ලොව උගත්ම රටවල් 10ය

retroarc

Active member
  • Sep 19, 2014
    317
    58
    28
    Kurunegala
    ලොව උගත්ම රටවල් 10ය

    #10. අයර්ලන්තය

    educated-nation-10.jpg

    7.3% වාර්ෂික වර්දනයක් අයර්ලන්තයේ ආර්ථිකයට ඇත. එම නිසා, අධ්‍යාපනය නගාසිටුවීමට ඔවුන් වාර්ෂිකව යුරෝ බිලියන 8.79 වෙන්කර ඇත. ජනගහනයෙන් 87% පාසල් අද්‍යාපනය නිමකර ඇති අතර ජනගහනයෙන් 47% උසස් ඩිප්ලෝමාවක් හෝ උපධියක්ද ඇත.


    #9. ෆින්ලන්තය



    educated-nation-9.jpg

    ෆින්ලන්තයේ සාක්ෂරතාව (Literacy Rate) 100%කි. තවද , ජනගහනයෙන් 63% උපාධියක් ඇත. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට අනුව, අමතර පන්ති නැත්නම් “Tuition “ පහසුකම නොමිලේ ලබා දේ. ෆින්ලන්තයේ සිසුන්ට ජනප්‍රිය විෂයන් වන්නේ විද්‍යාව හා නීතිය නොව, නිෂ්පාදනය, ඉංජීනේරු ශිල්පය හා ඉදිකිරීම් පිළිබද විෂයන්ය.


    #8. ඔස්ට්‍රේලියාව


    educated-nation-8.jpg

    3.3% වාර්ෂික වර්දනයක් ඔස්ට්‍රේලියාවට ආර්ථිකයට ඇත. තවද, ඩොලර් 40,719ක ඒකපුද්ගල අදායමක් ඔස්ට්‍රේලියාවට ඇත, එපමණක් නොව, ජනගහනයෙන් 59% උපාධියක් ඇත.


    #7. නෝර්වේ


    educated-nation-7.jpg

    නෝර්වේ ජනගහනයෙන් 37% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. තවද, නෝර්වේ රටට ඩොල්ලර් 56,617ක ඒකපුද්ගල අදායමක් ඇත.අධ්‍යාපනයට වැඩියෙන්ම වියදන් කරන රටවල් වලින් තුන්වන රටද වේ.


    #6. එක්සත් රාජධානිය (එංගලන්තය)



    educated-nation-6.jpg

    එක්සත් රාජධානියේ ජනගහනයේ 39% කට උප්දධියක් ඇත. Oxford හා Cambridge වැනි ඉහල පෙලේ විශ්වවිද්‍යාල නිසා එක්සත් රාජධානියට මෙම ලැයිස්තුවෙහි පස් වන ස්ථානය ලැබේ.


    #5. නවසීලන්තය



    educated-nation-5.jpg

    දක්ෂ ගුරුවරුන් හා ඉහල පෙලේ පහසුකම් හේතුවෙන් නවසීලන්තයට හොඳ අධ්‍යාප ක්‍රමයක් ඇත. නවසීලන්ත ජනගහනයෙන් 40% කට උපාධියක් ඇත.


    #4. ඇමරිකානු එක්සත් ජනපදය



    educated-nation-4.jpg

    ඇමරිකානු ජනගහනයෙන් 42% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. ලොව ඉහල පෙලේ විශ්වවිද්‍යාල රාශියක් තිබෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේය. මෙම ලිස්තුවේ හතර වන ඉස්තනයට ඇමරිකානු එක්සත් ජනපදය පැමිණේ.


    #3. ජපානය



    educated-nation-3.jpg

    ජපාන ජනගහනයෙන් 45% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇත. 2.95% වාර්ෂික වර්ධනයක් ජපාන ආර්ථිකයට ඇති අතර ඩොල්ලර් 33,875ක ඒකපුද්ගල අදායමක්ද ඇත. ජාත්‍යන්තරයෙන් පිළිගත් පාසල් හා විශ්වවිද්‍යාල ජපානයට ඇති හෙයින් ජපානයට බලවත් අධ්‍යාපන ව්‍යූහයක් ඇත.


    #2. ඊශ්‍රායලය



    educated-nation-2.jpg

    ලොව පිළිගත් බුද්ධිමත් මනස් රාශියකට මෙම යුදෙව් ජාතිය වගකිය යුතුය. විශේෂයෙන්, තාක්ෂණය අංශයෙන් ඊශ්‍රායලය ඉතා ඉහල තැනක සිටින බව අමුතුවට කියා යුත කරුණක් නොව. ඊශ්‍රායලයට හොඳ අධ්‍යාපන පද්ධතියක් ඇත. ලොව පිළිගත් හොදම විශ්වවිද්‍යාල 500යෙන් හතක තිබෙන්නේ මෙම කුඩා ජතියේය.


    #1. කැනඩාව



    educated-nation-1.jpg


    කැනඩාවේ ජනගහනයෙන් 51% කට තෘතීය (Tertiary) අධ්‍යාපනයක් ඇති අතර 99%ක සාක්ෂරතාවක් (Literacy Rate) ද ඇත. කැනඩාවේ තිබෙන උපාධි හා පාඨමාලා ලොව පිළිගත් උපාධි හා පාඨමාලා කිරීමට කැනඩානු අධ්‍යාපන අමාත්‍යංශයයේ උපදේශක සභාව දැඩි වෙහෙසක් යොදා ඇත.


    උපුටා ගැනීම

    http://www.worldatlas.com/
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ෆින්ලන්තයේ සාක්ෂරතාව (Literacy Rate) 100%කි. තවද , ජනගහනයෙන් 63% උපාධියක් ඇත. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට අනුව, අමතර පන්ති නැත්නම් “Tuition “ පහසුකම නොමිලේ ලබා දේ. ෆින්ලන්තයේ සිසුන්ට ජනප්‍රිය විෂයන් වන්නේ විද්‍යාව හා නීතිය නොව, නිෂ්පාදනය, ඉංජීනේරු ශිල්පය හා ඉදිකිරීම් පිළිබද විෂයන්ය.


    පිස්සු හැදෙනවා