වතුර මෝටරයක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    ඔය මෝටරේ මුලින් හොඳට වැඩ කරා නං
    ඔය දැනට තියන මෝටරේ වෝට සීල් එක දාල බැලුවා නං හරි, සීල් එක ලාවට ගිහින් වගේ නං වතුර අදිනවා අඩු වෙනවා. තව මෝටරේ කන්ඩෙන්සරේත් මාරු කරලා බලන්න. ඔය දෙකට මහ වියදමක් යන්නෙ නැති නිසා ඒක කරලා බලන එක ලාබයි

    මම මගේ ලඟ නං තියෙන්නෙ ජිනසේන එකක්. ඒක අවුරුදු ගානක් යකා වගේ වැඩ
    තව අපේ තාත්තා ලඟ තිබුනා ලංලෝ කියලා මෝටරයක්, ඒකත් පට්ටම සිරා බිල්ඩ් කොලිටිය එහෙම ජිනසේන එකටත් වඩා හොඳයි බැලුවම
    සොලෙක්ස් මෝටරෙත් හොඳයි, අපිකෝ මෝටරේ එහෙමත් හොඳයි. මෝටරයක් ගද්දි අර පොඩි කෙසෙල් මුව වගේ ඉම්පිලර් එක තියන එක ගන්න එපා. අර පරන ටයිප් එකේ ලොකු ඉම්පිලර් එක තියන එකක් ගන්න. තව අනිවා බලන්න මෝටරේ තඹ එකක්ද කියලා, මොකද දැන් සමහර මෝටර් එනවා ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තියන ඒවා, ඒව ගන්න එපා
    මේ තියෙන්නෙ කරන්න ඕන දේ.