ලංකාවේ සනී ලියෝන්

amasln

Banned
Aug 25, 2016
100
9
0
ලංකාවේ සනී ලියෝන්

කොල්ලෙක් වෙලා ඉඳලා කෙල්ලෙක් වුණ චාමි ‘ලංකාවේ සනී ලියෝන් වෙන්න කැමතිලු'(PHOTOS)


ඇය නමින් චාමි අසංකා..පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගින් මතුවුණ චාමි දැන් නිරූපණ ශිල්පිණියක්.ලිංගික විපර්යාසයට බඳුන් වුණ කෙනෙක් වන චාමි 2016 මිස් ට්‍රාන්සිස්ටා කියන තරඟයට සහභාගී වනවා.පහුගිය දවසක පුවත්පතකට ඈ විවිධ කාරණා සම්බන්ධව සිය අදහස් දක්වා තිබුණා.

ඇය එම තරඟය ගැන කියලා තිබුණේ මේ වගේ දෙයක්..
මිස් ට්‍රාන්සිස්ටා 2016 කියන තරගය මේ වතාවේ සැප්තැම්බර් මාසයේ බාසිලෝනා නගරයේ දී පැවැත් වෙනවා. ඒකට ලෝකයේ රටවල් 25 කින් ලිංගික විපර්යාසවලට ලක් වූ අය එනවා. ලංකාවෙන් කෙනෙක් මේ තරගයට යන පළමු අවස්ථාව මේකයි. ලංකාව වෙනුවෙන් ‍පොඩි හරි ජයග්‍රහණයක් ගේන්න මට පුළුවන් වුණොත් ඒක ලොකු වාසනාවක්.

ඒ වගේම ඈ සනී ලියෝන් වගේ වෙන්නත් කැමතියි කියලා කීවා..
හුඟක් අය කියනවා මම සනී ලියෝන් වගේ කියලා. එයා ඉන්නේ ඉතිං බොලිවුඩ්වලනේ. මම ඉන්නේ ලංකාවෙනේ. ලංකාවෙත්, සනී ලියෝන් කෙනෙක් ඉන්න එපැයි. එයාටත් තියෙන්නේ මගේ වගේ ඇඟක්. ඉතිං මම සනී ලියොන් වගේ කියනවට මම හුඟක් ආසයි.

ජීවිතය ගැන අහපු පැනයට චාමි දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්
මම අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. මම ගත්ත හැම තීරණයක් ගැනම මම අද සතුටුයි. ගොඩක් මිනිස්සු ආසාවන් හංගගෙන හිත දුකින් ජීවත් වෙනවා. ඒත් මම මට සාධාරණය ඉෂ්ට කළා.ඉස්සර මිනිස්සු මට හරියට ගැරහුවා. මට කෙළ ගැහුවා. කතාන්දර කිව්වා. ඒත් මම නොසැලී මගේ ගමන ආවා. අද මම නිරාමිස සුවයෙන් ඉන්නවා.


14199747_1742239609374534_5245034403341141903_n.jpg


13900306_1730903947174767_2615598385982925889_n.jpg


13924896_1731332290465266_3465332761432358786_n.jpg


http://nethgossip.lk/articles/8066