ලංකාවෙ බිස්නස්
1. සිරියාවති මල්වලට හරිම ආසයි.
2. ඉතින් එයා මල් වවන්න පටන් ගන්නවා.
3. එයා මුලු දවසම ගත කරන්නේ එයාගේ මල් පැල එක්ක. මල් ගස් වලට වතුර දාද්දි, ඒවාට සාත්තු කරද්දි එයාට පුදුම සතුටක් තියෙන්නේ.
4. මෙහෙම කාලයක් යනකොට සිරියාවතිට ලස්සන මල්වලින් පිරුනු වත්තක් හදාගන්න පුලුවන් වෙනවා.
5. "මේ මල් විකුනනවද?" සිරියාවතිගෙ ගේ ලගින් යන අය එයාගෙන් අහන්න පටන් ගන්නවා
6. "ඇත්තටම මම මේක බිස්නස් එකක් විදිහට කලා නම් හොදයි නේද" කියලා සිරියාවතිට එතකොට හිතෙනවා.
7. ඉතින් සිරියාවති තමුන්ගේ ආසාව ව්‍යාපාරක් කරගෙන ගොඩක් දියුනු වෙනවා.
8. සිරියාවතිගෙ දියුනුව දැකපු අහල පහල ගෙවල්වල හිටපු විමලාවතියි, ප්රමිලාවතියි, උදුලාවතියි, කමලාවතියි, සුමනාවතියි මල් බිස්නස් කරන්න පටන් ගන්නවා.
9. ඒත් එයාලට මල් වවන්න කිසිම ආසාවක් නැති නිසාත්, තියෙන එකම උවමනාව සල්ලි හොයන එක විතරක් නිසාත් මල් පැලවල කොලිටි එක තියාගන්න බැරි වෙනවා.
10. ඉතින් එයාලගෙ කොලිටි එක අඩු මල් පැල විකිනෙන්නෙ නැති නිසා එයාලට ඒවා ගොඩක් අඩුවට දෙන්න වෙනවා.
11. අනිත් අය ගොඩක් අඩුවට දෙන නිසා සිරියාවතිටත් එයාගෙ මල් පැල ගොඩක් අඩුවට විකුනන්න වෙනවා.
12. සිරියාවති ගොඩක් මහන්සියෙන්, කැපවීමෙන් සහ ආසාවෙන් ගොඩ නගා ගත්තු ව්‍යාපාරය විමලාවතිලගෙ, ප්රමිලාවතිලගෙ, උදුලාවතිගෙ, කමලාවතිගෙ සහ සුමනාවතිගෙ වැඩ නිසා බංකොලොත් වෙනවා.