වයබට කෙල වීම .....

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මහා පරිසර විනාශයක් අභියස පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි දවල් මිගෙල් රෑ දනියෙල්ට ඇදීම ??

    22852947_544362869240648_1591994239572481856_n.jpg


    වසර 4ක පමණ තිස්සේ සිදුවන අඹකදවිල සමිදුගම බහුමාන් වත්තේ වැලි කැපීමට එරහිව එම ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රදේශයේ කතෝලික පියවරුන් විරෝධය දක්වති. මහාපරිමාණයෙන් සිදුවන මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් සියලූම රාජ්‍ය ආයතන වලටත් ජනාධිපතිවරයාටත් දැනුම් දී තිඛෙන බව අඹකදවිල මීසම්පාලක ගරු පීටර් බොතේජු පියතුමා පවසයි.
    මේ සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සෘජු සම්බන්ධයක් තිඛෙන බව පසුගියදා ජනතාව විසින් විරෝධය පළකිරීමට අලවා තිබූ වූ පොස්ටර් ගැලවීමෙන් පෙනී යයි.
    මෙම වැලි කැපීමේ කොන්ත්‍රාත්තුව බාර පුද්ගලයා වර්තමාන රජයේ නියෝජනය කරන දේශපාලන ක්‍රියාධරයන් හට මුදල් අල්ලස් ලබාදෙන බවද අඹකදවිල ජනතාව පවසති. මෙම කාරණයේදී නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේද නම සම්බන්ධ වී තිඛේ.
    දැන් වැලිකැපීමට විරුද්ධව මේ ප්‍රශ්නයේ එක් පැත්තක ජනතාව සිටින අතර පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ජනතාවට සේවය කරන්නට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් සිටිති.
    ඔවුන්ගෙන් අඹකදවිල ජනතාවගේ මෙම ප්‍රශ්නයට ඉතාම කිට්ටුවෙන් සිටින්නේ සිසිර කුමාර අඛේසේකර සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.
    මේ දෙදෙනාගෙන් ශාන්ත අඛේසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ගැන ජනතාවටද කිසිදු පැහැදීමක් නොමැත.
    ඔහු විසින් පසුගියදා අඹකදවිල ගරු පීටර් බොතේජු පියතුමා හා ඇතිවූ කලබගෑනියේදී එය මනාව ඔප්පු විය.
    පා.මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පුත්තලම් දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයායි. සංවර්ධන කමිටුවේ සභාපතිකම ලැබුණ දිනවල නයිනමඩම පාලම අසල ගසා තිබූ බැනරය ගලවන්නට ද අවරුද්දකටත් වඩා ගතවිය.
    නමුත් ජනතාව විසින් මතුකරමින් සිටින මේසා විශාල පාරසරික ප්‍රශ්නයක් හමුවේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නෑසූකන්ව සිටි.
    යම්කිසි දූෂිත ක්‍රියාවක් සිදුවනවා නම් ඒ සම්බන්ධව නිශ්ෂබ්දව සිටිනවා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
    එමගින් එම දූෂිත ක්‍රියාවට වක්‍රව අනුබලදීමක් සිදුකරන බවයි. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් නොවීමට වගබලාගෙන ඇතිවා පමණක් නොව අඹකදවිල පිහිටා ඇති සෙනුරි ඇක්වා කල්චර් නම් ව්‍යාපෘතිය තුළ වැලිකැපීමක් සිදුනොවන බවටත් එහි ජනතාවට ප්‍රතිපාදන සපයන සාර්ථක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවටත් කටමැත දොඩවයි. නමුත් අඹකදවිල ජනතාව පවසන්නේ දැනට වසර 4ක් තිස්සේ එම ඉඩමේ වැලි කැපිමක් හැර දියත්වන ජලජීවී ව්‍යාපෘතියක්නම් නොමැති බවයි.
    මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් ලිපියක් පළකළ මාධ්‍යවේදියෙකුගෙන් වරෙක හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා අසා තිබුණේ ඇයි ජනතාව නොමග යවන්නේ කියායි. පසුව මේ මාධ්‍යවේදියා ඔහුට ප්‍රතිපිළිතුරු දී තිබුණේ මම ලියා තිඛෙන්නේ බොරුවක් නෙමෙයි පුලුවන්නම් බොරු කියා ඔප්පු කරන ලෙසයි. පසුව මන්ත්‍රීවරයා එම මාධ්‍යවේදියාට පිටට තට්ටුවක් දමා මම එය කීවේ විහිලුවට යැයි පවසා තිබිණි.
