වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් . ලොකු වැඩක්ද තියෙන්නේ . ඉක්මනටම හදාගන්න ඕන ලෙඩක්ද ?

    ලොකු ලෙඩක් නෙවෙයි. නමුත් ඉක්මනින් හදාගන්න ගියා නම් හොදයි. මොකද සමහර වෙලාවට සිවි බූට් එකෙන් ග්‍රීස් ගිහිල්ලා ග්‍රීස් නැති උනාමත් ඔහොම වෙනවා. එතකොට අලුතින් බූට් එක දාලා ග්‍රිස් දැම්ම හරි යනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Passa Auto Gear Car ekaka gear aulak tiyenawa.
    Nikanma race wenawa wagelu.
    Dan eke OD off kiyala Blink wenawalu
    Engine icon ekath blink wenawalu
    mokadda seen eka kiyala dannawad?
    gear box aulakda? Gear oil nathi seen ekakda?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අප්පා වාශ්පෙට පිච්චුනාම නම් ඉතිං බඩුම තමයි. දනවා නැති වෙන්න. ඉටපස්සේ ටිකක් හොද වෙනකොට පොතු වගේ උඩ හම ගැලවෙනවා :dull: හැබැයි හොදම උනාට පස්සේ කැලැල් හිටින්නෙ නෑ. මූනට විසිඋන එව්න්ගෙත් ටික කාලෙකින් හොද වෙන්න ඇති. :D ඇස් වලට ගියේ නැත්තං එච්චරයි :baffled:

    උන්ට මොනව උනාද කියලා නම් බැලුවේ නෑ මගේ කකුලට වැටිච්ච පාර කකුල ගසද්දි
    සෙරෙප්පුව නම් මිසින් උනා
    කොහෙම හරි කකුලේ දැවිල්ල නම් දවසක් විතර තිබ්බා
    අරුන්ට නම් මොනවා උනාද දන්නේ නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Passa Auto Gear Car ekaka gear aulak tiyenawa.
    Nikanma race wenawa wagelu.
    Dan eke OD off kiyala Blink wenawalu
    Engine icon ekath blink wenawalu
    mokadda seen eka kiyala dannawad?
    gear box aulakda? Gear oil nathi seen ekakda?
    Scan karala balapan...oke cvt da tinne.? Koi kohoma unath gear box akata badu hari wage...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මේකට තව එකක් දාන්න ඕන ස්පෙයා වීල් එක මාසෙකට දෙකකට සැරයක් වත් චෙක් කරලා බලන්න හුළං ගානට තියෙනවද කියල, ජැක් එකත් පොඩ්ඩක් කරකවල ග්‍රීස් ටිකක් ගාල තියාගන්න, ඕන වෙන වෙලාවට තමා තරු විසික් වෙන්නෙ හුළං නැති වුණාම හරි ජැක් එක හිර වුණොත් හරි :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට තව එකක් දාන්න ඕන ස්පෙයා වීල් එක මාසෙකට දෙකකට සැරයක් වත් චෙක් කරලා බලන්න හුළං ගානට තියෙනවද කියල, ජැක් එකත් පොඩ්ඩක් කරකවල ග්‍රීස් ටිකක් ගාල තියාගන්න, ඕන වෙන වෙලාවට තමා තරු විසික් වෙන්නෙ හුළං නැති වුණාම හරි ජැක් එක හිර වුණොත් හරි :yes:

    :D:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    5 ගියර් ඔයිල්
    මැනුවල් ගියර් වාහනයක ගියර් ඔයිල්නම් අපිට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සර්විස් කරන්න ගියහම එයාල බලනවා. හැබැයි ඔටෝ ගියර් වාහන වල නම් නියමිත විදිහට ගියර් ඔයිල් තියනවද කියලත් තහවුරු කර ගන්න ඕනේ.

    මෙන්න මේක බලාගන්නේ කොහොමද? මොකක් හරි ඉන්ඩිකේට් වෙනවද ලෙවල් අඩු වෙද්දි නැත්නම් වෙන ක්‍රමයක් තියෙද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    7 වතුර
    වාහනේ ස්ටාට් කරන්න කලින් රේඩියේටර් එකේ උඩ මූඩිය ඇරලා වතුර තියනවද බලන්න. ටිකක් හරි මදි නම් ඒකට අවශ්‍ය ප්‍රමානයට වතුර දාන්න. සර්විස් එකේදි රේඩියේටර් එකට කූලන්ට් දාලා තියන නිසා මදි පාඩුවට වතුර දාගත්තට කමක් නෑ. නැතුව රේඩියේටර් එකක් වතුරෙන් විතරක් පුරවන්න හොද නෑ. වතුර බලලා ඉවර වෙලා රේඩියේටර් එකේ මූඩිය හොදින් තද කරන්න. නැත්තං බොයිල් කරන්න ගනී. ( වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා, වාෂ්පෙට මූන අතපය පිච්චිලා යයි. )

    රේඩියේටර් එකට වතුර සපයන අමතර ටැංකියෙත් නිවැරදි මට්ටමට වතුර තියනවද බලන්න.

    මෙන්න මේ රතු පාටින් කරලා තියෙන එක විතරක් කලාම මදිද බං? ඔය රේඩියේටර් එකේ වතුර ලෙවල් එක බලන්න නිතර නිතර මූඩිය ගලවන්න එපා කියනවා නේද පොට යන්න පුලුවන් නිසා?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මෙන්න මේක බලාගන්නේ කොහොමද? මොකක් හරි ඉන්ඩිකේට් වෙනවද ලෙවල් අඩු වෙද්දි නැත්නම් වෙන ක්‍රමයක් තියෙද?

    හැබෑට ඒ මොන මල ඉලව්වක් ද කියන්නේ? ඇයි ඔටෝ ඒවලත් සර්විස් කරන්න ගියාම ඕක බලනවනේ :dull:

    ගියර් ඔයිල් ඩිප්ස්ටික් එකක් නැති හෝ සීල් කරපු ගියර් ඔයිල් සිස්ටම් එකක් ගැනද මේ කියන්නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැබෑට ඒ මොන මල ඉලව්වක් ද කියන්නේ? ඇයි ඔටෝ ඒවලත් සර්විස් කරන්න ගියාම ඕක බලනවනේ :dull:

    ගියර් ඔයිල් ඩිප්ස්ටික් එකක් නැති හෝ සීල් කරපු ගියර් ඔයිල් සිස්ටම් එකක් ගැනද මේ කියන්නේ?

    මම හිතන්නේ මචං. අනික වීල් අලයින්මන්ට් කිලෝමීටර් 5000න් කරන්න ඕනේ නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මම හිතන්නේ මචං. අනික වීල් අලයින්මන්ට් කිලෝමීටර් 5000න් කරන්න ඕනේ නේද?

    නෑ වීල් රොටේට් කළාට කමක් නෑ 5000 න්. අලයින්මන්ට් කරන්න ඕන වාහනේ පැත්තකට අදිනවානම් / ටයර් අසාමාන්‍ය විදිහට ගෙවෙනවානම් විතරනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ වීල් රොටේට් කළාට කමක් නෑ 5000 න්. අලයින්මන්ට් කරන්න ඕන වාහනේ පැත්තකට අදිනවානම් / ටයර් අසාමාන්‍ය විදිහට ගෙවෙනවානම් විතරනේ

    වීල් රොටේට් කියන්නේ බැලන්සින් ද? එතකොට බං අලයින්මන්ට් කරගන්න ගියාම අර සර්විස් වලදි දෙනවා වගේම කාර්ඩ් එකක් දෙනවනේ බං ඊලඟ අලයින්මන්ට් එක 5000 කින් කියලා. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    වීල් රොටේට් කියන්නේ බැලන්සින් ද? එතකොට බං අලයින්මන්ට් කරගන්න ගියාම අර සර්විස් වලදි දෙනවා වගේම කාර්ඩ් එකක් දෙනවනේ බං ඊලඟ අලයින්මන්ට් එක 5000 කින් කියලා. :dull:

    වීල් අලයින්මන්ට් මොන වාහනේකවත් maintenance schedule එකේ periodically කරන්න කියල නෑ :no:

    වීල් රොටේට් කියන්නෙ අර ක්‍රිස්ක්‍රොස් පැටන් එකට ඉස්සරහ රෝද දෙක පිටිපස්සට දාල, පිටිපස්සේ දෙක කෙලින්ම ඉස්සරහට දාන එකට, (FWD එකක නම්) ටයර් ඔක්කොම එක විදිහට ගෙවෙන්න එහෙම කරන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වීල් අලයින්මන්ට් මොන වාහනේකවත් maintenance schedule එකේ periodically කරන්න කියල නෑ :no:

    වීල් රොටේට් කියන්නෙ අර ක්‍රිස්ක්‍රොස් පැටන් එකට ඉස්සරහ රෝද දෙක පිටිපස්සට දාල, පිටිපස්සේ දෙක කෙලින්ම ඉස්සරහට දාන එකට, (FWD එකක නම්) ටයර් ඔක්කොම එක විදිහට ගෙවෙන්න එහෙම කරන්නේ

    ආහ්. එල මචං. මට තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. රෝද වලට නයිට්‍රජන් ගහන එකෙන් මොකක් හරි වාසියක් තියෙනවද බං?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ආහ්. එල මචං. මට තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. රෝද වලට නයිට්‍රජන් ගහන එකෙන් මොකක් හරි වාසියක් තියෙනවද බං?

    රේසිං කාර්වලට නම් ඇති අපිට කිසි වාසියක් නැත :no: