රෙද්ද කඩලයි තියෙන්නෙ

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    රෙද්ද කඩලයි තියෙන්නෙ

    පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...

    කෑම බෙදලයි තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...


    කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...

    වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...


    කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...

    පැදුර එලලයි තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...

    දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...

    රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........

    :D ela
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙය ජින්තුවාගේ සත්‍ය අත්දැකීමක් බව කරුණාවෙන් සලකන්න :P