ලේසියෙන් Egg Fried Rice හදමු
කලින් දාපු නූලට ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා මම අද Egg Fried Rice හදන හැටි ගෙනාවා. මේක ටිකක් සුවදට වගේම රසට එන්න හැදුවේ. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා.
අවශ්‍ය බඩු :
සාදන ක්‍රමය :
මුලින්ම හාල් කෝප්ප දෙකක් හෝ අවශ්‍ය පමණ මෙසේ හොදට විටින් විට අලුත් වතුරේ 4-5 ගමනක් හෝද ගන්න.
ඉහත අවසාන පින්තුරයේ දැක්වෙන ආකාරයට වතුර දමා (මැද ඇගිල්ලේ පළමු පුරුක පමණ තෙක්) රයිස් කුකරයට දාන්න.
පසුව ලුණු, කරපිංචා, රම්පෙ, කරාබුනැටි, එනසාල් මෙලෙස එක් කරගන්න. පසුව පියන වසා ඉදෙන්න අරින්න.
හාල් ටික ඉදෙන අතරේ අපි අනික් දේවල් ලෑස්ති කරගමු. ලීක්ස් මෙහෙම කපලා හොදට හෝදගන්න. මොකද ලීක්ස් තීරු ඇතුලේ වැලි, මඩ තියෙන නිසා. ඉන්පසු අනික් රූප වල දැක්වෙන ආකාරයට ගෝවා, කැරට්, තක්කාලි, ළුණු පොඩියට කපාගන්න.
අන්තිමට ඔක්කොම ටික මෙහෙම අයින් කරලා තියාගමු. ඔය අතරේ බත් එකත් ඉදිලා ඉවර වෙයි. එහෙම උනහම හොදට ලොකු මිට තියෙන හැන්දකින් බත් එක කූරු ගාගන්න.
දැන් ලොකු භාජනයක් ලිපේ තියලා ටිකක් රත් උනාට පස්සේ තෙල් ටික දාගන්න. තෙල් රත් වූ පසු ළුණු, කරපිංචා, ඉගුරු මෙසේ එකතු කරගෙන විනාඩි 3ක් පමණ රත් කරගන්න.
ඊට පසු සූදුරු ටික එකතු කරගන්න. පසුව විනාඩි 2ක් පමණ එය රත් කරගන්න. ඉන්පසු ගෝවා ටික එකතු කරගෙන තවත් මිනිත්තු 2ක් පමණ හොදින් හැදි ගාමින් මිශ්‍ර කරගන්න.
කැරටුත් මෙසේ එකතු කරගන්න. මේ ආකාරයට අන්තිමට ලීක්ස් එහෙමත් එකතු කරගන්න. සියල්ලම මිනිත්තු 2ක පමණ පරතරයට හොදින් කවලම් කරගන්න.
ඔක්කොම හොදට කවලම් උනාට පස්සේ බිත්තර 2 එකතු කරගෙන මේ විදියට පොඩි කෑලි වලට එන විදියට බැද ගන්න.
පසුව ඉතුරු තක්කාලි ටික මෙලෙස එකතු කර මිනිත්තු 2කට පමණ පසු බත් ටිකද එකතු කර මිශ්‍ර කරගන්න.
බත් හොදට කවලම් කරලා සෝයා සෝස් සහ සෙසමි තෙල් මෙහෙම එකතු කරගන්න.
දැන් ගින්දර නිවලා හොදට කවලම් කරගන්න. අන්තිමට මෙහෙම බත් එකක් හම්බවේවි.
එහෙනම් භාජනයකට දාලා ආඩම්බරෙන් හදපු බත් එක කන්න. එකතු කරපු කුළුබඩු නිසා හරිම සුවදටත් රසටත් බත් එක තියේවි.

- හාල්/බාස්මති හාල් කෝප්ප 2ක් (දෙදෙනෙකුට ඇති වෙන්න)
- ලුණු තේ හැන්දක්
- බීළුණු ගෙඩි භාගයක් පමණ
- කරාබුනැටි 5-7 පමණ
- එනසාල් 4-5 පමණ
- සූදුරු තේ හැන්දක් පමණ
- රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ
- ලීක්ස්, කැරට්, ගෝවා, තක්කාලි අවශ්‍ය පමණ (ලීක්ස් 1, කැරට් සාමාන්‍ය ප්‍රමාණයේ 1, ගෝවා කොළ 3-4, තක්කාලි ගෙඩියක්)
- බිත්තර 2ක් පමණ
- ඉගුරු ටිකක්
- එළවලු හෝ ඔලිව් තෙල් මේස හැදි 2 1/2 පමණ
- සෝයා සෝස් තේ හැදි 2, සේසමි තෙල් තේ හැදි 1ක් (අතිරේක කළමණා)
සාදන ක්‍රමය :
මුලින්ම හාල් කෝප්ප දෙකක් හෝ අවශ්‍ය පමණ මෙසේ හොදට විටින් විට අලුත් වතුරේ 4-5 ගමනක් හෝද ගන්න.
ඉහත අවසාන පින්තුරයේ දැක්වෙන ආකාරයට වතුර දමා (මැද ඇගිල්ලේ පළමු පුරුක පමණ තෙක්) රයිස් කුකරයට දාන්න.
පසුව ලුණු, කරපිංචා, රම්පෙ, කරාබුනැටි, එනසාල් මෙලෙස එක් කරගන්න. පසුව පියන වසා ඉදෙන්න අරින්න.
හාල් ටික ඉදෙන අතරේ අපි අනික් දේවල් ලෑස්ති කරගමු. ලීක්ස් මෙහෙම කපලා හොදට හෝදගන්න. මොකද ලීක්ස් තීරු ඇතුලේ වැලි, මඩ තියෙන නිසා. ඉන්පසු අනික් රූප වල දැක්වෙන ආකාරයට ගෝවා, කැරට්, තක්කාලි, ළුණු පොඩියට කපාගන්න.
අන්තිමට ඔක්කොම ටික මෙහෙම අයින් කරලා තියාගමු. ඔය අතරේ බත් එකත් ඉදිලා ඉවර වෙයි. එහෙම උනහම හොදට ලොකු මිට තියෙන හැන්දකින් බත් එක කූරු ගාගන්න.
දැන් ලොකු භාජනයක් ලිපේ තියලා ටිකක් රත් උනාට පස්සේ තෙල් ටික දාගන්න. තෙල් රත් වූ පසු ළුණු, කරපිංචා, ඉගුරු මෙසේ එකතු කරගෙන විනාඩි 3ක් පමණ රත් කරගන්න.
ඊට පසු සූදුරු ටික එකතු කරගන්න. පසුව විනාඩි 2ක් පමණ එය රත් කරගන්න. ඉන්පසු ගෝවා ටික එකතු කරගෙන තවත් මිනිත්තු 2ක් පමණ හොදින් හැදි ගාමින් මිශ්‍ර කරගන්න.
කැරටුත් මෙසේ එකතු කරගන්න. මේ ආකාරයට අන්තිමට ලීක්ස් එහෙමත් එකතු කරගන්න. සියල්ලම මිනිත්තු 2ක පමණ පරතරයට හොදින් කවලම් කරගන්න.
ඔක්කොම හොදට කවලම් උනාට පස්සේ බිත්තර 2 එකතු කරගෙන මේ විදියට පොඩි කෑලි වලට එන විදියට බැද ගන්න.
පසුව ඉතුරු තක්කාලි ටික මෙලෙස එකතු කර මිනිත්තු 2කට පමණ පසු බත් ටිකද එකතු කර මිශ්‍ර කරගන්න.
බත් හොදට කවලම් කරලා සෝයා සෝස් සහ සෙසමි තෙල් මෙහෙම එකතු කරගන්න.
දැන් ගින්දර නිවලා හොදට කවලම් කරගන්න. අන්තිමට මෙහෙම බත් එකක් හම්බවේවි.
එහෙනම් භාජනයකට දාලා ආඩම්බරෙන් හදපු බත් එක කන්න. එකතු කරපු කුළුබඩු නිසා හරිම සුවදටත් රසටත් බත් එක තියේවි.
කලින් හැදුවා අපි
Chicken Kotthu
Last edited: