මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය දැන් අවරුදු 3 විතර ඉඳල. ප්රශ්නයක් නැතුව අවුරුදු 2 1/2 වගේ හිටිය.
ඊට පස්සේ මට ප්රශ්න ටිකක් ඇවිත් ජොබ් එකත් නැති උනා, මගෙ අමාරු කාලෙ ලඟින් ඉන්නවා වෙනුවට එයා කලේ මගෙන් ඈත් උන එක.
මම එකටත් සැහෙන්න වැටුන. මම තීරණය කලා හැමදේම අමතක කරල මගෙ අනාගතේ හදාගන්න රට යන්න.
කොහොම හරි කට්ට කාල මගෙම උත්සාහයෙන් මම Australia වලට ආව. මම ඒ ගැන ත්රෙඩ් දාලත් ඇති.
මම වැටුන කාලේ මම උන්නද මලාද බැලුවෙ නැති කෙල්ල මම දැන් මෙහෙට ආවට පස්සේ කතා කරනව. කියනවා එයාගෙන් උනේ ලොකු වැරද්දක්ලු, එයාගේ අම්මල කිව්ව නිසාලු වෙනස් උනේ.
හැමදේම අමතක කරල අපි ආයේ සම්බන්දෙ පටන් ගමු කියල.
මම එයාට ගොඩක් ආදරේ කලා. පහුගිය කාලෙ එයා මගෙ ළඟ නැති උනත් මට එයාව අමතක උනේ නැහැ. එත් මට දැන් හිතෙනව එයා මන් ලඟට අයෙමත් එන්න හදන්නේ මම රට ආපු නිසාවත්ද කියල.
මට මොනවා කරන්නද හිතාගන්න බෑ. ඔක්කොම අමතක කරල ඉගෙන ගන්න ආවත් ආයේ මේක නිසා ඔලුව අවුල් වෙලා.
මට මේ ගැන අදහසක් දෙන්න මොනවද කරන්නෙ කියල.