රුපියලකින් කල හැකි දේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රුපියලකින් කල හැකි දේ

    රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්
    1. කාසියේ වාසිය උරගා බැලීම.
    2. පඬුරු ලෙස පාවිච්චි කිරීම.
    3. රීලෝඩ් කාඩ් සීරීම.
    4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම.
    5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම.
    6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම.
    7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!)
    8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000)
    9. ක්ෂණික ලොතරැයි සීරීම.
    10. හිලක් විද කී ටැග් එකක් ලෙස හෝ ඇණ මුරිච්චි සඳහා පාවිච්චි කිරීම.
    11. දාම් වැනි ක්‍රීඩා වලදී ඉත්තන් ලෙස භාවිතය.
    12. බස් වල කොන්දන් වැඩිපුර සල්ලි ගැරීම වැළැක්වීම.
    13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම.
    14. රුපියල පිළිබඳ මෙවැනි මත විමසුම් පැවැත්වීම.
    15. ඕනෑම නෙට්වර්ක් එකකට SMS 3 ක් යැවීම. (රු: 0.07ක් ඉතිරි වේ.)
    16. යාචකයන්ට පරිත්‍යාග කිරීම (ගුටි කෑමට සිදුවුවහොත් මගේ කණගාටුව)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම :lol:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් කාලෙ රුපියලක් පාරෙ වැටිල තිබුනත් එකෙක්වත් ඇහිදින්නෙ නෑ..ඇහිදින්න නැමෙන එකත් අපරාදෙ නිසා..:P