මේ වෙලාවේ ලංකාවට ඩොලර් නැහැ. රුපියල් නම් ඕනේ තරම් අච්චු ගහනවා, එත් ලංකාවේ අපි පාවිච්ච කරන 90% ක් ම අපි පිටින් ගේන එව්වා . තෙල් , විදුලිබලය හිටන් අපිට නැතිවෙනවා ඩොලර් නැතුව.
මගේ යෝජනා .
1)ලංකාවෙන් පිට සෑහෙන පිරිසක් පිට රටවල ඉන්නවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්. ඔවුන් ට ලංකාවට වාහන යවන්න අවසර දෙන්න.
උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්
ඔක්කොම වියදම 16000 තව 2000ක් shipping ගියත් මුලුවියදම 18000 USD . මිනිහා එක්කෝ ඒ වාහනේ විකුකුනවා ලාබයක් තියන්. නැත්නම් ලංකාවේ පවුලේ අයගේ පාවිච්චියට දෙනවා.
රට එකෙක්ට ඩොලර් 20000ක් කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි.
නැත්නම් ලංකාවේ car sale කාරයෝ වාහන ගේනකොට උනේ ලංකාවේ ඩොලර් වලින් ගෙවන්නේ, මගේ ක්‍රමයෙන් ලංකාවට ඩොලර් පිටින් එනවා, මේක අනෙක් දවල් TV , COMPUTAR , අනෙක් රටින් ගෙනෙන දේවල් වලට උනත් කරන්න පුළුවන්.
උදාහරනෙකට අබාන්ස් එකෙන් පිට රට electric බදු ගෙන්න පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ ඩොලර් . ඩොලර් පිට යනවා විතරයි.
අපහු ඒ බඩු ලංකාවේ ලාබ තියන් හොයන්නේ රුපියල්. නිකන් ලංකාවේ ඩොලර් සංචිත අඩුවෙනවා විතරයි. ,මගේ ක්‍රමෙන් ලංකාවට ඩොලර් එනවා . ලංකාවට අවශ්‍ය බඩුත් එනවා.
මෙහෙම නිකන් රට ඉන්න මිනිස්සු ඩොලර් වියදම් කරලා බඩු එවන එකක් නැහැ. හැබැයි පොඩි සාධාරණ ලාබයක් ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සෙට් කරොත් ආණ්ඩුව මේක හොඳ ක්‍රමයක්.
වාහන විතරක් නෙවෙයි, අනෙක් දේවල් උනත් මේ විදිහට පිට රට ඉන්න ලංකාවේ යට කියල ගෙන්න ගන්න පුළුවන්.
මොකද හිතන්නේ කට්ටිය ?