මචන් උබ මේ දැකපු මැසේජ් එක පොඩි දෙයක් නේ...මම දවසක් කෙල්ල ගේ ඇතුලට ගිය වෙලේක කෙල්ලගේ ෆෝන් එක අරන් බල බල හිටිය...මම සාමන්යෙන් බලන්නෙම නැහැ ෆෝන් එකේ මැසේජ් එහෙම...එත් එදා මැසේජ් ඕපන් කරලා තිබ්බේ..ඒ නිසා බැලුවේ...
ගත්තු ගමන් තිබ්බේ නමක් වත් සේව් නොකරපු මැසේජ් ත්‍රෙඩ් එකක්...නම්බර් එක විතරයි..මම ඉතින් ඕපන් කරලා බැලුව ටිකක් අමුතු සීන් එකක් නිසා..
එකේ තිබ්බේ මේ වගේ මැසේජ් ටිකක්;
aneee..araka kiyannakoo....oya mokada karanne?...heta meet wenawada?
මෙන්න මේ වගේ කෙල්ලෝ කොල්ලෝ යවනවා වගේ මැසේජ් තව හෙන ගොඩක්..ඒවා දැක්කම අනිවා හිතට සැකයක් එනවා.....මටත් ටිකක් අවුල් ගියා වැඩේට හැබැයි...එත් හැබැයි කෙල්ල ගැන මම දන්නවා..මට සැකයක් නම් ආවේ නැහැ මොකද කවදාවත් එහෙම කරන කෙල්ලෙක් නෙමෙයි කියල මට හොදටම විස්වාසයක් තිබුන නිසා..ඉතින් මම කරේ හෙමීට නම්බර් එක මගේ ෆෝන් එකේ ගහගෙන සද්ද නැතුව ෆෝන් එක එහෙම්ම තියල හිටිය...
ගෙදර ආවට පස්සේ නම්බර් එක contacts වලට සේව් කරන් බලද්දී තමයි දැක්කේ එක ඇත්තටම කෙල්ලගේ යාලුවෙක් ගේ...ඒ යාළුවව මමත් හොදට දන්නවා..ඒ වගේ සීන් වෙනවා ඉතින්...