ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?
    සතුටෙ වර්ග දෙකක් තියෙනව ඒකෙන් ඔයා අදහස් කරන සතුට ගන්න නම් ලක්ෂ 2ත් හොඳටම ඇති වාහන & ගෙවල් දොරවල් තියේ නම්. තව ඉතුරු කරන්නත් පුලුවන් වෙයි. ඒ අතින් බැලුවම මේ රටේ ලොකු චාන්ස් එකක් තියෙනව අඩු වියදමෙන් ගෙවල් හදාගෙන, වැඩට කට්ටියත් අරගෙන ඉන්න පුලුවන්. ඩොලර් වලින් සල්ලි හොයන කෙනෙක්ට තව චාන්ස්
     
    • Dislike
    Reactions: skylander

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    geuy,vehical ekaku thiyenawa num 200,000 kin hodata kala beela,keeyak hari monthly ithuruth karala maseta trip ,party 2,3k dala inna puluwna ithin
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    ඔයිට වැඩිය මාසේකට හම්බකරනවා. කොච්චර සල්ලි තිබ්බත් ලංකාවේ කරන්න පුලුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා.

    අතේ සල්ලි ටිකක් තියෙන හන්දා මානසික නිදහස තියෙනවා.

    උදා; වාහනය කැඩුනොත්, ලෙඩක් දුකක් හැඩුනොත් බය නැතුව ගිහින් වැඩේ කරගන්න පුලුවන්. කැම හිතෙන ඕන තැනකින් කනවා. මොනවා හරි ගන්න හිතුනාම ගිහිල්ලා ගන්නවා වැඩිය වාත වෙවි ඉන්නේ නැ.

    අවුල් සින් තමයි.

    අපි කොච්චර වියදම් කරලා කැව බිව්ත්, හෙනම ජරා කැම කන්නේ. එක්කෝ වස විස, බාල තෙල්, කල් ඉකුත් වෙලා වගේ මොනවා හරි ජරා වැඩ අනිවා කරනවා.
    කොච්චර වියදම් කලත් හරිහමන් කැම වේලක් ගන්න බැ ලංකාවේ.

    අනික පාරේ යද්දි පන බේරගෙන එන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. කිසිම පිලිවෙලකට යන්න නැ. අපි traffic එකේ පොලිමට ඉද්දි පස්සෙන් ආපු පකයි ඔක්කොම block කරගෙන යනවා. මාර ආත්මාර්ථකාමියි ඒ අතින්. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැ.

    වැඩක් කරගන්න අනිවා සල්ලි, connection ඕනේ.

    පොදු ප්‍රවාහන හෙනම අවුල්.

    කිසි quality දෙයක් ගන්න බැ (ලැප්ටොප් වගේ) හොර/බාල බඩු තියෙන්නේ.

    ලමයෙක් ඉස්කොලේට දාගන්න පට්ට අමාරුයි.

    වාහනවල ගනන් මෙලෝ තේරුමක් නැ. කෝටියක් දෙන්න ඕනේ 1500cc කාර් එකක් ගන්න.

    කැත්තට පොල්ල වගේ ඉන්න ඕන්නේ. නැත්තම් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගලවන් යන උන් ඉන්නේ.

    ඕවා දකිද්දි ලංකාවේ ඉන්නවට වඩා පිටරට ඉන්න එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ living quality එක කොච්චර සල්ලි තිබ්බත් යන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා.

    කුඩු බිස්නස්, දේශපාලනය කරන උන්ට අදාල නැ මේක.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ළමයි අාණ්ඩුවෙ ඉස්කෝල වලට යනවනම් මාසෙකට ලක්ෂයක් අැති..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    podi jobak karala kohe hari gubbaayamaka 6 months hitiyata therenne nah, hodata idala balapan.. ethokota therei

    රට හිටියහම නිකන් සල්ලි හම්බවෙනවද උඹට?😃😃
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    It depends , Koti ganan salli thiyana minissu unath sathutin newei inne .

    Mata nam dan thiyana hamadema athi, mm nam sathutin inne

    materialistic dewal walin/ income eken sathuta kiyana eka measure karanna be ban. umbata 2.5 lacks income ekak enawakota thiyena car eka madi wenawa. eta wada luxury dewal walata yanna balanawa. 1 million income ekak eddith ehema thamai. 1 million income ekak eddith benz ekak wage gaththath sathiyak dekak masayak yanakota e life eka umbe normal life eka wenawa. ethakota ara mulin thibuna enthusiasm eka sathuta nethi wela yanawa.

    100% true
    :yes: :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ණය නැත්තම් අපේ රටේ 50%ක් සතුටින් ඉන්න පුලුවන්. ණය නැතුව ගේකුයි වාහනේකුයි තියෙ නම් 75%.
    ගොඩක් දියුණු රටවල තරම් ඩිරෙක්ට් ටැක්ස්, ඉන්ශූරන්ස්, ගෑස්, කේබල් ටීවී, අපිට ගෙවන්න වෙලා නෑ තාම. හීටින්ග් වගේ ඒව ඕනෙත් නෑ.

    යන්තම් ශේප් වෙන්න හරි, education, healthcare නොමිලේ හම්බෙනවා. ළිඳක් තියෙනම් ඉන්ශාහ් අල්ලාහ් වතුර ටිකත් හරි.

    ළමයෙක් හදනවා නම් ඌටම කියල ගේකුයි ඉඩමකුයි වෙන කරල කරපන්. එච්චරයි වෙන්න ඕනි.
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?
    ow aniwa
    e ganawath one
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං,
    තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    තමන්ගේම වාහනේ, ගේ දෙන්නෙ ආණ්ඩුවෙන්ද? පොලීසියෙන්ද? 🤔🤔

    ඒවත් ගන්න ඕන තමන්ගෙ සල්ලිවලින් තමයි. ඒ දෙක අරගෙන තියෙන අයට 2.50ක් ඇති.

    මට ඒ දෙක ගන්නත් එක්ක අවම 5k ඕන.
     
    • Like
    Reactions: skylander

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Sinhalunta mona sapada bun , no matter how much you earn, quality of living is shit ...so there's no point
    I agree. But this is not applicable for some Siri Lankans :D


    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?

    Lankawe idedii 2.5 wada godak wadiyen gatta. Eth mata lankawe food safety, living quality ehema hari yannem na. Mata inne duula dennek. Eyalage safety ekath sure nah. Politics ganna deyak naa. Corruptions hama thanama. Minissu harima laid back. E unaata lankaawa wage Sinhalayata hoda ratak wena kohewath na. Sathuten innwa kiyanne sallima neme.
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ඔය නම්බර් එක හිතන තරම් සරළව වැඩ කරන්නේ නෑ.

    සතුටින් ඉන්න එකයි, මාසෙට අතට එන ගානයි අතරේ සම්බන්ධයක් නෑ.

    සැප විඳිනවා කියන්නේ තව කතාවක්. සතුටින් ඉන්න එකයි, සැප විඳිනවා කියන එකයි අතරේ සම්බන්ධයකුත් නෑ.

    මේ ලෝකේ මාකට් එක හැදිලා තියෙන විදියට හිඟන්නාගේ ඉඳන් Jeff Bezos ට වෙනකල් අතට එන සල්ලි වියදම් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.

    ඔය කාටවත් මාසෙට අතට එන ගාන ප්‍රමාණවත් නෑ.

    මම කියන එක විශ්වාස නැත්නම්, මෙතන ඉන්න ඔය ගාන අතට එන, ගෙවල් වාහන තියෙන අයගෙන් අහලා බලන්න. දහසක් ප්‍රශ්ණ ඇති විසඳ ගන්න බැරුව. සමහර විට ඔයාට වඩා දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන් ප්‍රශ්ණ නිසා. ඒ අය සැප කියලා දකින්නේ වාහනේ අප්ග්‍රේඩ් කර ගන්න එක, කාමර ඔක්කොම AC කර ගන්න එක, ගෙදරට තමන්ගෙම බාර් එකක් හදා ගන්න එක, නුවර එලිය පැත්තේ ඉඩම් කෑල්ලක් අර ගන්න එක, යුරොපයේ සංචාරයක් දාන එක වගේ දේවල් වෙන්න පුළුවන්.

    මම මාසෙකට මුලින්ම අතට ගත්තේ 4000ක්. දැනට අවුරුදු 10ට කලින්. එදා මෙදා තුර අතට එන මුදලයි, සතුටින් ඉන්න / සැප විඳින එකයි අතරේ සම්බන්ධයක් තිබුණෙම නෑ.

    සැප කියන එක සාපේක්ෂයි, සතුට කියන එක මුදල් වලින් ස්වායක්තයි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    මම නං කියන්නේ ලක්ෂ 2.5ක් මාසෙට අතට ලැබෙනවා නං, තමන්ගේම වහනයක් ගෙයක් තියෙනවා නං
    සැපේ ඉන්න පුළුවන් ලංකාවේ.
    උඹල මොකද හිතන්නේ?
    උබ කියන ලක්ෂ 2.5 හොදටම ප්‍රමානවත් සතුටින් ඉන්න. වැඩේ ඒක නෙවෙයි, මිනිසා කියන්නේ මියෙන තුරාම කිසිවකින් සෑහීමකට පත්නොවන සතෙක්. 2.5 තියන එකා වෙන වෙන දේවල්, ටාගට් කරනවා ඒවා ඉෂ්ට නොව්නම පොල්කඩල ජීවත් වෙන එකාගෙ ගානට මයින්ඩ් එක හදාගන්නවා..... ඉතිං හැමදාම අසතුටින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    සල්ලි වලින් සන්තොසෙන් ඉන්නෙ ටොප් රිච් උනුයි
    දුප්පත් උනුයි

    මැද පන්තිය තමා පීචං වෙන්නෙ.
    අර මන් දාපු ත්‍රෙඩ් එක දැක්කානම් උඹට අදහසක් ගන්න පුළුවන් .
    මුදල් පැත්තෙන් සන්තොසය තියෙන්නෙ ආදායමෙන් නෙමෙ සන්තොසය තීරණය වෙන්නෙ
    වියදම් කිරිමෙ මානසික නිදහස .

    වාහනයක් අරගෙන එකෙ සෙකන්ඩ් හැන්ඩ් වටිනාකම ගැන හිත හිතා වාහනෙ පරිස්සම් කරගන්න ට්‍රයි කරන ටයිප් නම් කිසි දිනක සන්තොසයක් නැහැ.

     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මට දැනට නං ඇත්තටම කිසි අවුලක් නෑ life එක smooth එකේයනවා
    උපරිම වියදම් උනත් මාසෙට ලක්ෂ එක හමාරක් වගේ වියදම් වෙන්නේ
    ඉඩම නං හම්බුනා, loan එකක් අරන් ගේ හැදුවා ඒක ඉක්මනට ගෙවල ඉවර කලා වහනයක් ගත්තා
    සල්ලි වලින් කිසි ප්‍රශ්නයක් උනේ නෑ
    මම අනිත් උන්ට සාපේක්ෂව මහලොකු අදායමක් ගන්නෙත් නෑ..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මමයි වයිෆුයි දෙන්නම කිසිදෙයක් ලොකුවට ගණන් ගන්නේ නෑ
    මට වෙන රටවලට ගියාම ටික දවසකින් හෙනම බොරින් සීන් එකක් තියෙන්නේ ඔක්කොම එකවගේ නිසා
    පිළිවෙල වැඩි උනාමත් අවුල් අනේ මන්ද (ඔය කිව්වට මම මහලොකු රටවල් ගොඩකට ගිහින් නෑ Swedan, Denmark and Australia විතරයි ගිහින් තියෙන්නේ)


    උබ කියන ලක්ෂ 2.5 හොදටම ප්‍රමානවත් සතුටින් ඉන්න. වැඩේ ඒක නෙවෙයි, මිනිසා කියන්නේ මියෙන තුරාම කිසිවකින් සෑහීමකට පත්නොවන සතෙක්. 2.5 තියන එකා වෙන වෙන දේවල්, ටාගට් කරනවා ඒවා ඉෂ්ට නොව්නම පොල්කඩල ජීවත් වෙන එකාගෙ ගානට මයින්ඩ් එක හදාගන්නවා..... ඉතිං හැමදාම අසතුටින්
    ඔව් බන් මේ විදිහට මාසෙට කෝටි දෙකක් හෙව්වත් මදිවෙන උන් නේ මේකේ ඉන්නේ
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මම හිතන්නෙත් ලංකාව තරම් සුපිරි රටක්ලො වෙත් නෑ ඒත් ලංකාවේ
    ලංකාවේ මෙන්න මේ දේවල් දකින කොට තමයි වෙන රටකට යන්න හිතෙන්නේ

    1. ලංකාවේ බස්වල කෝච්චිවල තත්වෙ වෙන රටවල් එක්ක පොඩ්ඩක් බලන්න

    2. ලංකාවේ internet provider ලාගේ වැඩ

    3. විධිමත්ශ්‍ ශ්‍රාමික හා සෞඛ්‍යය ෝජනා ක්‍රම නැතිවීම

    4. නීතිය සමාජ තත්වය හා සම්බන්ධ තා මත වෙනස්වීම

    5. අධ්‍යාපන නිදහස නොමැති වීම

    6. විකෘති මිල ගණන් සහිත වාහන වෙළඳාම.


    7.අප්‍රියජනක දේශපාලනික නායකයින් සහ කියාකාරකම් සහ හිතවාදීන් ගේ ක්‍රියාකාරකම්



    මේවා තමයි මම දැකපු ලංකාව එපා වෙලා මිනිස්සු වෙන රටවලට යන හේතු
    ඇයි ලංකාවේ මිනිස්සුන්ගේ පහත් ගති, තමන් ගැන විතරක් හිතන එක, අවංකව කෙනෙක් දැක්කොත් රවට්ටන්න හදන එක.
    ජපානයේ වගේ රටක මිනිස්සුන්ගේ මාර විනයක් තියෙනවා. වැරුද්දක් උනත් සමාවෙන්න කියලා ආචාර කරල යන්නේ. අනිත් කෙනාට ගරු කරනවා.
    වෙලාවට වැඩ කරනවා.
    ඒ නිසා තමා ඒ රටවල් දියුණු වෙන්න ප්‍රධාන හේතුත්
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Mage yaluwekge yaluwek innawa. Tikak wayasaka porak. Patta salli. Director hari wage seen wagayak thiyenne. Uta lkh 28k withara hambenawa masekata. A unata u hulla hulla innawa income eka madi kiyala.