උබ පටලවගෙන ඉන්නේ දර්ශනයයි, ආගමයි, සන්ස්කෘතියයි.. බුදුන්වහන්සේගේ නිර්මල දර්මය දැනගන්න ඉස්සරට වඩා දැන් ඔනැ තරම් මාද්‍ය තියනවා. ඉස්සර මිනිස්සුන්ට දර්මය දැනගන්න තිබ්බ එකම තැන පන්සල. ඒ මිනිස්සුන්ට කියවන්න ලියන්න මහාප්‍රාන තෙරුම් ගන්න හැකියාවක් නැ. ඒ නිසා තමයි ආගමික මුහුනුවරක් දර්ශනයට ආවේ. ගස්,ගල්වලට වදින මිනිස්සුන්ට, ඒක එපා, එවා බොරු දේවල්, නිවන අවබොද කරගන්න කිව්වට වැඩක් නැ. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ එතන නෙමෙයි. පෘතජන මිනිස්සු හැටියට මිනිස්සු තමන්ට කරදර උනාම නොපෙනෙන දෙවියන්ගෙන් පිහිට පතනවා. ඒක මනුස්ස ස්වබාවය. ඒක තමයි සන්ස්කෘතිය. බලි, තොවිල් වලින් පටන් ගත්තම දලදා පෙරහැර දක්වාම ඒ සන්ස්කෘතිය.. උබ කියන හැටියට කලොත් දලදා පෙරහැරත් නවත්තන්න වෙනවා. කොටින්ම බුද්ද පූජාවවත් දෙන්න බැරි වෙනවා. මොකද මේ ඔක්කොම සන්ස්කෘතික අන්ග මිසක බුද්ද දර්ශනය නොවෙයි. ඒක තමයි සින්හල අපේ අනන්‍යතාවය. ඒක නැ මියෙන්මාරයේ. ඒක නැ තායිලන්තේ.. ඒක නැ චීනේ.. ඒක තමයි අපේ දේ..