ලී ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා 
ලී සහ ලෑලි ඉරන සම්මත ප්‍රමාණ (දිග, පළල, ඝනකම) තියෙනවද?
එහෙම නෑ.. ගහක් කැපුවම තමන්ගේ අවශ්‍යතාව අනුව මුලින් කුට්ටි කරලා පසුව ලෑලි වලට හෝ කනු (පලු) වශයෙන් කපාගන්නවා..
ගහේ වටක්ප්රමානය, ශක්තිමත් බව අනුව ගහෙන් ගහකට දිග පලල ගනකම වෙනස් වෙනවා.
ලී ගැන කියන 2x2, 2x4 වගේ ප්‍රමාණ වලින් කියවෙන්නේ මොකක්ද?
අගල් දෙකක් පලල දෙකක් ගනකම කනු.. කෙටි කරලා කියන්නේ දෙකේ දෙක දෙකේ හතර වගේ..
අඩි 3 පලල දිග අඩි 6 මේස වලට වගේ තුනේ හයේ මේස කියලා කියන්නේ..
ඇදන් වලටත් තව ලීබඩු ගොඩකටත් ඔහොම කෙටියෙන් කියනවා.. එතනදි අඩිය තමයි කෙටි කරන්නේ.
ලී අඩියක් කියන එක හැදෙන්නේ කොහොමද මේ ප්‍රමාණ වලින්..
ලෑලි දික් අඩි ලෙසත් වර්ග අඩි ලෙසත් ගන්න පුලුවන්..
සමහර තැන් වල දික් අඩි වලට මිල කියන්නේ.. උදාහරනයකට 2*2 අඩියක් මෙච්චරයි කියලා..
සමහර තැන්වල වර්ග අඩිවලට මිල කියන්නේ.. අගල ගනකම අඩියක් මෙච්චරයි කියලා..
Last edited: