රාජිති_ගැන_නොදත්_කතාව

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    රාජිති_ගැන_නොදත්_කතාව

    10388083_10152675959149130_106716169207100487_n.jpg



    රාජිත ගැන නොදත් කතාවක්
    කවුද මේ රාජිත කියන්නේ

    චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට්‌ නම් වාණිජ ආයතනයක්‌ පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය කරගෙන යාමයි. ඔවුන් මේ ව්‍යාපාරය විශාල ධනයක් උපයන ජාවාරමක් ලෙස පවත්වාගෙන ගියා. රහස්‌ පොලිසියට ලැබුන තොරතුරක් මත මේ ආයතනයට අයත් ගබඩාවක්‌ වටලලා පරීක්‍ෂණයක් ආරම්භ කළා. එහිදී කල් ඉකුත්වූ බෙහෙත් වර්ගවල පරණ ලේබල් ගළවා ඒ වෙනුවට ඉදිරියට පවතින දින සහිත ලේබල් අලවා ඖෂධ විකුණන නීච ක්‍රියාවලියක් ද සොයා ගැනුණා. මතක තබා ගන්න එම බෙහෙත්වල කල් ඉකුත් වූ දින වෙනස්‌ කොට ඉදිරි දින සහිත ලේබල් අලවා තිබුනේ ආරක්ෂක හමුදාවලට සපයන්න. මෙය එම පරීක්ෂණයෙන් හෙළිදරව් වුණා. මේ සම්බන්ධ සොයාගත් සාක්ෂි මත රාජිතට විරුධව නඩුවක් මහාධිකරණයේ ගොනු කළා.ලස්සනම වැඩේ කියන්නේ නඩු විභාගය ඉවර වෙන්න ආසන්න කාලයේ මේ නඩුව විභාග කරන මහාධිකරණය විනිසුරු සහ රාජිත මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී එකට ආහාර ගන්නා අවස්ථාවක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවකුට හසු වුණා.
    එම පුවත පුවත්පත්වල පළ කළ ද වැඩි කාලයක් නොගෙනම විනිසුරු නඩුව අවසන් කලේ රාජිත නිදහස් කරමින්. ඇති හැකි අය ඉදිරියේ නීතියේ ස්වාධීනත්වය හා මහාධිකරණ විනිසුරුගේ අපක්ෂපාතීතත්වයේ තරමද මේ සිදුවීමෙන් පේනවා.

    නමුත් ඊට එරෙහිව කෝවරන්ටෝ රීට්‌ ආඥවක් මගින් අභියාචනාධිකරණයේ නැවත රාජිතට විරුද්ධව පෙත්සමක් ගොනු කරනවා. දින 10 ක්‌ පුරා පෙත්සම් අංක 1164/98 යටතේ මෙම නඩුව අභියාචනාධිකරණයේ දී විභාග වුණා. ජනාධිපති නීතිඥ චොක්‌සි ඇතුළු රටෙ නමගිය ඉහළම නීතිඥ පිරිසක්‌ රාජිත වෙනුවෙන් පෙනී හිටියා. නමුත් 2000 වසරේ මාර්තු 31 දා අභියාචනාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ රාජිත වැරදිකරු කරමින්. අභියාචනාධිකරණය ඔහු මන්ත්‍රී ධුරයක් දරන්නට නුසුදුස්සෙක් ලෙස තීන්දු කළා. වැරදි ආකාරයට ඖෂධ ජාවාරමක නියැළී උසාවියේ වැරැදිකරු වී මන්ත්‍රී ධූරය ද අහිමි කරගත් පළමු කෙනා රාජිත. එදා හමුදාවට එහෙව් බෙහෙත් සපයපු රාජිතට අද යුධ ජයග්‍රහණයේ විරුවන් ගැන කැක්කුමක් තියෙන්න විදිහක් නෑ. එදා හමුදාවට විෂ බෙහෙත් දුන් කෙනෙකුට අද ත්‍රස්‌තවාදීන් අපේම දරුවන් ලෙස පෙනීම පුදුමෙකුත් නෑ. මම හෘද සාක්ෂ්‍යයක් ඇති මිනිසුන්ගෙන් එක දෙයයි අහන්නේ. මෙවන් අයට තවදුරටත් ඔබ ඔබේ වටිනාම කතිරය ගසන්නේ ඇයි. මොවුන් පාර්ලිමේන්තු යැවිය යුතු මිනිස්සු ද ?

