ශ්‍රී ලංකාව තුල මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7. නම් කොවිඩ් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
කොළඹ නගර සභා බලප්‍රදේශය, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගෙන් ලබා ගත් සාම්පල් 43ක් යොදා සිදුකල ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වූ බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.