ලොව ශක්තිමත්ම කෘමීන් දහදෙනා...

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ලොව ශක්තිමත්ම කෘමීන් දහදෙනා...

    ලොව ශක්තිමත්ම කෘමීන් දහදෙනා...

    1. ගොම කුරුමිණියා

    db.jpg


    තම බර මෙන් 1,141 ගුණයක බරක් තල්ලු කිරීමට හැකියි. එය මිනිසෙක් සම්පූරණයෙන්ම පිරුණු ඩබල් ඩෙකර් බස් 6ක් එකට තල්ලු කිරීමක් වැනිය.

    2.Habrobracon දෙබරා

    deb.jpg


    මේ පරපෝෂිත දෙබර වර්ගයට 180,000 radsක විකිරණ ප්‍රමාණයක් දරාගත හැකියි. එනම් හිරෝෂිමාවේ න්‍යශ්ටික බෝම්බය මෙන් බෝම්බ 18කට හසු වුවත් මොහු දිවි ගලවා ගැනීමට සමත්.

    3.වැලි මැක්කා

    Cat%20flea2.jpg


    තම ශරීරයේ ප්‍රමාණය මෙන් 200 ගුණයක දුරක් පැනිය හැකියි. මිනිසෙක් මීටර් 344ක පිම්මක් පැනීම මේහා සමානයි.

    4.කොළ කන කුහුඹුවා

    leafcutterant.jpg


    තමන්ගේ බර මෙන් 50 ගුණයක බරක් ඔසවාගෙන යා හැකියි. ඒ මිනිසෙක් කුඩා කාර් දෙකක් ඔසවාගෙන යාමක් වැනිය.

    5. ටයිටන් කුරුමිණියා

    titan-beetle.jpg


    ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාලම කුරුමිණියායි. පැන්සලක් දෙකට කඩා දැමීමට මෙන්ම මිනිසාගේ සම සිදුරු කිරීමටද මොවුන්ට හැකියි.

    6. ගෙඹි මකුණා

    froghopper.jpg


    අඟල් 28ක් උසට පැනිය හැකි කෘමියෙකි. එය උගේ උස මෙන් 140 ගුණයක ප්‍රමාණයක්. එනම් මිනිසෙක් මීරට 240ක උසක් පැනීමට එය සමානයි.

    7.යකඩ ඇඳුම් කුරුමිණියා

    ironcald.jpg


    ලොව සිටින ඉතා තද පිටත ආවරණයක් සහිත කෘමියෙකි. එය සිදුරු කිරීමට ඇණයක් මිටියක් හෝ ඩ්‍රිල් එකක් උවමණා වෙයි.

    8.රයිනෝසිරස් කුරුමිණියා

    rb.jpg


    තමන්ගේ බර මෙන් 30 ගුණයක බරක් මිනිත්තු 30ක් පුරාවට මහන්සියකින් තොරව ඔසවාගෙන යා හැකියි. එය හරියටම මිනිසෙක් කාරයක් හිසමත තබාගෙන සැතපුමක් ඇවිදිනවා වැනි ක්‍රියාවක්.

    9. මී මැස්සා

    hnybee.jpg


    තමන්ගේ ශරීරයේ බරට සමාන මල් පැණි හෝ රොන් ප්‍රමාණයක් එසවිය හැකියි. එමෙන්ම ඒ බරද රැගෙන පියෑඹිය හැකියි.

    10. කැරපොත්තා

    american-cockroach-illustration_1376x1147.jpg


    ලෝකයේ ජීවත්වන සතුන්ගෙන් දුෂ්කර භාවයට වැඩියෙන්ම ඔරොත්තු දිය හැකි සත්ත්වයෙකි.ශරීර‍ය� ��න් කොටසක් කැඩුණත් සතියක් නොමැරී ජීවත්වීමට කැරපොත්තාට පුළුවන්.‍ එමෙන්ම විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව මිනිසාට වඩා 15 ගුණයකින් වැඩියි.