මම නම් චාර්ජර් එක හැම වෙලාවෙම ගහල තියෙන්නෙ. කරන්ට් නැති වෙලාවක විතරයි බැටරියෙන් වැඩ කරන්නෙ. දැන් තියෙන ලැප් වල ඔටෝ ඔක්කොම මැනේජ් කරගන්නව. පොඩ්ඩක් හිතපන් කො. පොසෙසර්, මදර්බෝඩ්, විජීඒ, රැම් වගේ සංකීර්ණ දේවල් තියෙන ලැප් එකක චාර්ජින් කොන්ට්‍රෝලර් වගේ ටොයිස් සර්කිට් කෑල්ලක් නැති වෙන්න හේතුවක් නෑනේ.
මගේ ලැප් එකේ නම් චාර් එකට ගැහුවහම බැටරිය චාර්ජ් වෙන එල්ඊඩී එක පත්තු වෙනව. ඊට පස්සේ බැටරිය 100% චාජ් වුනාට පස්සේ ඒ චාජ් වෙන එල්ඊඩී එක නිවෙනව. ඒ කියන්නේ බැටරිය චාජ් වෙන එක නවතිනව. ආයෙත් බැටරිය ටික දවසකින් යම් කිසි අගයක් දක්වා බැස්සට පස්සෙ තමා චාජ් වෙන්න පටන් ගන්නේ. එතකම් චාජ් වෙන්නෙ නෑ. අපිට කරන්න තියෙන්නෙ ලැප් එක පාවිච්චි කරන එක විතරයි. ලැප් එකේ චාජින් කොන්ට්‍රෝලර් එක චාර්ජ් කරන වැඩේ පාලනය කරගන්නව.
ඔයිට අමතරව ඔයාගේ ලැප් මොඩල් එකේ මැනුවල් එකේ විෂේශයෙන් සදහන් කරල නැත්තම් සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න තියෙන්නෙ.