගෙ දක්ෂතාවය නිසාම ඒ company එකේ වත්කම් වලින් බාගයක්ම දැන් එයාගෙ.. එයා එයාගෙ යාලුවට ගිය නත්තලේදි දුන්නේ jet එකක්..

    3වෙනි කෙනා: ඔයාලා මේ මොනවද කතා කරන්නේ.. මගෙ පුතා ඉන්ජිනේරුවෙක්.. එයා ලෝකේ හොඳම විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තේ.. ඉගනීමන් පස්සේ එයා එයාගෙම ඉදිකිරීම ආයතනයක් පටන් ගත්තා.. දැනට ඩුබායි වල හදන ලෝකෙ උසම ගොඩනැගිල්ල හදන්නෙත් එයා.. දැන් ට්‍රිලියනපතියෙක්.. එයා එයාගෙ හොඳම යාලුවට ගිය නත්තලට දුන්නේ වර්ග අඩි 30,000 ක මාලිගාවක් කියලා කීවලු..
    මෑන්ස්ලා තුන් දෙනාම එයාලගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන එකිනෙකාට සුභපතා ගත්තා..

    මේ අතරේ බාත්‍ රූම් ගියපු 4 වෙනි පොර ආවා.. අරගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගෙ පුතා, අපි මේ එයාල ගැන කතා කර කර හිටියේ කියලා,

    4වෙනි කෙනා: මගෙ පුතා gay කෙනෙක්(සමලිංගික).. එයා ඒ වෙනුවෙන්ම තියෙන nightclub වල ඈඳුම් නැතුව නටන කෙනෙක්.. එ වෙනුවෙන් යන කෙනෙක්..
    එතකොට 3වෙනි කෙනා කීවලු, අයියෝ.. මොන තරම් කනගාටුවට දෙයක්ද ඒක.. සමහරවිට අපේ පුතාලට පුලුවන් වෙයි එයාට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා.අනික් අයත් ඒක පිලිගත්තා.. 4වෙනි පොර කීවලු.. මං එයා ගැන ලැජ්ජා වෙන්නේ නෑ මචංලා.. ඒ වගේම මං එයාට ආදරෙයි.. අනික එයා ඒ තරම්ම නරක නෑ.. එයාට පහුගිය නත්තලට තනියම වර්ග අඩි 30,00 ක මාලිගාවකුයි, jet එකකුයි, අලුත්ම ජාතියේ බෙන්ස් එකකුයි ලැබිලා තිබුනා.. එයාගේ boyfriend ලා තුන් දෙනාගෙන්..

    මුහුණු පොතේ ඉංගිරීසි පිටුවකින් උපුටා ගන්නා ලදී..
    විශේෂ ස්තුතිය මහාචාර්‍ය ගුණපාල මලලසේකර මහතාට..
    (හිනා ගියෙ නැත්තං සොරි ඈ)

    ඔන්න ඹක්කොම ටික කොපි කරලාම මෙතන ඇලෙව්වා ඇැැැ
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න පොර දවසක් ඉස්කෝලෙ කැන්ටිං එකෙන් ගත්තලු බනිසක්

    අරං කනතොට එක සැරේටම හැපුනලු මොකක්දෝ එකක්!

    අරං බලද්දි බීඩි කොටයක්ලු!

    ඉතිං පොර ඒකත් අරං ගිහිං කැන්ටිමේ මාමාට කිව්වලු මෙහෙම!
    “බලපං මාමෙ මේකෙ බීඩි කොටයක් තිබ්බා ඇතුලෙ“ කියලා

    ඒ පාර කැන්ටිං මාමා කියනවලු “එහෙනං තව රුපියලක් දීපිය“
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඩොක්ටර් මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්.ටිකක් අමාරුයි.ඉක්මනට එනවද?

    මේ එයාගෙ පළවෙනි බබාද?

    නෑ මේ එයාගෙ හස්බන්ඩ්
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    තිලිණ ගංගන මඩවල
    ඔන්න දැන් දවසක් මෑන්ස්ලා හතර දෙනෙක් බොන්න සෙට් වෙලා හිටියා.. බොන ගමන් එක පොරකට බාත්‍ රූම් එකට පොඩ්ඩක් යන්න ඕනා උනා..පොර ගියා..ඒ අතරේ අනික් තුන් දෙනා කතාවකට වැටුනා.. එයාලා කතා කරේ එයාලාගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන..
    1වෙනි කෙනා: මගෙ පුතා ඉන්නේ සාර්ථකත්වයේ ඉහලම තැන..එය business ගැන ඉගෙන ගත්තා..company එකක ඉහලම තැන ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ.,පොඩි කාලෙකින් ඒ company එකේ සභාපති උනා..එයා දැන් උපරිමේටම පොහොසත්..ඒ විතරක්ද.. ගිය නත්තලට එයාගෙ යලුවෙක්ට බෙන්ස් එකකුත් තෑගි කරා..

    2වෙනි කෙනා: පිස්සු හැදෙයි.. මගෙ පුතා ගුවන් සමාගමකට වැඩ කරන්නේ.. එයා flight scool එකක ඉගෙන ගත්තේ.. එයා එතනින්ම pilot කෙනෙක් වුනා.. ඊට පස්සේ එයාගෙ දක්ෂතාවය නිසාම ඒ company එකේ වත්කම් වලින් බාගයක්ම දැන් එයාගෙ.. එයා එයාගෙ යාලුවට ගිය නත්තලේදි දුන්නේ jet එකක්..

    3වෙනි කෙනා: ඔයාලා මේ මොනවද කතා කරන්නේ.. මගෙ පුතා ඉන්ජිනේරුවෙක්.. එයා ලෝකේ හොඳම විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තේ.. ඉගනීමන් පස්සේ එයා එයාගෙම ඉදිකිරීම ආයතනයක් පටන් ගත්තා.. දැනට ඩුබායි වල හදන ලෝකෙ උසම ගොඩනැගිල්ල හදන්නෙත් එයා.. දැන් ට්‍රිලියනපතියෙක්.. එයා එයාගෙ හොඳම යාලුවට ගිය නත්තලට දුන්නේ වර්ග අඩි 30,000 ක මාලිගාවක් කියලා කීවලු..
    මෑන්ස්ලා තුන් දෙනාම එයාලගෙ පුතාලගෙ සාර්ථකත්වය ගැන එකිනෙකාට සුභපතා ගත්තා..

    මේ අතරේ බාත්‍ රූම් ගියපු 4 වෙනි පොර ආවා.. අරගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගෙ පුතා, අපි මේ එයාල ගැන කතා කර කර හිටියේ කියලා,

    4වෙනි කෙනා: මගෙ පුතා gay කෙනෙක්(සමලිංගික).. එයා ඒ වෙනුවෙන්ම තියෙන nightclub වල ඈඳුම් නැතුව නටන කෙනෙක්.. එ වෙනුවෙන් යන කෙනෙක්..
    එතකොට 3වෙනි කෙනා කීවලු, අයියෝ.. මොන තරම් කනගාටුවට දෙයක්ද ඒක.. සමහරවිට අපේ පුතාලට පුලුවන් වෙයි එයාට හොඳ කෙනෙක් වෙන්න උදව් කරන්න කියලා.අනික් අයත් ඒක පිලිගත්තා.. 4වෙනි පොර කීවලු.. මං එයා ගැන ලැජ්ජා වෙන්නේ නෑ මචංලා.. ඒ වගේම මං එයාට ආදරෙයි.. අනික එයා ඒ තරම්ම නරක නෑ.. එයාට පහුගිය නත්තලට තනියම වර්ග අඩි 30,00 ක මාලිගාවකුයි, jet එකකුයි, අලුත්ම ජාතියේ බෙන්ස් එකකුයි ලැබිලා තිබුනා.. එයාගේ boyfriend ලා තුන් දෙනාගෙන්..

    මුහුණු පොතේ ඉංගිරීසි පිටුවකින් උපුටා ගන්නා ලදී..
    විශේෂ ස්තුතිය මහාචාර්‍ය ගුණපාල මලලසේකර මහතාට..
    (හිනා ගියෙ නැත්තං සොරි ඈ)

    ඔන්න ඹක්කොම ටික කොපි කරලාම මෙතන ඇලෙව්වා ඇැැැ

    :D:D:D
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ආචාරශීලීව මූත්‍රා කරමු!

    පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
    “මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
    මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
    ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
    සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
    “ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
    රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!” :yes:
    ටීචර්- :oo:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේක මව්බිම පත්තරේ තිබ්බේ ඈ.පත්තරේ නොකියෙව්ව යාලුවන්ට තමා මේ කතාව!

    ඔන්න යාපනේ ඉඳන් දෙමල දොස්තර කෙනෙක් සිංහල ගමක ඉස්පිරිතාලෙකට පත්වීමක් හම්බ වුනාලු.මෙයා දෙමල නිසාත් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසාත් මෙයාට සිංහල වහනයක්වත් බැහැල්ලු.ඒත් මෙයාට පත්වීම හම්බුන ගමේ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මෙයාට කිව්වලු මේ ගමේ මිනිස්සු ඉස්පිරිතාලේ එන්නේ උණක් හැදුනම තමා ඒ ඇරෙන්න වෙන ලෙඩකට බෙහෙත් ගන්න එනවා අඩුයි ඒක නිසා එන අයගේ උණ බලලා බෙහෙත් දෙන්න කිව්වලු.

    ඉතින් ඔය විදියට අපේ මේ දොස්තර මහත්තයා එන මිනිස්සුන්ට උණ බලලා බෙහෙත් දුන්නලු අතරින් පතර වෙන ලෙඩත් තියෙනවද කියලා බලලා ඒවාටත් බෙහෙත් දීලා.

    ඔන්න දවසක් මෙයා ගාවට ආච්චි කෙනෙක් ආවලු බෙහෙත් ගන්න.

    ආච්චි : පුතේ මට මැලේරියාව!

    මැලේරියාව කියන වචනේ ඇහුන නිසා දොස්තර දැනගත්තා ලෙඩේ,ඉතින් මෙයා ආච්චිට ඉංග්‍රීසියෙන් කිව්වා ටං එලියට දාන්න කියලා.උපන්තේකට ඉංග්‍රීසි වචනයක් අහලා නැති ආච්චි තමා දන්න ටං එක හැට්ටේ අස්සෙන් එලියට දාලා.

    අනපේක්ෂිත මේ සිද්දියෙන් කලබල වුනු දොස්තර

    no no not this not this කියලා කෑගහනවා.

    අනේ අපේ ආච්චි සිද්දිය තේරුම් අරන් හැට්ටේ අස්සෙන් අනිත් ටං එකත් එලියට දැම්මා.

    අයියෝ සල්ලි ඉතින් දොස්තර මහත්තයා නෝ නෝ නොට් දිස් කියලා ඇඟිල්ල කටට ලං කරලා දිව පෙන්වන්න උත්සහ කරා.

    අන්න ඒ වෙලාවේ නම් ආච්චි සිද්දිය තේරුම් අරන් ඉදන් ඉන්න පුටුවෙන් නැගිටලා තමාගේ ටං දෙකම දොස්තරගේ කටේ ඇතිල්ලුවා!.

    ආච්චිගෙන් බේරිලා එලියට පැනපු දොස්තර දිව්වා ආයේ පස්සවත් නොබලා.මෙහෙම දුවපු දොස්තර ආයේ ඉස්පිරිතාලෙට ඇවිත් තියෙන්නේ සිදත් සඟරාව,කළුසිළුමිණ,ධර්මදීපිකාව,අමාවතුර වගේ සිංහල පොත් රාශියක්ම කියවලා