උබ මොන වාහනේ එලෙවුවත් උබට හුරු විදියක් තියා ගනින්.ඒ කියන්නේ උබ එලවන්නේ සෙරප්පු දෙක ගලවල නම් උබ බෙන්ස් එකක් එලවන්න ගියත් සෙරප්පු දෙක ගලවපන්. හැම තිස්සෙම උබට හුරු විදියටම ඉදගන්න බලහන්
අනිත් එක වාඩි උන ගමන් සීට් එක හදා ගනින්. මොකද හදිස්සියකට break ගහගන්න කකුල දිග තියෙන්න එපැයි.සීට් එක හදා ගන්න ඕනේ කරදරයක් නැතුව clutch, break, accelerator පාගන්න පුලුවන් ගනාට
එහෙනම් සීට් එක හදා ගත්තම ඊලගට side mirrors දෙක හදා ගනින් තිතටම.. මොකද උබේ දෙවෙනි ඇසි දෙක තමා ඕක.
දිග,පලල ගැන. ඉස්සරහ හොම්බ කොච්චරක් දිගයිද... ඕක හරියට නොදැන උබට රින්ගන්න තියා හරියට over-take එකක් දාගන්නවත් බෑ
අනිත් දේ තමයි උබ කොයි තරම් ලොකු අයිය කෙනෙක් උනත් පාරෙදි මුරන්ඩු කම අඩු කරහන්. මිනිහෙක් පාර පනින්න ඉන්නව නම් නවත්තලා පනින්න දියන්.වාහනයක් පාරට දාන්න බලාගෙන ඉන්නව නම් පොඩි chance එකක් දියන්. මම අත්දැකීමෙන් කියන්නේ ඔය වගේ දේවල් නිසා උබෙ ගමන උබට කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන් කමක් ලැබෙයි.
Speed එක වැඩි කරන හැම වෙලේම වාහනේ ඉන්න අනිත් අය ගැන හිතපන්
මට වැදගත් වුනුටික තමා මේ. එත් මචන් BIKE එලවන ඒවුන් එක්ක මට මාර තරහක් තියෙන්නේ. අයි බන් උන් මාර මැදම යන්නේ. හිතාගන්න බැ . මම BIKE එකේ යනකොට අයිනෙන් යන්නේ. එත් උන්ට ඒවගේ RIDE කරන්න බේරී ඇයි ..................................?