    තව දෙයක් කියන්න ඕන. එදා රාජිතට නීතිය ක්‍රියාත්මක කළ චන්ද්‍රිකාත් රාජිතත් අද එක පැත්තේ. නීති විශාරදයකු ලෙස මෙම නඩුවේ දී රාජිතට එරෙහිව කරුණු දැක්වූ විජේදාසත් ඒ පැත්තේ. ත්‍රිවිධ හමුදාව ඇතුළු රජයේ ඔසුහල්වලට කල් ඉකුත්වූ බෙහෙත් විකුණා දඩුවම් ලැබූ රාජිත අද සෞඛ්‍ය ඇමති. කාලය මොනතරම් දේවල් වෙනස් කරලද ? ඔහු මේ අමාත්‍යංශය ඔහු ඉල්ලලා ගත්තේ. ඔබ හිතනවද පෙර දඩුවමෙන් වැරදි හදාගෙන නිවැරදි වෙන්න ඇති කියා. විෂයභාර ඇමැති කියන ලයිසන් එකත් තියාගෙන අද මොනවද කරන්න බැරි. (බලන්න පළමු කමෙන්ට් එකත්)

    රත්තනදෙණියේ මේධානන්ද හිමි
     
    • Like
    Reactions: sarpaya

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔන්න පේනව නේද.ඔය වගේ පර වැඩ කරන උන්ව තමා මැරෙන්න ගිහිනුත් බේරෙන්නේ..කෝ කර්මය??
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I heard that this guy’s two government jobs were the questions. He was a supplier and same time was a member of the parliament. Anura Bandaranaike filed that Quo Warranto action according to my memory. This guy simply transferred the supplying business to wife or someone then saved his position at the Parliament.
    Why there’s no mention about the PRAA?
    These are businessmen. People just feed these crooks and their children.
    People don’t see that there’s no difference in UNP SLFP SLPP JVP. All of them want the power to share the big portion and want to live luxuriously using taxpayers’ money.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රාජිත ගිය ජන්දෙදී උගේ අාසනයත් පැරදුනා..මිනිස්සු තමා හැම පැත්තෙන්ම වැරදි.දේශපාලුවෝ කරන වැරදි වලට මිනිස්සුන්ට බැනලා වැඩක් තියෙනවද.ලංකාවේ දේශපාලුවෝ වෙනස් වෙන්නේ බලය ගත්තට පස්සේ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න පේනව නේද.ඔය වගේ පර වැඩ කරන උන්ව තමා මැරෙන්න ගිහිනුත් බේරෙන්නේ..කෝ කර්මය??


    කරන කලට පව් මිහිරිය මි සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ



    ලංකාව විතරක් නෙමේ ලෝකෙම හොල්ලන් හිටපු ප්‍රභාකරන් ,සදාම් හුසේන් ,බින් ලාඩන් ලට මොකද වුනේ අන්තිමට



    කොටින්ම ඇගේ මවිල් ඔක්කොම ගාල කිරිකල හතකින් කන්යාවියන්ට කියල නාවගෙනත් අන්තිමේ ප්‍රේමදාසට බේරෙන්න ලැබුනද ?


    කකුළුවා නටන්නේ දිය හැලිය රත්වෙනකන් විතරයි බන් ..


    කරපුව ගෙවන්න වෙනවා කවදාහරි ..:yes::yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මරුසිරා;23217147 said:
    කරන කලට පව් මිහිරිය මි සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ



    ලංකාව විතරක් නෙමේ ලෝකෙම හොල්ලන් හිටපු ප්‍රභාකරන් ,සදාම් හුසේන් ,බින් ලාඩන් ලට මොකද වුනේ අන්තිමට



    කොටින්ම ඇගේ මවිල් ඔක්කොම ගාල කිරිකල හතකින් කන්යාවියන්ට කියල නාවගෙනත් අන්තිමේ ප්‍රේමදාසට බේරෙන්න ලැබුනද ?


    කකුළුවා නටන්නේ දිය හැලිය රත්වෙනකන් විතරයි බන් ..


    කරපුව ගෙවන්න වෙනවා කවදාහරි ..:yes::yes:


    මූ මැරෙන්න ගිහින් බේරුණ ඵකෙක්.මවුන්ට් ඵළිසබත් ඵකට කෝටි ගාණක බිල ගෙව්වෙත් අපේ සල්ලි වලින්.තවත් මූ ජීවත් වෙනවා.මූ නාකි වෙලා මැරිලා අැති වැඩේ මොකක්ද බං.ඒක ඉතිං කොහොමත් වෙන දේනේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔන්න පේනව නේද.ඔය වගේ පර වැඩ කරන උන්ව තමා මැරෙන්න ගිහිනුත් බේරෙන්නේ..කෝ කර්මය??

    කෝ කර්මය?:yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    bump

    සෞඛ්‍යය දේපාර්තමේන්තු දියුණු කරනවා තියා හිතන්නවත් පුලුවන් ද මෙහෙම අපතයො ඇමතිලනන්...

    මුන් තමයි ඇත්තම ත්‍රස්තවාදී :angry:
     
    Last edited: