ලංකාවේ මාධ්‍යය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලංකාවේ මාධ්‍යය

    ලංකාවේ ජනමාධ්‍යය කොච්චර නම් වැරදි චිත්‍ර මවා පානවද,මේත් ඒවගේ එකක්.ඉදිරියෙදි මුහුදට වැටෙන්න තියෙන අඩි 7 ක රොකට් එකක කැල්ල ගැන රටට පෙන්නන්න හදන්නේ ලොකු උල්කාපාතයක් විදිහට.මේ ගැන නොදන්න මිනිස්සු කොච්චර නම් වැරදි වැටහීමක් ඇති කරගනීද ?

    ජන මාධ්‍යයෙ වගකීම තොරතුරු නිවැරදිව මහජනයාට ලාබා දීම නොවේද ?


    11140108_763585537079811_5825594016870213313_n.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජන මාධ්‍යය ආයතන දැන් කලින් දවසෙ ඉදන්ම ඔය හරියෙ අට්ටාල ගහගෙන ඉදියි වැටෙන කන්ම
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් ඈත මුහුදට අභ්‍යාවකාශ වස්තුවක් ලබන 13 වැනිදා පතිතවීමට නියමිත බව ඇමෙරිකාවේ තාරකා භෞතික විද්‍යාව සඳහා වූ ‘හාවර්ඩ්-ස්මිත්සෝනියන්’ මධ්‍යස්ථානයේ ආචාර්ය භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් කියයි.

    අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව කුමක් දැයි මේ වනතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර, එය මෙය 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ පවසති.

    එය පසුගිය වසර 40ක කාලය පුරාවට අභ්‍යාවකාශයේ සැරිසරන්නට ඇතැයි විශ්වාස කරන බවත් මැක්ඩොවෙල් කියයි.

    මෙය අභ්‍යාවකාශ ඉතිහාසයේ නැති වූ කොටසක් බවත් එය නැවත අප බියට පත් කරන්නට පැමිණෙන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසයි.

    මෙම අභ්‍යාවකාශ වස්තුව මුලින්ම නිරීක්‍ෂණය කර ඇත්තේ ඇමෙරිකාවේ ඇරිසෝනා සරසවියේ කැටලීනා අහස් නිරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂක පිරිසකි. ඉන් අනතුරුව තාරකා විද්‍යාඥයෝ පෙර දුරේක්ෂ ඡායාරූප පරීක්ෂා කර බලා ඇති අතර මෙම අභ්‍යාවකාෂ වස්තුව 2012 වසරේ සිට දුරේක්ෂ ඡායාරූපවල සටහන් වී ඇතැයි සඳහන් වේ.

    මෙම වස්තුව පෘථවියේ වටා කැරකෙමින් තිබෙන අතර එහි කක්ෂය චන්ද්‍රයාගේ කක්ෂයට වඩා දිගු යැයි ද පර්යේෂකයෝ පවසති. මෙම වස්තුව චන්ද්‍ර මෙහෙයුම්වල සමරු තිළිණයක් වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. අනෙක් අභ්‍යාවකාශ වස්තූ මෙන් මෙයද වායුගෝලයට ඇතුළුවන වනවිට විනාශ වනු ඇත්දැයි යන්න නිශ්චිතව පවසා නැතැයි වාර්තා වේ.

    මෙම වස්තුව ඉතා වේගයෙන් ගමන් කරන බවත් එහි උෂ්ණත්වය වැඩි වනු ඇති බවත් වස්තුව පතිත වනු ඇතැයි පවසන ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිතර වීම සුදුසු නොවන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසා ඇත.

    පරීක්ෂණාගාර නිලධාරීන් හා පර්යේෂකයෝ වස්තුව කඩා වැටීමේ අවස්ථාවට සූදානම් යැයි ද එහි දී සැලසුම් කර හමුදාමය ආරක්ෂක පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.

    ‘අපි සැලැසුම් කළ දේවල් හරියාවි. තවමත් වස්තුව පැමිණෙන්න සති තුනක් තිබෙනවා.’ යනුවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ පෘථිවිය ආසන්නයේ වස්තූ නිරීක්ෂණය කරන කණ්ඩායමේ කළමනාකරු ආචාර්ය ගර්හාඞ් ඩ්‍රොල්ෂේගන් පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය දක්වා තිබේ..

    මේ පිළිබඳව අප කළ විමසුමක දී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙම අභ්‍යාවකාශ යානා කොටස ශ්‍රී ලංකාව ආසන්න මුහුදට පතිත වුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව තවමත් ගවේෂණය කරමින් සිටින බවයි.

    එය පතිත වන බවට විද්‍යාඥයින් පවසන්නේ නොවැම්බර් මස 13 වැනිදා බැවින් තවත් දින කිහිපයක් ගත වන තුරු එයින් ඇතිවිය හැකි තත්ත්වය ප‍්‍රකාශ කළ නොහැකි බව ද ජයරත්න මහතා පැවසීය.


    LANKADEEPA