    තමන්ට ලැබුණ ජන්ද යූඑන්පී ඡන්ද පමණක්ම නොවන නිසා දෝ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා බොහෝ අවස්ථාවන් වලදී ප්‍රදේශයේ මෙවැනි මහජනතාවට බලපාන පාරසරික විරෝධී මෙන්ම ,වංචා දූෂණ ගැටළු වලදි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි. මාරවිල කෝප්සිටියේ නඩුව ද ඒකට හොදම උදාහරණයකි. කෝප්සිටියේ පැවති නිලවරණයේ තීන්දුව වැරදි සහගත එකක් බවට පැවරූ නඩුවේ පැමිණිලිකරු එජාප පාක්ෂිකයෙකි. විත්තිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ආධාරකරුවෙකි. ඔහු මාලන් අප්පුහාමිය -ඔවුන් මහ මැතිවරණයේදී හෙක්ටර් අප්පුහාමි සමග එකතු විය. ඒ දීගය ඉදිරියටත් අවශ්‍යයවේ. ඒ නිසා මන්ත්‍රීවරයා නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස තමන්ගේ පාක්ෂිකයාට බලපෑම් කරමින් සිටියි. මුලදී නඩුවට වියදම් දෙනවා කියූවද දැන් නඩුවට වියදම් කරන්නේ නැත. නාත්තන්ඩිය ආසන සංවිධායක පා.මන්ත්‍රී අශෝක ප්‍රියන්ත අනුන්ගේ ඉඩමක් බලෙන් අයිතිකරගන්නට ගොස් ඔහුට විරුද්ධව නඩුවක් පවරා තිඛේ. ඒ මදිවාට අශෝක ප්‍රියන්තගේ ගෝලයෝ නාත්තනඩිය සහ අවට පොල් ඉඩම් වල වැලි ටික හාරමින් වැලි ඡාවාරමේ යෙදී සිටිති. මේවා ගැන කෙලින් කතාකරන එජාප ක්‍රීයාකාරිකයන්ට හෙක්ටර් අප්පුහාමිගෙන් කිසිදු අවස්ථාවක් නොලැඛේ.
    මහවැව සම්බන්ධීකරණ කමිටුව තුළ ඒ ගැන හඩක් නගන්නට හෝ නාත්තන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටු දෙකකින් එකකට වත් කෙලින් කතාකරන ක්‍රියාකාරීන්ට ආරාධනයක් නොමැත. මහවැව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව පැවැත්වෙන්නේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් වුවද එජාප ක්‍රියාකාරී සාමාජකයන්ව දැන් මාස ගණනකින් එම කමිටුවට කැදවා නොමැත. මේවා අහම්බයෙන් සිදුවන දේවල් නොවේ. තමන්ට අවනත පිරිසක් පමණක් තමන් වටේ ගොඩනගාගෙන, සන්ධානයෙන් එකතුවූ සාමාජිකයන්වද සතුටු කරගෙන හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සංවර්ධනය යනු,පාරවල් හැදීමත්, දුප්පතුන්ට නිවාස තැනිමත් යන පටු තේමාවන් වල කැරෙකෙමින් හොරුන්ට හොරකම් කරගන්නටද ඉඩදී මේ කල්මරන්නේ කුමකටද? කිසිවෙකුත් තරහා නොකරගෙන තමන්ගේ ජාම ඛේරගෙන සිය වරප්‍රසාද ටික භුක්ති විදීමට පමණි.
    මේ අර මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ පරණ සෙල්ලමමය.
    වාර්තා වන අන්දමට පුත්තලම් දිස්ත්‍රික්කයේ වැව් වල පස් ටිකටත් වැඩේ සිද්ධවී හමාරය. පොදු පෙරමුණ රජය කාලේ පස් සහ වැලි කැපූ දේශපාලකයින්ට දැන් නිවාඩුවක් දී යූඑන්පී ම්නත්‍රීවරු ඒවා බාරගෙනය.
    හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්න මතුකිරීමට බලාසිටින කිසිවකුටත් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට කැදවන්නේ නැත.ඔවුන් මහින්ද රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට කාලයක් පුරා කැපවී ක්‍රියාකළ එජාප ක්‍රියාකාරින්ය. දැන් ඔවුන්ගේ හඩ යටපත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ බලයත්,සංවිධායකධුරයේ බලයත් ඔහු විසින් පාවිච්චි කරන බව පෙනෙන්නට තිඛේ. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයාද නාත්තන්ඩිය ආසනය තුළ ඒ දේම කරමින් සිටියි. මොවුන් පාර්ලිමේන්තු යවන්නට දරදිය ඇද්ද එජාප ක්‍රියාකාරීන්ට සිදුවී ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන හිදීමටය.
    අඹකදවිල පරිසර විනාශය සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට කරන්නට කෙහෙල්මලක් ඉතිරි කර නොමැත. සියල්ල දේශපාලන බලයෙන්,වසගයෙන් වසං කරගෙන සිටී.
    ජනතාධිපතිවරයා පරිසරය විෂය භාරව ඇති රටක හෙක්ටර් අප්පුහාමිලා ඒවාට ද වෙට්ටු දමයි. වැලි හොරුන් රජ කරවයි. පරිසර විනාශයන් ගැන හෙළිදරව් කරන මාධ්‍යවේදීන්ගේ පිටට තට්ටු දමයි. මේ කරන්නේ තමන්ට බලය දුන් ජනතාවගේ බලාපොරොත්තු වලට වෙට්ටු දැමීමකි. මේවා නොදන්නා තරමට නොතේරෙන තරමටද ජනතාව මෝඩයන් නොවේ.
    ඇන්ටනි ප්‍රනාන්දු
    මහවැව


    11831719_1160918077258272_3872719928868540135_n.jpg


    ..................................................................................................................
    නක්ඩා (NAQDA)/ භූවිද්‍යා හා පතල් කාර්යාන්ශය/ පරිසර අධිකාරිය / ප්‍රාදේශීය ලේකම්වරු "හරිම අහින්සක නොදන්නාකමක්" පෙන්වමින් සිටින්නේ, ජාවාරම්කරුවන්ගෙන් කිනම් වාසියක් අත්වී ඇති නිසාදෝයි නොදනිමු... මක්නිසාදයත්, හලාවත-සමහර නායකයන්ට සමහරු "ලක්ශ 50ක් දෙන්නම්.. අනේ අපේ වැඩේ කරන්න ඉඩ දෙන්න" කියා පගාවක් දීමටද උත්සහ කර තිබෙන නිසාය..."BOI projects නිසා විරුද්ධ වෙන්නෙපා" යන උපදේශය ඉදිරියට දමාගෙන නව රජය යටතේ පවා මේ "පරිසර-විනාශය" කිරීමට ඉඩ දෙනවාද?

    22365296_1982635602014371_5617564538228974718_n.jpg


    22365357_1982635605347704_4884802490198093545_n.jpg


    අඹකඳවිල, සමිදුගම, ඉරනවිල පවුල් 2000ක් පමණ එක් පවුලක 4ක් නම් (ආසන්න ලෙස) 8000ක් වෙත එක එල්ලේ බලපාන, මෙන්ම සියවසක් හෝ දෙකක් අනාගතයට ද බලපාන මෙවන් විනාශයක් දෙස අපි ඔහේ බලාගෙන සිටිමුද?
    මුහුද හා කලපුව අතර කිලෝ මීටර එකක් පමණ පළලකින් යුතු ඉතා කුඩා බිම් තීරුවක අසීමිතව වැලි හෑරීම නිසා භූගත පනීය ජලයට ලවණ ජලය මැඋසුවීමෙන් අවට ජනතාව දැඩි දුශ්කරතාවන්ට මුහුණදී සිටිති.
    අසීමිතව වැලි ලොරි ගමන් කිරීමෙන් මාර්ග පද්ධති අබලන් වී යාම නිසා ජනතාව ඉමහත් අසීරුතාවන්ට පත්ව ඇත
    .

