ලංකාවේ ආර්ට් වර්ක් එකකට ගෙවන ගණන් 🤮

singa

Active member
  • Mar 31, 2007
    599
    36
    28
    Kadawatha
    කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා හෑන්ඩ් බිල් එකක් හදන්න කීයක් ගන්නවද කියල...
    මං කිව්වා 1500 ඉදන් වගේ හදලා දෙන්න පුළුවන් කියල.....
    කස්ටමර් - මේ පොඩි හෑන්ඩ්බිල් එකක් හදන්න එච්චර ගන්නවද
    🤓

    මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො
    😌

    කස්ටමර් - වැඩිම උනොත් 500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ
    🤨

    මම කිව්වා '' අපරාදේ මට 500 ක් මට දෙන වෙලාවේ ඒ වැඩේ ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
    කස්ටමර් - '' ඒත් මං ඔය කම්පියුටර් වැඩ දන්නැනේ මල්ලි''
    මම - හරි 500 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ අයියේ, ඊලග පාර ඕන උනාම ඔයාට තනියම හදාගන්න පුළුවන්
    කස්ටමර් - 'ම්...ඒක නම් හොද අදහස මල්ලි'
    මම - හැබැයි අයියෙ තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා සොෆ්ට්වෙයා ටික හොයලා දාගෙන කම්පියුටර් එකක්, තව ප්‍රින්ටර් එකක් එහෙම ලෑස්ති කරගන්න ඕනේ
    කස්ටමර් - " ඇ.....මල්ලි මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක හෑන්ඩ් බිලක් හදාගන්න වැඩේට විතරක් කම්පියුටර් එකක් අරගන්න පුළුවන් යැ?"
    මම - " හරි....මට තව 300 ක් දෙන්න, මං මගේ කම්පියුටර් එක දෙන්නම් අයියට එක දවසකට...වැඩේ කරගෙන දෙන්න
    කස්ටමර් - "හරි මල්ලි...ඒක හොදයි,
    මම - අයිය සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් කම්පියුටර් එක...මං එදාට free.
    කස්ටමර් - අපො මල්ලි...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
    මම - එහෙනම් කරන්න දෙයක් නැ අයියෙ...අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
    කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
    මම - අනික අයියෙ මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව
    😁

    කස්ටමර් - මොකක්....ඒ මොනවද?
    🤔

    මම - ඇයි අයියෙ කරන්ට් බිල්??? තව කඩදාසි, තීන්ත වලට එහෙම
    😅

    😌
    🥺
    🧐

    " ආපෝ මල්ලි...මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මල්ලි මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ මල්ලි.....1500 ක් දීලා ඔයාටම කියල හදාගන්න ඒක ලේසී"
    ----------------------------------------------
    විශේෂයෙන් නිර්මාණාත්මක කටයුත්තකදි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම නිකං කොලකෑල්ලකට විතරක් ම නෙමි, අදාල වැඩේ ගැන designer ට තියෙන,
    දැනුමට
    අත්දැකීම් වලට
    එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
    කැප කරන වේලාවට,
    ලබා දෙන සේවයට,
    අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
    අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
    කාර්්‍යක්ෂමතාවයට,
    ඔහුගේ කැපවීමට,
    ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
    කාටවත්ම බැ designer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද client කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන Designing වැඩකදි.
    මේක මම ලිව්ව දෙයක් නෙමි, ඒත් මං මේක share කරනව, designer ලාට වගේම අනික් creative වැඩ කරන හැම කෙනාටම support එකක් විදියට.
    Image © www digitalartsonline co uk
    උපුටාගැනිමකි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    උබ දැන් ඕක කරල දුන්න නිසා අයෙ සැරයක් එන්න පුළුවන් ඕකා තව එකෙක් ගේ කුණ්ඩවාලයක් අරගෙන

    ඕක කටින් කට යනවා අරුට කියල ශේප් එකේ වැඩේ කරගන්න පුළුවන් කියල උබේ මාකට් එක නිකඹ බහිනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    මිනිස්සුන්ට හොද කරන්න යන්න එපා අන්තිමට පුකෙත් ඇරලා තමයි ඕකුන් මාරු වෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ගෙවල් පැත්තේ ඩයල් එකක් ආව ආර්ට්වර්ක් එකක් කරගන්න කියලා. සරල දෙයක්. හාල් පිටි බෑග් එකකට තමා ආර්ට්වර්ක් එක. මට වෙන්න ඕන විදිහ සේරම කියලා ගණන් ඇහුවා. මම කිව්වා සල්ලි ඕන නෑ කියලා. එයාගේ පෞද්ගලික වැඩක් කියල හිතුවේ. පස්සේ කිව්වා නෑ මේක කම්පැනියේ වැඩක් ඒකෙන් බජට් එකක් වෙන් කරලා කිව්වා තියෙන්නේ. ගාන කියන්න කිව්වා. මමත් ඉතින් පොරගේ අතින් යන්නෙත් නැති නිසා 1000ක් කිව්වා, පොරත් සාක්කුව ඇදලා බලල 100 කොළ 4ක් වගේ ගෙනල්ල තිබ්බා. මේ වෙලාවේ එඡාර ගෙනාවේ නෑ වැඩේ අරගන්නකොට හවසට ගෙනල්ල දෙන්නම් කියල ගියා.

    දැන් ගිහින් කෝල් කරනවා දැන්ලු බැලුවේ කම්පැනියෙන් බජට් එක කීයද කියලා. ආර්ට්වර්ක් එකකට දාල තියෙන්නේ 250ලු. මාත් හා කමක් නෑ කියල තිබ්බා. කලින් නිකන් කරන්නම් කියපු එකේ 250ත් එයාටම තියාගන්න කියල කියන්න ඉන්නේ. මොනවද බන් මේ හිඟන වැඩ, වැඩේ සිම්පල් තමා. එහෙම සිම්පල් කියල මෙච්චර හිඟන ගණන්. 😖😖😖

    අපරාදේ ග්‍රැපික් කරන්නේ, කෝඩින් වගේ කළා නම් මෙහෙම හැම එකාම එන්නේ නෑනේ වැඩ කරවගන්න නිකන්. 😒

    ලංකාවේ කොම්පැනි සාමන්යෙන් අඩුම 5000ක් ආර්ට් වර්ක් එකකට වෙන් කරනවා දන්න තරමින්. ( මොකද අපි වැඩකරපු ක්ලයන්ට්ලා දෙතුන් දෙනෙක්ම පොඩි ආර්ට්වරක් එකකට මිනිමම් 5500/= යි. චෙන්ජස් කරන වාරෙකට මිනිමම 250 ගානේ ගෙව්වා අපිට )

    අනිවා අරූ ඉතිරි ටික මාටියා ගහගන්න ඇති
     
    • Sad
    Reactions: Heshan Daminda