ලංකා මුහුදු තීරයේ ගිලීගිය ලොව ප්‍රථම ගුවන
හ'ම්ස්, නැත්නම් HMS Hermes (HMS කියන්නෙ Her/His Majesty's Ship කියන එක නැත්නම් රාජකීයන්ට අයත් කියන තේරුම ) කියන්නෙ ලෝකයේ ප්‍රථම යුධ ගුවන් යානා ගෙනයාමේ අරමුණින් නිර්මාණය කරපු නැව. මේක නිර්මාණය වුනේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව අතින් 1918 ජනවාරියෙදි. මුලින්ම මෙහෙයුම් ආරම්භ කලේ 1919 සැප්තැම්බරයෙදි. දැන් තියෙන Gerald R Ford Class - US,Nimitz Class - US, Queen Elizabeth Class - UK වගේ යුධ ගුවන් යානා ගෙනියන නෞකා තරම්ම විශාල නොවුනත් මේක ටොන් 11,020 බරකින් මීටර් 183ක දිගකින් හා ගුවන් යානා 20කට පහසුකම් සලසන්න හැකියාව තිබුනා. පලමු ලෝක යුද්ධ සමයේ සේවාව අරමුණු කරගෙන නිර්මාණය ආරම්භ උනත් යුද්ධය අවසන් වනතුරුත් ඉදි කිරීම අවසන් කිරීමට නොහැකි වීම නිසා මුල් සැලසුමේ වෙනස්කම් රාශියක් එක්ක 1924දී තමයි මෙහෙයුම් ක්‍රියාත්මක වීමට සක්‍රීයව එක්වුනේ. ඒ අත්ලාන්තික් මෙහෙයුම් සදහායි.
1939 නැවතත් දෙවන ලෝක යුද්ධය ආරම්භවීමත් එක්ක හ'ර්ම්ස් නෞකාව සෙනගල් අගනුවර වෙත යවන්නෙ ජර්මනියට එදිරිව යුධවදීන ප්‍රංශ හමුදාවට සහය වෙන්න. එහිදී හ'ම්ස් සබ්මැරීන් වලට ප්‍රතිප්‍රහාරකයෙක් විදිහට සේවය කරන්න එක් වෙනවා. 1942දී ත්‍රීකුණාමලයේ නාවුක මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට ඕස්ට්‍රේලියානු HMAS Vampire නෞකාවත් සමග වෙරලටීරය ඔස්සේ කල මෙහෙයුමකදි ජපන් ප්‍රහාරකයානා සිදුකල පහරදීමකින් මඩකලපුව වෙරලට කි.මි. 10ක් ඈතින් මීටර් 53ක් ගැබුරු මුහුදේ නවුකා දෙකම මුහුදුබත් වෙනවා. මුහුදුබත් වනවිට ගුවන්යානා ගෙන නොගියත් ප්‍රථම ප්‍රහාරයෙන් විනාදි 15ක් ඇතුලත නවුකාවේ ගමන්ගත් පිරිසෙන් 556න් 307ක්ම ජීවිතක්ශයට පත්වූ බව සදහන් වෙනවා.
ප්‍රහාරය අතරතුර
ඉන් පස්සේ 1960 වෙනතුරුත් කිසිම ගවේශනයක් ආරම්භ නොකලත් ධීවරයන්ගේ කටින් කට ආ කතාව පදනම් කරගෙන 1960දීත් 1985දීත් ගවේශන ආරම්භ කලත් ඉන් පසුව ඇතිවෙන සිවිල් යුද්ධය හේතු කරගෙන ගවේශන සාර්ථක වෙන්නෙ නෑ. 2009 මැයි 18 ත්‍රස්ථවාදය පරාජය කරමින් ලබන ජයග්‍රහණයත් එක්ක 2009දී නවුකාව මුහුදුබත් වූ ස්ථානය නැවතත් අනාවරණය කරගන්නවා. ඒත් සමග පලපුරුදු කිමිදෙන්නක්ට මෙම ස්ථානයේ කිමිදී ඒ අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
ගවේශනයට එක්වූනගේ අත්දැකීම් වල විදිහට නම්, ගැඹුර හේතුවෙන් ආලෝක තත්වය අඩුවුනත් මුහුදේ පැහැදිලිකම නිසා සමාදානයේ සැතපෙන හ'ම්ස් නෞකාවේ සුන්බුන් අතර කුඹගස්, අගල් 5.5 ගිනි අවි, ගුවන්යානා නශක අවි, නැංගුරම, දම්වැල් වගේ දේවල් හොදින් බලා ගන්න පුලුවන් කියන එක.
හොයා ගත්තෙ ජංජාලයේ තැන් තැන් වලින්. කෙටුවෙ මමම තමයි.
Sources : http://ttms999.com/srilanka.html and https://en.wikipedia.org/wiki/HMS_Hermes_(95)

TFS මචං
+30