ලංකාවෙ කෙල්ලනේ..

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලංකාවෙ කෙල්ලනේ..

    ලංකාවෙ කෙල්ලනේ.. උඹලා කොයි තරම් වාසනාවන්ත ද ?

    සමාජයේ ඉහලටම යන්නට ඉගෙනුම ලබන්නට, කැමති ආගමක් අදහන්නට, කැමති ගමනක් යන්නට, කැමති ඇඳුමක් අඳින්නට ඔබට හැකි වෙන්නට මේ හෙළ දෙරනේ උපන් ඔබ වාසනාවන්ත කෙල්ලෝ නෙවෙයිද ?

    මෙන්න කියවන්න ඔබ වගේම නැගණියක, බිහිසුණු පර්යන්ත දේශයක ඉපදීමේ අවාසනාව:


    ඇගේ නම මලලා යුසෆ්සායි (Malala Yousafzai). වයස 14ක් වන අටවන පන්තියේ ඉගෙනුම ලබන නැගනියක්. ඇය ගෙ රට පාකිස්ථානය.

    ඇය පොඩි දැරියක උනාට ඇය උපන් දේශයේත්, අන්තර්ජාතික වත් සම්මාන දිනපු කෙනෙක්.

    • International Children's Peace Prize (Runner-up, 2011)
    • Pakistan National Peace Prize (2011)
    2011)


    ඇයගෙ මේ විශේෂතවය මොකක්ද..

    ඒ තමයි ඇය ඇතුළු පාකිස්ථානයෙ දැරියන්ගේ පාසල් අධ්‍යාපනය අහෝසි කරන්නට තලේබාන් අන්තවාදීන් ගෙ වනචාරි ප්‍රයත්නයන්ට ඇගේ මවු බස වන උර්දු බසින් අන්තර්ජාලයේ විරෝධය පෑම.

    ඇය ලිව්වෙ "ගසවු, මරවු" කියල නෙවෙයි..
    ඇය ලිව්වෙ පාට ඇඳුමෙන් මහ මඟ යන එක තහනම් කෙරීම,
    ඇගේ බාලිකා පාසැල දින නියමයක් නොමැතිව වසාදමපු එක ගැන.. විප්ලවීය බසින් නෙවෙයි.. වයස 14ක පොඩි කෙල්ලෙක් ගෙ බසින්.

    නමුත් තලේබාන් අන්කල් ලාට, ඇය කියන අයුරින් මුල්ලා තුමා ලට ඇගේ මේ බ්ලොග් එක භයානක තර්ජනයක් උනා..

    ඔවුන් තීරනය කලා මේ පණ්ඩිත පොඩි කෙල්ලට පාඩමක් උගන්නන්නට. ඔවුන් මොකක්ද කලේ දන්නවද .. මේ පොඩි දැරිය පාසලේ සිට ගෙදර එන පාසල් බසය අතරමඟ නතර කරල ඇයට වෙඩි තිබ්බා. මේ වෙනකොට මලලා යුසෆ්සායි ලාහෝරයේ හමුදා රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඇයගේ හිසටත් ගෙල ටත් බරපතල තුවාල සිදුවෙලා ලු. මේ අතර තලේබාන් අන්කල් ලා කියා සිටින්නේ ඇය පණ බේරාගෙන රෝහලෙන් පැමිණි විට පටන් ගත් වැඩේ හමාර කරන බවයි.

    ඉතින් ලංකාවෙ කෙල්ලනේ.. උඹල කොයි තරම් වාසනාවන්ත ද ?
    පාට ඇඳුම් ඇන්ද කියල, කකුල් පේන්න සාය ඇඳ කියල උඹලව මරන්න ත්ලේබාන් අන්කල් ලා ලංකාවෙ නෑ නේද ?

    නෑ ???? හොඳටම ශුවර් ද ??






    Read more:
    malala-yousufzai.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොකක්ද දැන් මේකේ වැරැද්ද ? හා කියමු බලන්න. හරියටම අත් පොතේ කියල තියෙන දේ තමා කරලා තියෙන්නේ
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මුන්ට ඇමරිකන් කාරයෝ ගහන එක හරියටම හරි .මුන් වගේ තිරිසන් ජාතියක්‌ මෙලොකෙන් තුරන් කරන්න ඕනේ:frown::frown::frown::growl::growl::growl::growl::growl: