නෑ විද්‍යාවෙ මූලික හරයම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ එන රේඛීය චින්තනයයි ද්වීකෝටික තර්කයයි. ආගම් + විද්‍යාව දෙකම අදහන අය කොක්ක ගහන්න හදනව තමා ඒත් ඒ කොකු පිටිං පේන අර්ථෙ විතරක් සලකල ගහන කොකුම විතරයි පදනමක් නෑ විද්‍යාව හැදිල තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේට අනුව විද්‍යාවෙන් ඔප්පු වෙනවනං හෝ ඔප්පු කරනවනං වෙන්නෙ ඒ මූලික වුන සංස්කෘතියට අදාල ආගමක් විතරයි කියලයි මං කියන්නෙ![]()
දෙවනි එකට නං එකඟ වෙන්නෙම නෑ. කොහෙත්ම දෙක එක වගේ නෑ. විද්‍යාවෙන් කරන්නෙ පංචේන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ශ වෙන දේවල් විස්තර කිරීම නෙමේ පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන ටික මුලින්ම නොසලකා හැරල හිතලුවක් හදාගන්නව (කාලය නිරපේක්ශයි, ආලෝකයේ වේගය නිරපේක්ශයි, හැම දෙයක්ම විවික්තයි). ඊට පස්සෙ ඒ හිතලුවට ගණිතය යොදල බලනව පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සිද්ධීන් ආසන්න වශයෙන් විස්තර කරන්න පුලුවන්ද කියල. එහෙම විස්තර කරන්න පුලුවන්නං අර මුලිං හිතපු හිතලුව ඇත්තක් කියල පිලිගන්නව බැරි නං ඒ හිතලුව අතෑරල වෙන හිතලුවක් ගැන කල්පනා කරනව. නිව්ටන්ට කොහෙත්ම කාලය නිරපේ්ක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. අයින්ස්ටයින්ට කොහෙත්ම ආලෝකයේ වේගය නිරපේක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. දෙන්නම කලේ නිකංම ආ මේක හරි කියල හිතල ගණිතයෙන් ප්‍රතිඵල අපෝහනය කල එක. නිව්ටන් තමන්ගෙ උපකල්පනයෙන් සාර්ථකව පෘථිවියෙ හඳේ අනික් ග්‍රහලෝක වල චලිත, කැටපෝලෙකිං ගලක් විද්දාම චලිතෙ පැහැදිලි කලා. බුද ග්‍රහයාට දාපු ගමං නිව්ටන්ගෙ ප්‍රතිඵල වලට අනුව චලිතව විස්තර වෙන්නෑ. ඊට පස්සෙ විද්‍යාඥයො කලේ ආ එහෙනං බුධයි ඉරයි අතරෙ තව මොකෙක් හරි ඇති කියල පැලැස්තර විසඳුම් දදා උටත් ස්කන්ධයක් දීල බුධගෙ චලිතෙ විස්තර කලා. ඊට කාලෙකට පස්සෙ තමා අයින්ස්ටයින් කාලය නෙමේ නිරපේක්ශ ආලෝකයේ වේගය කියල තමන්ගෙ හිතලුවට අනුව ප්‍රතිඵල අපෝහනය කලේ. ඒ ප්‍රතිඵලය දැම්මාම බුධගෙ චලිතෙ වෙන අතරෙ ඉන්න මොකෙක්වත් නැතුව අගේට පැහැදිලව ගැලපුනා ඉතිං විද්‍යාඥයො පිලිගන්නව අයින්ස්ටයින්ගෙ හිතලුව තමා දැන් හරි කියල. ඒත් දැන් වෙලා තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ හිතලුවෙන් ගොඩනගපු සමීකරණ වලටවත් විශ්වයේ විශාල ප්‍රමාණයක් ආවරණය කල්ල (මන්දාකිණියක කේන්ද්‍රය වටේ තරු වල චලිතය) නිරීක්ශිත දේ පැහැදිලි කරන්න බැරි වෙලා. දැන් විද්‍යාඥයො ඒකට අඳුරු පදාර්ථ කියල කලිං වගේම මුක්කුවක් ගහනව. බටහිර විද්‍යාව කියන්නෙම ඕක. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සලකා බලන්නෙ හිතලුව ගොඩනගල හිතලුව ඇත්තද කියල බලන්න විතරයි.
බුදුදහමෙ හින්දු ජෛන වගේ පෙරදිග සංස්කෘතීන් වල මිනිස්සු අනුගමනය කලේ මේකට හාත්පසින්ම වෙනස් මාර්ගයක්. පෙරදිග සංස්කෘතියෙ හිතලු නෑ. බුද්ධාගමේ තියෙන හැම දෙයක්ම දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ කරපුව. කර්මය කියන්නෙ මනසින් දැකපු දෙයක්. බුදු හාමුදුරුවො සහ ඊට පෙර කර්මය ගැන දේශිත අනික් පුද්ගලයො කර්මය ඇත්තක් බව දැනගත්තෙ අතීතය දැකීමේ නුවණින් සතෙක් මරන මනුස්සයෙක් සතාව මරණව බලල ආ එහෙනං කර්මය අනුව මෙයා මෙච්චර කාලයක් අපායෙ ඉන්න ඕනෙ මෙච්චර කාලයක් සතා මරපු විදිහට මැරෙන්න ඕනෙ කියල ප්‍රතිඵල අපෝහනය කල්ල ආපහු අතීතය හෝ අනාගතය දැකීමේ නුවණින් ඇත්තටම එහෙම වුනාද කියල බලලා නෙමේ. එහෙම කලා නං අන්න ඒක බටහිර විද්‍යාත්ම ක්‍රමය. බුදු දහමේ කලේ එහෙම කිසිම පුරෝකථනයක් නිවැරදි වෙනවද කියල බලන්නැතුව කෙලින්ම කර්මය පවතින බවම සෘජුවම මනැසට ගෝචර කරගැනීමෙන්. දෙක පැහැදිලිවම දෙකක් යන්නෙ පාරවල් දෙකක කවදාවත් එකකින් අනික සත්‍යයක් කියලා හෝ අසත්‍යයක් කියලා හෝ ඔප්පු වෙන්නේ නැත ඔප්පු කරන්නත් බැරිය![]()
![]()
https://m.facebook.com/story.php?story_fbid=1936674979899368&id=100006706536607


