බ්රෑන්ඩ් අලුත් ගන්නෙ නැතුවට හොඳ වැඩේ .![]()



බොට වගේ ඩොලර් සල්ලි නෑනේ අපිට
Geely Emgrand EC7 2015/2016 එකක් ලක්ෂ 25 දීල අරං ඉතිරි ලක්ෂ 25 FD දාල පොලියෙන් වාහනේ දුවහං


ඒක හරියන්නේ නෑ බන්
මෙහ් මේක ඇත්තද බන්
https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2008-for-sale-colombo-100
ඇත්තද අහන්නෙ company maintained ද කියලද? පළවෙනි සර්විස් රෙකෝඩ් එකේ ඉඳල වෙරිෆයි කරගන්න පුළුවන් Mitsubishi Authorized Agent ගෙන්.


පොර ඒක ගෙදරම තියාගෙනද කොහෙද mileage එක හෙන අඩුයි නේ
එල එල
Agent ට කෝල් එකක් දීල අහන්න වාහනේ අයිතිකාරය එක්ක එන්න ඕනද කියල සර්විස් රෙකෝඩ් වෙරිෆයි කරගන්න (අයිතිකාරය ළඟ ප්රින්ට් කරපු රෙකෝඩ්ස් ටිකත් ඇති සමහරවිට) පළවෙනි සර්විස් එකේ ඉඳල රෙකෝඩ්ස් තියෙනව නං මයිලේජ් එක ජෙනුයින්


ජපානෙත් වෙනවා මේක ඔසී වලින් පටවපු එකක් බන්
අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයගේ දැනුවත් වීම සදහා මේක ලියන්නේ මොකද නිකන් අපරාදේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි මෙහෙම වාහනයකට අහු උනොත්
මේක තමයි වාහනේ 2018 Swift Rs European version එකක්
![]()
![]()
මේ වාහනේ බලු බැල්මට කිසිම අවුලක් නෑ body එකේ හීරීමක්වත් නෑවිකුණන්න තිබ්බේ ලක්ෂ 42කට under value නිසා මොකක් හරි අවුලක් ඇති කියල හිතුනා හැබැයි මේක විකුණන නාන නම් කියුවේ සල්ලි හදිස්සියක් apartment එකක් ගන්න සල්ලි බදින්න අඩුවට දෙන්නේ කියල
AMW එකේ inspection එකට දැම්මා
මේ තියෙන්නේ AMW එකේ inspection report එක මේකෙනුත් කිසිම අවුලක් පෙන්නන්නේ නෑ
![]()
හැබයි මේක පිටිපස්සෙන් දරුණු විදියට accident වෙච්ච වාහනයක් හොයාගන්න ටිකක් අමාරු වෙන විදියට හදල
buffer එකක් දාල නෙමයිrear cut replace එකක් කරලා තියෙන්නේ
මෙනතින් වාහනේ කපල වෙන පස්සක් සෙට් කරලා හොයාගන්න තිබ්බා එකම විදිය මේ වෙල්ඩින් පාර මේක දිගටම තියනවා
![]()
![]()
මේ අවුල මලාට හොයන්න වෙන්නේ නෑ මේක car lift කරලා යට බැලුවේ නැත්තන්මොකද නිකන් inspection report එකට කිසි අවුලක් නෑ
inspection ඒකෙදි කියුවේ මේක නම් ලංකාවේ කරපු වැඩක් නෙමෙයි හොද වැඩ්ඩේක් හදල තියෙන්නේ කියල හැබැයි දන්නා එකාට හොයන්න පුළුවන් වෙනස
![]()
මේක ලොකු ජාවාරමක් මොකද harbor එකෙන් දන්නා තරමින් බට් කරපු වාහන ගේන්න දෙන්නේ නෑ නමුත් මේක කොහොම හරි එලියට ඇවිල්ලා
මේ වගේ වාහන තව සෑහෙන්න ඇතිunregistered නම් අවුලක් නෑ කියල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වාහන ගන්න එපා අනිවාර්යෙන් agent ගෙන් full inspection report එකක් ගන්න
කවුරු හරි මේක දැකල අමාරුවේ වැටෙන්නේ නැතුව බේරෙයි කියල කෙටුවේ
ජයවේවා

machan mama danna ekek innawa 80lks athata denna qwa Land cruiser 2016 ekak genalla dennam kiyala. oya wadema thama karanawa qwe. lexus RX 2014 ekak 65lks vkka lagadi.
ඔය සීන් එක ලොකුවට කරනවා වගේ බන් 