ළමයෙක් මහණවෙනකොට දෙමව්පියන්ගේ අවසරය තියෙන්න ඕනේ. ඒක බුදුන් විසින්ම දාපු නීතියක්.
උබට කියන්න පුලුවන් දෙමව්පියන් නෙවෙයි ළමයනේ මහණ වෙන්නේ කියලා, ඒක නිසා ඒක වැරදියි කියලා නමුත් දෙමව්පියන් ඕන තරම් තීරණ ගන්නවා ළමයි පොඩි කාලේදි, ළමයට නම දාන්නේ කවුද? ළමයව ඉස්කෝලේකට දාන්නේ කවුද? ළමයට කන්න බොන්න දෙන ඒවා තීරණය කරන්නේ කවුද? ළමයට උගන්වන්නේ කවුද? ඉතින් දෙමව්පියන්ට පුලුවන් ළමයව ඕනනම් මහණ කරන්නත්, දෙමව්පියන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ළමයින්ට දෙන්න පුලුවන් හොදම දේ දෙන්න.
අනික මහණ කරා කියලා ප්‍රශ්ණයක් නෑ නේ, ඕනේ නම් සිවුර දාල එන්න පුලුවන්. ඔන්න කොන කපන එක නම් හොද නැති වැඩක් මොකද ඕක පස්සේ වවාගන්න බෑ නේ.
අනික මහන කරා කියල ළමා කාලය නැති වෙන්නෙ නෑ..
උගන්නන එක කරන ගමන් සෙල්ලම් කර කර ඉන්නෙ කොහොමත් පොඩි හාමුදුරු ගොල්ලො..
ගොඩක් පන්සල් වල එහෙමයි..
පන්සලකට ජීවිතේට පය නොගහන උන් නම් දන්නෙ නැහැ..
අල්ලල බැදලා සෙල්ලම් කරන්න එපා කියල කූඩු කරල වගේ තමයි අර පොර ටෝල්ක් කාරයො හිතන්නෙ..
ඒත් වෙන්නෙ ඒක නෙවේ.. මහන කරහම ලමාකාලය නැති වෙනවා නම්..
මේ අපි විදින්නෙ ඊට වඩා දුකක් නෙ බන්..
මොන්ටිසෝරි යනව අවුරුදු දෙකක් විතර..
ජීවිතෙන් ලමාකාලේම ඉස්කෝලෙ.. ගිහින් ආපුවාමත් පන්ති යන්න ඕන..
ශිෂ්‍යත්වෙ කියල පොඩි උන්ව මරවන මැරවිල්ල දැක්කාම අප්පා..
තනිකර තරගෙට හරක් දක්කනව වගේ..



