දෙවන කොටස.
ෆ්රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපොලේ නවතා ඇති චීන ගුවන් යානයක්
බස් රථයකින් අපව ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයකට රැගෙන යමින්.
ලුෆ්තාන්සා ගුවන් යානයක් අපේ බස් රථය අසලින් ගමන් කරමින්.
එකම ගුවන් යානයට ගොඩවීමට මගින් සමග බස් රථ පෝලිමේ.
බස් රථය ඇතුලත දර්ශනයක්
ගුවන් යානයට ගොඩ වෙන මගීන්.
විශාල ගුවන් යානයකි.
අපගේ ගුවන් යානය හෙමින් හෙමින් ඉදිරියට ඇදෙමින්.
මේහිදී ගොඩක් අය නොදන්නා දෙයක් ඔබ හමුවේ තැබීමට කැමැත්තෙමි. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් සමාගම් වල සේවය කරන කැබින් කෘ එක එහෙම නැත්නම් හැමෝම දන්නා භාෂාවෙන් පවසනවා නම් එයාර් හොස්ටර්ස් ල 90 % වඩා ඉන්නේ වයසක අය. වෙනත් රටවල ගුවන් සමාගම් වල වගේ කිරි කිරි චික්ස් ලා නැහැ ඇමරිකන් ගුවන් සමාගම් වල.
එකියන්නේ තරුණ ලස්සන එයාර් හොස්ටර්ස් ල නැහැ. ඔකොම ඉන්නේ වයස 50 + පැනපු අය . 50- 70 අතර වයස් කාණ්ඩ වල අය. මේකට එක හේතුවක් තමයි හදිසි අවස්ථාවක තරුණ එයාර් හොස්ටර්ස් ල ට ක්ෂණික තීන්දු තීරණ ගන්න හැකියාවක් නැහැ. එගොලෝ ගොඩක් වෙලාවට බය වෙනවා. තව අත්දැකීම් ගොඩක් අඩුයි. නමුත් මේ වයසක අය එහෙම නැහැ. ගොඩක් වෙලාවට කැබින් එකට බඳවා ගන්නේ කලින් සේවය කරපු දොස්තරලා, ගිනි නිවන හමුදාවල සේවය කරපු බටයෝ, මිල්ටරි සර්විස් වල හිටපු අය. අනෙක ඇමරිකාවේ පෙන්ෂන් යන්න කියලා වයස සිමවකුත් නැහැ. ශක්තිය තියනවනම් ඕන තරමක් කල් වැඩ කරන්න පුළුවන්.
ගුවන් යානයේ ඇතුලත දර්ශනයක්.
මේ ඉන්නේ එක ගුවන් සේවිකාවක්.
අබුඩාබි සිට ජර්මනිය බලා යන අතරතුර හමු වූ ඉන්දියන් මිතුරිය මෙන් තවත් මිතුරියක් මට මුණ ගැසුණි. ඇය වයසින් වැඩි අපේ අම්මලාගේ වයසේ පසුවන කෙනෙකි. ඇය ප්‍රියමනාපය. ඇය උතුරු කැරොලිනාවට යන තෙක් මාත් සමග හිත මිතුරු සල්ලාපයේ යෙදුනාය. ඇය ජර්මන් ජාතික කාන්තාවක් වුවත් ඉතා හොඳින් ඉංග්‍රීසි කතා කරන්නීය. ඇයගේ සැමියා ඇමරිකන් ජාතිකයෙකු වන අතර ඇය වරින් වර ඔහු බැලීමට ඇරිසෝනාහි Phoenix වෙත යන්නීය. ඇය 80 දශකයේ ලංකාවට ද පැමිණ තිබේ. ඇය නරබු සිගිරිය ගැන ගොඩක් විස්තර ම හට පැවසුවාය. ඇයද වරින් වර මා සමග ඊමේල් ගනු දෙනු කරයි. ලබන ශිත ඍතුවේදී ජර්මනියේදී අප නැවත මුණගැසීමට අප අදහස් කරගෙන සිටින්නෙමු.
මේ ඉන්නේ මගේ ජර්මන් මිතුරිය
අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරමින්.
පැය දහයකට පසුව මා ඇමරිකාවේ උතුරු කැරොලිනා හි චාර්ලට් ගුවන් තොටුපොළට ලාගා වුයෙමි. කරුමෙක තරම තවම මාගේ ගුවන් ගමන නීම වී නොමැත. මා අධික තෙහෙට්ටුවෙකින් පෙළෙන්නට විය. මාගේ මිතුරියට සමු දී ට්‍රාන්සිට් වීම සඳහා අනෙක් ටර්මිනල් එක වෙත ලඟා වුයෙමි.
ඉමිග්රේෂන් වැඩ කටයුතු අවසන් වී ගුවන් තොටුපොළේ ඈති පීසා හලකට ගොඩ වී පිසා එකක් කා අධික තෙහෙට්ටුව නිසා බඩ් වයිසර් බියර් කෑන් කිහිපයක්ම බිවෙමි.
බියර් බොන අතරතුර චාර්ලට් ගුවන් තොටුපොළේ දර්ශන කිහිපයක් මාගේ කැමරාවේ සටහන් කරගත්තේ මෙසේයි. අධික මහන්සිය නිසාදෝ මාහට වැඩිපුර චයාරුප ගැනීමට සිතක් පහල නොවිය.
නැවතත් සැන් ෆ්රැන්සිස්කෝ බලා උඩු ගුවනට.
ඇරිසෝනා හි කාන්තාර උඩින් පියාසර කරමින් . මෙහිදී ඔබට යම් වෘත්තාකාර වස්තුන් දැකගත හැකිය. මේවා UFO හෙවත් පියාබන පිරිසි අතර සම්බන්ද කම් ඇතැයි පාසල් යන කාලයේ අසා ඇත. සැබවින්ම මේවා මොනවාදැයි කියා මා නොදනිමි. දාන්නා කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරන්න.
පැය 28 කට වඩා පියාසැරිය නිමා කරමින් සැන් ෆ්රැන්සිස්කෝ වෙත ලගා වුයෙමි.
මේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපොළ යි. සැන් ෆ්රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යනු ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළවල් වලින් එකකි. දිනකට මගින් දස දහස් ගණනක් හුවමාරු වෙයි.
අවසානයේ හෝටලයට පැමිණ ශරීරයේ තෙහෙට්ටුව යන තුරා උණුවතුර ස්නානය කර නිදා ගත්තෙමි.
තුන්වන කොටස හෙට හෝ අනිද්දා බලාපොරොතු වන්න.
______________________________________
තුන්වන කොටස සඳහා 8 වෙනි පිටුවට .
Click Here
Last edited: