~ රූ ක ඩ කෝළම් ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කියන වෙලාවට නටන හා නැටවෙන මිනිසුන් ඇති අපේ පවතින සමාජය රූකඩ ලෙස බා ගැනීමට බාහිර බලවේග අපේ රට ප්‍රමුඛ පෙලේ කේන්ද්‍රස්ථානයක් කරගෙන..

විවිධ අයුරින් අපිව නටවන මේ බටහිර බලවේග හා උන්ගේ ඩොලර් කුට්ටි සාක්කුවේ රුවා ගත්,උන්ගේ නුල මත ක්‍රියාකාරි වන රට බල්ලට ගියත් තමන්ගේ බලය ගැනම හිතන දේශීය බලවේග හා පරගැති දේශපාලුවන් සහමුලින් අතු ගා දමන තුරු අපි නැටවෙන එක කිසිවෙකුට වලක්වන්න බෑ...

අපි අපිම තේරුම් ගෙන නටන හා නැටවෙන එක නවත්ත ගත්තොත් අපිට රටක් ඉතුරුවෙයි හෙට දවසට...

නංගියා නිර්මානයට යොදාගෙන ඇති ප්‍රබල පදවැලින් හා සුක්ෂමව අතරින් පතර යොදා ගත් ප්‍රහසනමය රටාව නිර්මානයට එක්කරලා තියෙන්නේ ලොකු ආලෝකයක් හා දීලා තියෙන්නේ ලොකු තල්ලුවක්..

නොකියම බැරි දෙයක් පසුබිම් චිත්‍ර රූපණය..එය නිර්මානය උද්දීපනය කරන්නක් කීවොත් වඩා නිවැරදියි....

ඉතා සාර්ථක... ඉහල මට්ටමේ ජනතා අවදිකිරීමක්...

ඔබට ජය.....
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this could also be about obsessions ..when you are obsessed with some thought or something you go on doing weird things in a very self destructive way. as in drugs ...lol i know this is not what you meant but it simply reminded me of a song that was about drug addictions
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඉතාමත් ලස්සණ අද කාලයට ඔබින නිර්මානයක් නංගී.
    අද සමාජයේ ගොඩක් දෙනෙක් දේශපාලකයන්ගේ රූකඩ බවට පත්වෙලා, උන්ගේ අතේ තිබෙන නූලෙන් තමන්ගේ ජනතාව නටවන එක තමා කරන්නෙ. ඇයි අපි මේ තවත් කෙනෙකු විසින් නටවනු ලබන රූකඩයක් බවට පත් වෙන්න උත්සාහ කරන්නෙ.
    ලස්සණ අදහසක් . හදවතින්ම සුභ පතමි.

    සමන්ත අයියා කාලෙකට පස්සෙ...
    බොහොම ස්තුතියි අයියේ....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙන්න මම Track පැන්න
    මට හිතුනෙ වෙන එකක්
    අපිව නටවන්නෙ මාරයා
    තන්හාව කියන නූල් වලින් අපෙ අත පය ගැට ගහල...

    Koma unath kawiya elakiri... :)



    ඔව්..මාරයත් නටවනවා අපිව...තව තව අයත් නටවනව...
    සමහරු රූකඩ වෙල නටනව....

    ස්තුතියි ඔයාගේ අදහසට
     

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    රූකඩයෝ අපි රූකඩයෝ...කවදා නම් අපි නිදහස් වෙම&#3


    රූකඩ මානසිකත්වයෙන් මිදෙමු...විශිෂ්ඨ නිර්මාණයක්...!

    හරිම ලස්සන අදහසක්.
    කලින් එක වගේම අර්ථාන්විතයි ඔබේ නිර්මාණය.


    මට මේක දකිද්දි එක්තරා සිදුවීමක් මතක් වෙලා මෙම නිර්මාණයේ ඇති වටිනාකම හොදින්ම තේරුණා. ඒ නිසා ටිකක් වැඩිපුර කතා කරන්නං.:)

    දවසක් මාරයා බුදු රජාණන් වහන්සේ ලගට ඇවිල්ලා මෙහෙම කියනවා...!

    "ශ්‍රමණය, ඔය ඇස මගේ...ඔය ඇසට පෙනෙන රූපත් මගේ...ඇසේ ඇතිවෙන දැනගැනීමත් මගේ.."

    "ඔව් මාරය, මේ ඇස නුඹේ තමයි...මේ ඇසට පෙනෙන රූපත් නුඹේ තමයි...ඇසේ ඇතිවන දැනගැනීමත් නුඹේම තමයි. ඒවගේම මාරය,
    යම් තැනක ඇසක් නැතිනම්, පෙනෙන්නට රූපත් නැතිනම්, ඒ රූපවල දැනීමක් ද නැත්තං...ඔබේ කෙරුවාවල් සියල්ලම ඉවරයි"

    (කස්සක සූත්‍රය - සංයුත්ත නිකාය 1)


    මෙම සූත්‍රයේදි ඇස විතරක් නොවෙයි...කණ, නාසය, දිව, කය සහ මනසත් තමන්ගේ යයි
    මාරයා කියනවා. මේ සෑම අවස්ථාවක දීම බුදු රජාණන් වහන්සේ මේ අයුරින් ම ඒ සියල්ල
    මාරයාගේ බව පවසා මාරයාගේ කෙරුවාවල් නවතින තැන ද පෙන්වා දුන්නා.

    ඇත්තටම අපිත් රූකඩ වගේ. අපේ රූකඩේ නූල් සවිවෙලා තියෙන තැන් හයක්
    තියෙනවා. ඒ තැන් හය තමයි..අපේ ඇස, කණ, නාසය, දිව, කය සහ මනස..!
    ඒ තැන් සියල්ල නටවන්නේ මාරයා අමුණපු නූල් වලින්.

    ඇසට අමුණපු නූල තමයි...රූප..!
    කණට අමුණපු නූල තමයි...ශබ්ද...!
    නාසයට අමුණපු නූල තමයි...සුවද සහ ගද..!
    දිවට අමුණපු නූල තමයි...රසය..!
    කයට අමුණපු නූල තමයි...පහස...!
    මනසට අමුණපු නූල තමයි...සිතිවිලි...!

    මේ සියල්ලෙන් අපි නැටවෙනවා..! බස් එකක යද්දි හරි...රූමත් කාන්තාවක් දැක්කොත්
    ඔලුව ඉබේම හැරවෙන්නෙ...ඇසට රූපය නූලක් වගේ සවිවෙලා තියෙන නිසයි...!

    මිහිරි ගීතයක් ඇහුණොත් කණ ඉබේම ඒ දෙසට යොමුවෙන්නේ...කණට ශබ්දය නූලක් වගේ
    ඇමිණිලා තියෙන නිසයි...!

    නාසයට ඉමිහිරි සුවදක් දැණුනොත් ඒ සුවද දෙසට නාසය යොමුවන්නේ...නාසයට සුවද
    නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!(ඉස්සර තිබුණ කැප්රි ඇඩ් එක මතක ඇති)

    දිවට මිහිරි රසයක් යන්තමින් හෝ දැණුන විට...තව තවත් ඒ රසය හොයන්නෙත්
    දිවට රසය නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි..!(මැගී ඇඩ් එක, කේක් ඇඩ්,...මතක් කරල බලන්න)

    කයට මිහිරි පහසක් දැණුනොත් ඒ පහස සොයාගෙන, මහ රෑ ගෙවල් වලට හොරෙන්, ලෙඩ රෝග
    ගැන නොසිතා, නින්දා ගැන නොසිතා, අනාචාරෙ යන්නෙත්...කයට පහස නූලක් වගේ
    ඇමිණිලා තියෙන නිසයි...!

    මනසට ‍සිතිවිල්ලක් හිතුනම...පැය ගණන් ඉන්න තැන පවා අමතක වෙලා ගිහින්, මනෝ පාර ගහන්නෙත්....මනසට සිතිවිලි නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!

    බලන්න දවස පුරාවට කොයිතරම් නටනවද..! උපන් දා සිට කොහොම නැටිල්ලක් අපි නටන්න ඇද්ද..! :nerd:
    ශේක්ශ්පියර් මේ ධර්මය දැනගෙන හිටියෙ නැතත්, එයා කිව්වා...ජීවිතය කියන්නෙ
    රග මඩලක් කියලා..අපි එහි නලුවන් බව. එය සැබෑමයි. ඒත් ඇත්ත කතාව එක්ක බලද්දි ටිකක්
    වෙනස්..! ඒ මොකද...නලුව දන්නවා..රගපාද්දි ඊළගට වෙන දේ..! ඒත් අපි දන්නෙ නැ..හෙට
    අපි මැරෙයිද කියලවත්..! එහෙනං ජීවිතය නිකම්ම නිකම් රග මඩලක් නොවේ..! දිලක්ෂිකා
    සොයුරි කිව්වා වගේ..ජිවිතය කියන්නේ...රූකඩ රග මඩලක්. රූකඩයා පිටපත ගැන දන්නෙ නෑ.
    රූකඩයා ඊළගට වෙන දේ දන්නෙ නෑ. නූල සෙලවෙද්දි අතපය සොලවනවා. ඒ වගේම යි නේද
    අපේ ජීවිතත්..!

    ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ..?

    නූල් ටික ගලවගන්න ඔන..නටවන කෙනාට තේරෙන්නෙ නැති වෙන්න.:nerd:
    අපි ඇසත් රූපයත් අපිව නටවන්නේ කුමක් නිසාද කියල හොයාගෙන...ඇසත්
    රූපයත් අතර තියෙන සම්බන්ධය කඩාගත්තනං හරි. ඇසත් රූපයත් බැදිල තියෙන්නේ
    තණ්හාව නිසයි...ඒකට කියනවා ආශාව, බන්ධනය, රාග‍ය. මේ සියල්ල එකම
    තැනකින් බිදුන වචනයි. ආශාවක් නැත්තං ලස්සන රූපයක් අහම්බෙන් දැක්කත්..
    දෙවැනි වර බලන්නේ නැහැ. ඉතින් පස්සෙන් යාම ගැන කවර කතාද?
    ඔන්න නූල කඩාගන්න තැන..!

    දැන් ඉතින් නට නට හිටියා ඇති කියල හිතුණ දාට...මේ තණ්හාව කියන ගැටය
    ලිහල දාල නූල් ටික ගලවලා දාල මේ සංසාරෙම නටපු නැටිල්ලෙන් සදහටම
    නිදහස් වී...සැබෑ නිදහස භුක්ති විදිමු. සැබෑ නිදහස යනු මෙය මිස..යුද්ධයකින්
    ලැබෙන ජය නොවේ. එය තාවකාලිකයි. මේ නිදහස් වීමෙන් ඔහු හො ඇය මිදෙන්නේ
    මේ නටන්නං වාලෙ නට නට දුක් විදින මාරයාගේ විජිතය වූ සංසාරයෙනුයි.

    ඉතාම අර්ථාන්විත නිර්මාණයක් කළ දිලක්ෂිකා සොයුරී,

    මේ සියලු දුකෙන් අතමිදී...රූකඩ භාවයෙන් මිදි..සදාකාලික නිදහස භුක්ති විදින්නට...
    ඔබතුමියටත් ‍වාසනාව උදා වේවා..!

    සදා ජය....!


    අයියණ්ඩි
    :nerd::nerd::nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: Chathura141

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාලීන රූකඩ කෝලමක්...

    අපූරු නිර්මාණයක් දිල් අක්කියෝ...
    තව තවත් නිර්මාණ කරන්න අක්කියට‍ ධෛර්යය හා ශක්තිය නිබද ලැබේවා!!!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නූල කැඩුන දවසට රෑකඩේ බිම. එතකන් නටනවා.
    ඊට කලින් ඒක තේරැම් ගැනීම තමයි වැදගත් වෙන්නේ.
    එහෙම තේරැම් ගන්නවා නම් ඒක වඩාත් හොදයි..
    11.gif
    11.gif
    11.gif
    .


    ඒකනෙ කියන්නනේ......ඔයාටනම් තේරුනා නේද ?
    ස්තුතියි අදහසට මිස්සක
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට තියෙන ගැටලුව අපේ අතේ ඔය තියෙනවා කියන නූල කොච්චර හයියද කියන එකයි.. අනෙක් එක අපි ඒ නූල හරවන පැත්තටමද ඔය රූකඩ ටික හැරෙන්නෙත් කියලයි..

    සාර්ථක නිර්මාණයක් අක්කේ !