රෝද දෙකේ සංචාරය #2 - Knuckles waterfall hunting

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    මේ ගමන යන්න පිටත් උනේ පාන්දර 4.45ට විතර. හුලුගඟ town එකට ඇවිත් අලකොල state එකට එනකොට උදේ 9ට විතර ඇති. යන පාරත් ලස්සන තැන් සෙට් උනා.

    IMG-1534.jpg
    IMG-1532.jpg


    මුලින්ම ගියේ තලිය වැටුන ඇල්ල බලන්න. අලකොල ඇල්ල කියලත් සමහර තැන්වල තියනවා. google map location දාගෙන යන්න. state එක පාර දිගේ යනකොට පහල photo එකේ වගේ තැනක් හම්බෙනවා වංගුවක් එක්ක. එකේ ගහලා තියනවා ඇල්ල පැත්තට ඊතලයක්. එතන වාහන දාලා තමා දියඇල්ල ගාවට යන්න තියෙන්නේ. එතන ඉදන් දියඇල්ලත් පේනවා.

    IMG-20230204-103152.jpg
    IMG-20230204-103225.jpg


    වාහන දාලා යන තැන ඉදන් දියඇල්ල ගාවට යන්න විනාඩි 20ක විතර walk එකක් තියනවා. පොඩි අඩිපාරක් තියෙන්නේ. හොයාගෙන යන්න පුලුවන්. පහල පළවෙනි photo එකේ වගේ අඩිපාර තියෙන්නේ. ලස්සන දියඇල්ලක්. අහ් අනිත් එක මේකට තාම ටිකට් ගන්නේ නැ. state එකට යද්දිත් කවුරුත් මුකුත් ඇහුවේ නැ. gates දාලා වහලා සීන් මුකුත් තිබ්බෙත් නැ.

    IMG-20230204-091533.jpg
    IMG-20230204-092652.jpg


    IMG-20230204-094551.jpg
    IMG-20230204-100046.jpg


    එතනත් ටිකක් වෙලා ඉදලා ආපහු හුලුගඟ town එකට ආවා. එතනම තමා හුලුගඟ ඇල්ල තියෙන්නේ. මේකට 50 LKR ටිකට් එකක් ගන්නවා. මෙතන view point එකක් වෙනම තියනවා. එතන ගස් වැවිලා හින්දා හොඳ view එකක් නැ. පඩිපෙල දිගේ පහලට ගිහින් බලන්න පුලුවන්. පාරේ ඉදන් පහලටම පඩිපෙල තියනවා. තව පාලම උඩ ඉදන් town එකට එන මඟ ඉදලත් දියඇල්ල උඩ ඉදන් view එක බලන්න පුලුවන්.

    IMG-20230204-104929.jpg
    IMG-20230204-105635.jpg


    ඊළගට ගියේ ජොඩු ඇල්ල බලන්න. google map location එක හරි. meditation center එකක් හම්බෙනවා. එතනට වෙනකන් වාහනවල යන්න පුලුවන්. ඊට පස්සේ අඩිපාර තියෙන්නේ. දියඇල්ලට යන පාර කියලා ගහලා නැ. හොයාගෙන යන්න පුලුවන්. විනාඩි 15ක් වගේ hike එකක් තියෙන්නේ. ටිකට් ගන්නේ නැ.

    IMG-20230204-122443.jpg
    IMG-20230204-122617.jpg


    ඊළගට ගියේ සාරි ඇල්ල බලන්න. මෙතනත් google map location එක හරි. පාර අයිනේ වාහන දාල ටිකක් පහලට බහින්න තියෙන්නේ. වාහන දාන තැනට දියඇල්ල පහල photo එකේ වගේ පේනවා. මෙතනත් ටිකක් නැ.

    google map location හරි කියලා හැමතැනම දැම්මට පාරේ ඉන්න කාගෙන් හරි අහලා ගියේ. ඒ තරන් map එක ආතල් දෙන නිසා :lol:


    IMG-20230204-125900.jpg
    IMG-20230204-130513.jpg


    මේ ටික තමා මේ සැරේ බැලුවේ. තව ලෙබනන් ඇල්ල තිබ්බා. එක බලන්න ගියේ නැ. ගියොත් එකටත් යන්න. :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    මරු බන්.😍 හැබැයි උඹ බලන්න ඕනම ඇල්ල බලලා නෑ. වට ඇල්ල. තනියමද බන් ගියේ? මට තනියම යන්න කම්මැලියි නේ බන්. මාර සීන් එක. 🙁
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    Nice bro, Huluganga kiwwama mathak wenne, KMP, Thunhisgala, duwili Ella yana tika, dan itin yanna denne nane
    මේ hike එක යන්න ඕනේ කවදාහරි. අවසර අරන් යන්න පුලුවන් ඇති. :rolleyes:
    උඹ කොහේ ඉඳන්ද ගියේ පාන්දර 4.45 වෙද්දි?
    කොළඹ ඉදලා:D
    මරු බන්.😍 හැබැයි උඹ බලන්න ඕනම ඇල්ල බලලා නෑ. වට ඇල්ල. තනියමද බන් ගියේ? මට තනියම යන්න කම්මැලියි නේ බන්. මාර සීන් එක. 🙁
    ඒ ඇල්ල කොහේද සෙට් වෙන්නේ. වට ඇල්ල කියලා එකක් බුලත්කොහුපිටියේනන් තියනවා. :confused:
    තනියම නෙමේ ගියේ :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    මේ hike එක යන්න ඕනේ කවදාහරි. අවසර අරන් යන්න පුලුවන් ඇති. :rolleyes:

    කොළඹ ඉදලා:D

    ඒ ඇල්ල කොහේද සෙට් වෙන්නේ. වට ඇල්ල කියලා එකක් බුලත්කොහුපිටියේනන් තියනවා. :confused:
    තනියම නෙමේ ගියේ :yes:
    කොඹල කියන්නෙ දිස්ත්‍රික්කයක්. හරි හමන් ටවුමක නමක් කියපන්. කොඹල 01ද, දෙකද, තුනද?
     
    • Haha
    Reactions: lgayyamp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    තනියම යද්දි බයික්කෙ ලෙඩක් ආවොත් කියලයි මට තියෙන ලොකුම බය... 🥴
    මොකෝ උබ ගෙදර තියන් හිටියා කියලා ඔකේ පිටිපස්සේ ගෑනු සතෙක්වත් නග්ගගෙන ගිහින් තියේද?