රාමා සීතාට ලංකාවේ ලස්සන පෙන්නපු කරත්ත පාර
මහ වැස්සක් දිහා බලාගෙන ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට හිත නිකන්ම අවුරුදු 03 ක විතර පරන මතකයක් හොයා ගෙන ගියා...
"සුපුනාගේ එක්සෑම් ඉවරයිලු යමන්ද කොහේ හරි" මහ පාන්දර තුනට විතර කුකුවාගෙන් msg එකක් එනවා. සුපුරුදු පරිදි මගේ රිප්ලයි එක "සතියේ දවසක නම් හා"
ඔන්න ඔහොමයි රාමා සීතාව ලංකාවේ ලස්සන පෙන්නන්න එක්කන් ගිය චැරියට් පාත් යන්න කට්ටිය සෙට් උනේ. කාලෙක ඉදන් ප්ලෑන් කෙරුනත් එක්සෑම් ,නිවාඩු ප්‍රශ්න හින්ද ටිකෙන් ටික කල් ගිය මේ ගමන එකපාරටම සතියේ මැද වැටුන පෝය දවසටදාගත්තෙ.
දවස් දෙක තුනකින් ප්ලෑන් කරලා හතරදෙනා උදේ 6.00 ට පිටත්වෙන වැලිමඩ බස් එකට සෙට් උනේ පුස්සැල්ලාවෙන් පෙරට්ටාසි වලට යන බස් එක අල්ලගන්න. 10 ට විතර පුස්සැල්ලාවෙන් බැහලා පෙරට්ටාසි වලට යන්න බස් එක හොයද්දි තමා ඉහමොල රත් උනේ "පුතේ අද පෝය නේ පෝයට පෙරට්ටාසි බස් එක වැඩ කරන්නේ නෑ" ලග හිටපු අන්කල් කෙනෙක් කියපි.
තඩි බෑග් හතරක් උස්සගෙන කොල්ලෝ 4 ක් ට්‍රීවිල් වලට කතා කරද්දි "ත්‍රීවිල් දෙකක් යනවා නම් යං " කියන පිලිතුර තමා ලැබුනේ...
දැන් මොනා කරන්නද පයින් හරි යමන් කියලා කතාවෙද්දි කෑම කඩේ අන්කල් අපේ මූනු දැකලා මුන් අද කොහොම හරි යයි කියලා කොහෙන්දෝ පියාජියෝ වීල් එකක් සෙට් කරලා දුන්නේ දෙයියෝ බැලුවා වගේ. කොයින් කොහොම හරි පුස්සැල්ලාවේ ඉදන් ලස්සන තේවතු මැද්දෙන් කොත්මලේ ජලාශේ ලස්සනත් බල බලා කොයින් කොහොම හරි පෙරට්ටාසි වලට ආවා.(පාර ගැන නම් කියන්න දෙයක් නෑ. එතරම් සුපිරි, විල් එකෙන් බහිද්දී ඔලුව ගෙඩි ගැහිලා ).
වැහි මන්දාරමකින් අහස වහගනිද්දි වතුරපාරෙන් වතුරත් පුරවගෙන ලීක්ස් කැරට් වතු එක යායට විහිදුන තේ වත්ත අස්සෙන් හෙමින් හෙමින් උඩට යන්න පටන්ගත්තේ පරිසරේ ලස්සන උපරිමේටම විද ගන්න ගමන්. වැහි දෙයියොත් ඉදලා හිටලා පොඩි පොදයක් එහම දුන්නේ නැතුවාම නෙවෙ. වැස්සේ තෙමි තෙමි හෙමින් හෙමින් උඩට එද්දි ගානට හවස් වෙලා.
Sun set එකේ ලස්සන ඇත්තටම දැක්කේ එදා වැස්ස නිසා පොඩ්ඩක් අඩු උනත් දිව්‍යලෝකෙද කියලා හිතෙන තරම් ඒ ලස්සන උපරිමේට විදගෙන හුලං කපොල්ලට පොඩ්ඩ්ක් මෙහාට වෙන්න කෑම්ප් ගැහුවා.
නොහිතපු විදියට ආපු වැස්ස නිසා ගිනිමැලයක් වත් ගහගන්න විදියක් නැතුව සීතලේ වෙව්ල වෙව්ල ගෙනාපු බිස්කට් කකා එලියටවත් යාගන්න බැරුව ටෙන්ට් ඇතුලේ රැය පහන් කරන අමුතුම අත්දැකීමත් ලැබුනා.වොට පෘෆ් නැති නිසා වතුරේම නිදා ගත්තා (ගෑස් කුකර් නැතුව ගිනි මැලයක් ගහලා නූඩ්ලස් හදන් තේකක් බොන්න ප්ලෑන් එකේ හිටිය නිසා බිස්කට් පැකට් කීපයක් ඇර වෙන මොකුන් ගෙනල්ල තිබ්බෙ නෑ එකෙක්වත්) [අමුවෙන් මැගී noodles වල පැකට් එක යි noodles එක්ක පට්ට රහයි කියල තේරුනේ එදා.]
පාන්දර වෙද්දි වැස්ස නැවතිලා අහස පැහැදිලි උනාම තරු වලින් පිරුනු විසල් අහස මීදුමෙන් වටවෙලා තනිවෙලා ඉන්න අත්දැකීම ජීවිතේ වරක් හරි විදලම බලන්න ඕනේ දෙයක්.
උදේ 05-06ට විතර sun rise එකේ ලස්සනත් බලලා, වැස්ස නිසා ගන්න බැරි උන පොටෝ ශූට් එකත් අරගෙන. බොඹරු ඇල්ල බලන්නත් ප්ලෑන් එකෙ තිබ්බ නිසා සුපුරුදු විදියටම ගෙනිච්ච ඔක්කොම කඩදාසි පොලිතීන් ටික අරගෙන හෙමින් හෙමින් පල්ලම්
බැස්සා .
ගමට ආවාම ආයෙත් අකරතැබ්බ ගොන්නකට මූනදෙද්දී, කොරේ පිට මරේ කියල ආපහු ගමනේ දී වැස්සත් අපිට තෑගී දෙන්න පටන් ගත්තා...
වැස්සෙ ඉනක් වතුරේ බැහලා එකෙක්ගේ කොන්දකුත් කඩා ගෙන කිලෝමීටර් ගානක් පයින් තේවතු මැද්දෙන් රම්බොඩ ඇල්ලත් බලාගෙන මහාමාර්ගෙට මඩ කාවයියෝ වගේ ගොඩ වැදුන ඉතිරි කතාව පස්සෙ කියන්නම්...
ලංකාවේ ලස්සන බලන්න යන්නම ඕන ගමනක්, "යන්න විදින්න ඒ ලස්සන, මතකයන් අරගෙන පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න "
අතරමගදී දැක්ක ලංකාවේ තේ දල්ලක ලස්සන
මන් සලකුණු ...
කරත්ත පාරට කලින් ..
ඉර නගින වෙලාවේ ...
අතරමගදී ...
දිව්‍ය ලෝකේ ඉදන් , හිරු දෙව් නමස්කාරය
සමුගැනීමට මොහොතක්...

Last edited: