දවස ගානේ නාවන්න එපා කියපන් බන්.. නැචුරලි බල්ලන්ගේ ඇඟේ නිකන් ඔයිලි ගතියක් වගේ තියෙනවා. ඒක උන්ට තියෙන්න ඕන. වැඩිපුර නාවන්න ගියාම උන්ගේ ලෝම යන්න ගන්නවා, තව හමේ බැක්ටීරියා ඕ ෆන්ගස් වගේ එන්න ගන්නවා. මං නම් අපේ ඒකා නාවන්නේ සතියකට සැරයයි. පැටියා කාලේ නම් තෙත රෙද්දකින් පිහ දැම්මේ. මං දන්න උන් බල්ලා නාවන්නේ, බල්ලා පොඩ්ඩක් ගඳ ගහන්න වගේ ගන්නකොට. කක්කා දාන එක නම් ඉතින් ඕන පැටියෙක් කරන වැඩක් නේ බන්. ඒක නම් ඉබේටම එළියට යන්න පුරුදු වෙයි. අපේ ඒකා නම් ඉබේම එළියට පුරුදු උනා. සමහර උන් කක්කා දාන්න රෙඩි වෙනකොට කියන්න පුළුවන්, එතකොට ටක් ගාලා උස්සගෙන එළියට දුවපන්. සමහර බ්රීඩස්ලා නම් කියන්නේ පැටියා මොකක් හරි වැරැද්දක් කරපු ගමන්ම පොඩි ඉරටු කෑල්ලකින් පිටිපස්සේ කකුලට හෙමීට ගහන්න කියලා. මේක වැරැද්ද කරලා තත්පර 15 ඇතුලත කරන්න කියන්නේ. පැටියා කාලේ හොඳට පරිස්සම් කර ගනින්. අමු මාළු මස් වගේ දිරවන්නේ නැති ඒවා කන්න දෙන්න එපා. අපේ ඒකා බට්ටා කාලේ කුණු වලට දාලා තිබුන අමු මාළු වගයක් කාලා, වමනේ දාන්නයි බඩ යන්නයි ගත්තා. මං දවස් තුන හතරක් යනකල් දිවා රෑ හෙන ගේමක් ඇදලා මිනිහා ගොඩ ගත්තේ. හොඳටම භය වෙලා හිටියේ ඒ දවස් වල නම්. දැන් අපේ ඒකාගෙන් තියෙන ලොකුම අවුල තමයි, මේකා ගෙදරට එන එන ඒකා හපන්න පුරුදු වෙලා තියෙන එක. දැන් දවස් තුනකට කලින් ලියුම් බෙදන පොරගේ අත එක පාරයි, කකුල දෙපාරයි ඇල්ලුවා. අන්තිමේදි දොස්තර ගාවට එක්කගෙන යන්න උනා. අපේ තාත්තට විතරයි ඌ සැරෙන්ඩර්, මාව නම් තඹේකට ගන්නෙ නෑ. ඒ නිසා හොඳට ට්රේන් කරපන්, විශේෂයෙන්ම ඕකා රොටෙක් නිසා. අනිත් එක තමයි සල්ලි කියලා බලන්න බෑ වියදම් කරන්න වෙනවා ඕකව හදන්න නම්. තව, Akilar ගෙනුත් අහපන්. පොර ඉතින් බලු එක්ස්පට්. මමත් මේ ලඟදි උගෙන් තමා සහය ලබා ගත්තේ..