MG, Chery සහ Proton මෝටර් රථ මෙරටදි නිෂ්පාදනය කිරීමේ තීරණයක්!
ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති Wu Yi මහතා 2021 ඔක්තෝබර් 26 දින, එම තානාපති කාර්යාලයේදී තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණේය.
ශ්‍රී ලංකාව තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීමට ඔවුහු සැලසුම් කරති.
China National Vehicles Import & Export Co. Ltd., (CVC) යනු China National Machinery Import and Export Corp (CMC) වෙත පූර්ණ අයිතිය සතු උප සමාගමක් වන අතර, එය රථවාහන, කොටස් හා අංගෝපාංග හා වෙනත් ඒ හා සමාන නිෂ්පාදිත බෙදාහැරීම පිළිබඳ විශේෂඥතාවකින් යුතු ව්‍යවසායකි.
ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළේය. රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කළේය. ඔහු වැඩිදුරටත් තානාපති කාර්යාලයේ පූර්ණ සහාය හිමි වන බව සහතික කළේය.CVC මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ ඵලදායී සබඳතාවක් ස්ථාපිත කර ඇත. මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ විස්තීර්ණ ඒකාබද්ධ ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ CVC සාකච්ඡා කරමින් සිටි බව Wu Yi මහතා සඳහන් කළේය.
උප සභාපති වූ මහතා සමඟ පැමිණි පිරිස අතර CMCහි සාමාන්‍යාධිකාරි යින් චින්ග් මහතා, CVCහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගූ චාඕගැන්ග් මහතා, එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂූ ෂියාඕමෙයි මහත්මිය හා එම ආයතනයේම වාණිජ සාමාන්‍යාධිකාරි යැන් වෙන්ෂුඕ මහතා වූහ.
http://www.aruna.lk/ලොව-ජනප්‍රිය-මෝටර්-රථ-වර්/

