ස්වාමියා වෙනුවෙන් දිවිදුන් හිතවත් බල්ලා
ගෙදරට පැමිණි කොල්ලකරුවන් දෙදෙනාගේ ග්‍රහණයට හසුවූ මිහිරිගම කිතනවලාන පදිංචි ව්‍යාපාරික කේ. එස්. එස්. කොඩිසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී නිවසේ සිටි ලකී සහ ඩිකී යන බල්ලන් දෙදෙනා සහ නිවසේ ටිටී පූසා එම අඹු සැමියන් දෙදෙනා හොරුන්ගෙන් බේරා ගැනීමට මුල් වූ නිසා ලකී බල්ලා කොල්ලකරුවෙකුගේ වෙඩි පහරකින් මිය ගිය අතර සැකකරුවන් දෙදෙනාම පලාගිය පුවතක් අපට පසුගිය දින අසන්නට ලැබුණි.
කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මියගිය ලකී බල්ලා පශු වෛද්‍යවරයාට යොමු කළත් ඌගේ ජීවිතය බේරා ගැනීමට අසීරු විය.
ලකී බල්ලා කළ මෙම ජීවිත පරිත්‍යාගය පිළිබඳව කොඩිසිංහ මහතාගේ පවුල දුක් වෙමින් සිටිනු එහි ගිය අපට දැක ගැනීමට ලැබුණි.
අපේ ජීවිත බේරා දුන් ලකී බල්ලෙක් නොවේ. මනුෂ්‍යයකු යෑයි කොඩිසිංහ මහතාගේ බිරිඳ අප සමග කීවේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.
අපි ලකීව භූමදාන කළේ ලකීගේ සිරුර සුදු රෙද්දකින් ඔතලා ඒ විතරක් නොවේ ලකී වෙනුවෙන් අපි ආගම සිහිපත් කරලා භූමදානය කෙරුවා.
ලකීට තියෙන්නේ පුදුම ගතිගුණ. අපි ගෙදරින් එලියට ගිහින් ආපසු එනතුරු මග බලාගෙන ඉන්නවා. ඩිකී බල්ලත් ඒ වගේමයි. අපේ පවුලට ඉතාමත් හිතවත්. ගෙදර ඉන්න පූසත් (ටිටී) මේ බල්ලෝ දෙන්නා සමග එකතුයි. ලකී මස් කන්නේ නැහැ.
පසුගිය 24 දින සවස ගෙදරට පැමිණි කොල්ලකරුවන් දෙන්නා මමයි, මගේ බිරිඳයි එනතුරු ගෙවත්තේ සැඟවී ඉඳල තියනවා. එතකොට බල්ලෝ දෙන්නා හිටියේ කූඩුවේ.
අපි දෙන්නා වාහනයෙන් ගෙදර මිදුලට පැමිණි මොහොතේම මගේ බිරිඳ බලු කූඩුව විවෘත කිරීමට ගියා. මම ගේ ඇතුළට ආවා. එතකොට වයසක අම්මා ගේ ඇතුළේ ටී වී බලමින් උන්නා.
කොල්ලකරුවකු මාව අල්ලා ගත්තා. ඔහු බිත්තියකට හේත්තු කරලා මාව තදින් අල්ලාගෙන ඔහුගේ අතේ තිබුණු ගිනි අවිය මගේ පැත්තට එල්ල කරගෙන කෝ රත්තරන්........ දියන් කියලා කිව්වා. මම කිව්වා රත්තරන් නැහැ කියලා. කොල්ලකරු ඒක විශ්වාස කළේ නැහැ.
අනිත් කොල්ලකරු මගේ බිරිඳට තර්ජනය කරණ බව මට තේරුන් ගියා.
ලකී සහ ඩිකී බල්ලන් දෙදෙනා බුරමින් බිරිඳ ලඟ සිටින කොල්ලකරු ලඟට එද්දී ටිටී පූසත් කොල්ලකරු ලඟ දැවටෙන්න පටන් ගත්තා.
ලකී බිරිඳ ලඟ ඉන්න කොල්ලකරුව බුර බුරා හපන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අතරතුරේදී බිරිඳ මෙන්න හොරු ඇවිල්ලා කියමින් කෑ ගැසුවා. එකපාරටම වෙඩි පහරක් ඇසුණා. මම හිතුවා කොල්ලකරු මගේ බිරිඳට වෙඩි තිබ්බා කියලා.
ඕනෑම දෙයක් වෙයන් කියලා මාව අල්ලාගෙන හිටපු කොල්ලකරුව අතින් තල්ලුකරගෙන මම පැන්නා. කොල්ලකරුවන් දෙන්නත් එතනින් පැනලා ගියා මම හිතන්නේ එක කොල්ලකරුවෙකුව ලකී තදින්ම හපාකන්නට ඇති. ලකී ඒ අසල මැරී වැටී හිටියා.
දැන් ගෙදර ඉන්න ඩිකී බල්ලා සංකාවෙන් වගේ කූඩුවේ ඉන්නවා කියමින්, ඔහු අපිට ඩිකීව පෙන්නුවා.
මැරුණු ලකී බල්ලා වෙනුවෙන් හත්දවසේ දානය දෙන්න සුදානම් වෙලා ඉන්නවා යෑයි කොඩිසිංහ මහතා කීවේය.