දියුණු රටවල මිනිස්සුන්ට මේ දෙවල් තේරුම් ගන්න බැරිද?
ඒ රටවල් එන්නත් මිලියන ගනන් pre order කරල තියෙන්නෙ ඇයි?
ලංකාවට එන්නත් අවශ්‍ය නැත්නම් විකල්පය මොකක්ද?
එන්නතකුත් නැතුව අතුරු ආබාධ තියෙනව කියල නිකන් ඉන්න එකද විකල්පය?
සුදර්ශන පැණියෙන් හැමෝවම ගොඩදාන්න පුලුවන් වෙයිද?
ඕනෙම හොඳ දෙයක් විවේචනය කරන්න පුලුවන්,
විසඳුම් හොයනවට වඩා ඒක ලෙසියි,
පැණඩෝල් පෙත්තක් බිව්වත් ඒකෙත් අතුරු ආබාධ තියෙනව,
නමුත් ආණ්ඩුවෙ මන්ත්‍රී කෙනෙක් කියනවනම් එන්නත් අවශ්‍ය නෑ කියල ආණ්ඩුවට ඊට වඩා හොඳ සැලැස්මක් තියෙන්න ඕන,
මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන්ද , තනිවමද තේරුම් ගන්නේ ?
රටවල් නෙමෙයි ඕඩර් කරේ ආණ්ඩුව කරවන අය. ආණ්ඩුව මිනිස්සන්ගෙන් අහල චන්ද අරන්ද ඕඩර් කරේ.
මේ ආණ්ඩු කරවන අය සහ ඖෂධ සමාගම් අතර සම්බන්ධ කම් නැද්ද ?
ඔය ගිය සතියේ ලොකු නිව්ස් මවපු එන්නත ආවට පස්සේ දවසේ සී.ඊ.ඕ තමන්ගේ කොටස් ටික විකිනුවා කියල චෝදනා තියෙනවා. පහුවදා කියනවා සෙල්ශියස් රින කීයකදෝ උශ්නත්වයක් ඕන මේ එන්නත තියාගන්න කියල. එතකොට කොටස්වල අගය වැටිල.
හෙම්බිරිස්සාවට එන්නත් නැත්තේ ඇයි කියල ඔය දියුණු රටවල් සෑහෙන කාලයක් හොයනව.
සාර්ස් කෝවිඩ් වර්ශන් 1ට එන්නත් නෑ, වර්ශන් දෙකට මෙච්චර ඉක්මනට කොහෙන්ද ?
තමන්ම හොයාගන්න එහෙම නැතිනම් දියුණු රටවල අය කිව්වා කියල නිව්ස් වලින් කිව්වම පිලිගන්නත් පුලුවන්.
මේ ලෙඩේට එන්නත් විතරයි විසදුම කියල කවුද කිව්වෙ ? කොහොමද කිව්වෙ?
සාර්ස් කෝවිඩ් v1 ට එන්නත් නෑ නේ, ඒක දැන් සමාජයේ තියෙන සාමාන්‍ය ලෙඩක් වෙලා නේ.
හැමෝටම හැදෙනවාද මේ ලෙඩේ, හැදෙන හැමෝම මැරෙනවාද ?
ටෙස්ට් කරනකල් තියෙනවා කියල නොදන්න ප්‍රතිශතය කීයක් විතරද? ටෙස්ට් එක කොච්චර නිවරැදි ද? ෆේල්ස් පොසිටිව් රේට් කියල ගූගල් කරලා තමන්ට හොයාගත්තැකි ඉන්ගිරීසි ටිකක් පුලුවන් නම්.
ආණ්ඩුව මොකටද මේවට සැලසුම් කරන්න ඕන ?
ඇයි තම තමන්ට බැරි ලෙඩෙන් ගැලවෙන්න ප්‍රතිශක්තිය වඩවා ගන්න.
මාර වැඩක් වෙන්නෙ හැම ලෙඩේටම ආණ්ඩුව කරවන කස්ටිය සැලසුම් හොයාගෙන ආවොත්.
දැන් ඉස්සරහට කිසිම ලෙඩකින් කිසිම කෙනෙක් මැරෙන්න නොනොදෙන්න ආණ්ඩුව සැලසුම් හදන්න ඕනද ?
මේ ලෙඩෙන් බේරෙන්න රටම බන්කොලොත් කරලා ඊට පස්සෙ බෙහෙත් ගන්න සල්ලි නැතිව කැන්සර් ලෙඩ්ඩු පපුවේ ලෙඩ්ඩු මැරෙන්න ගත්තොත් මොකද කරන්නේ ?
ආණ්ඩු වලට කරන්න බැරි දේවල් වලට සීමාවක් නැද්ද , කොමියුනිස්ට් රටවල් වල වගේද දැන්?
ඔය දියුණු රටවල් වල තියෙන වාද විවාද පොඩ්ඩක් බලන්න මේක නිව්ස් වලින් අපිට කියන තරම් සරල නෑ.
තම තම නැණ පමනින් තෝරගන්න.