    හලාවත,අඹකඳවිල,බහුමාන්වත්තේ වසර ගණනාවක් මහා-වැලි ජාවාරමක්, මක්නිසාදයත්, ..එක ලොරියක් රු. 60,000 බවද, සමහර දිනවල ලොරි 100ක් පමණ අදින ලද බවද ගමේ ජනතාව පවසයි. නක්ඩා (NAQDA)/ භූවිද්‍යා හා පතල් කාර්යාන්ශය/ පරිසර අධිකාරිය / ප්‍රාදේශීය ලේකම්වරු "හරිම අහින්සක නොදන්නාකමක්" පෙන්වමින් සිටින්නේ, ජාවාරම්කරුවන්ගෙන් කිනම් වාසියක් අත්වී ඇති නිසාදෝයි නොදනිමු.
    අඹකඳවිල, සමිදුගම, ඉරනවිල පවුල් 2000ක් පමණ එක් පවුලක 4ක් නම් (ආසන්න ලෙස) 8000ක් වෙත එක එල්ලේ බලපාන, මෙන්ම සියවසක් හෝ දෙකක් අනාගතයට ද බලපාන මෙවන් විනාශයක් දෙස අපි ඔහේ බලාගෙන සිටිමුද? මේ මහා විනාශය වසර ගණනාවක් සිදුකිරීමට එරෙහිව..අඹකඳවිල අපි.


    22448185_1982612212016710_8872787625206723083_n.jpg

    ...............................................................................................................................

    අප්පුහාමිලාගේ ,මිල්රෝයිලාගේ ආශිර්වාදයෙන් ගොඩකරන ගිංඔය පාලම ලග වඟුරු බිම !

    23131590_1825114614197930_3436447566451278202_n.jpg


    මේ ගොඩ කරන්නේ නයිනමඩම ගිංඔය පාලම අසල රංගම්මුල්ල වගුරු බිමක් මම ලොකු උත්සයක් ගත්තා මේ පරිසර විනාශය ගැන සමාජය හා බළධාරින්ව හා ප්‍රදේශයේ දේශපාලකයන්ගේ ඇස් ඇරවන්න ඒත් මේ සම්බන්ධයෙන් එත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතාගෙන් මේ ගැන විමසිමේදි මෙම ස්ථානය ගිංඔයේ පිටාර ජලය බැසයන ස්ථානයක් නොවන නිසා මෙම ගොඩ කිරිම ප්‍රශ්නයක් නොවන බවත්, හිටපු ජේයෙෂ්ඨ අමාත්‍ය ශ්‍රිලංකා නිදහස් පක්ෂ වෙන්නප්පුව ආසන ප්‍රධාන සංවිධායක මිල්රොයි එස් ප්‍රනාන්දු මහතාගෙන් විමසිමේදි මෙම ස්ථානයේ හෝටලයක් හදන එක හොඳ දෙයක් බව පැවසු අතර ඒකාබද්ධ විපක්ෂයේ වෙන්නප්පුව හිටපු ප්‍රාදේශිය සභා සභාපති සුසන්ත පෙරේරා මහතාගෙන් විමසිමේදි කිසිදු අදහසක් නොපැවසීය, වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව ප්‍රකාශ කලේ මහජනතාවගේ ලිඛිත විරෝධයක් නැත්නම් තමන්ට අවසර දීමට සිදුවන බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසා සිටියේ තම ආයතනයට මෙම ගොඩ කිරිම් නැවැත්විමට බලය නොමැති බවයි, මෙම ගොඩ කිරිමට අවසර දි ඇති ඉඩම් ගොඩ කිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවල මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා කිසිම තැනක සංවර්ධනය සඳහා ඉඩම් ගොඩ කිරිම ගැන තහනමක් පනවා නොමැති බවයි, ඒත් මේ වර්තමානයේ විනාශ කරන්නේ අනාගත පරපුරේ වටිනා පරිසරයයි ඔබ වගේම මුනිවත රකින බොහෝ දෙනාට අනාගතයේදි අද සිදුවන මේ විනාශය වැලැක්වීමට කිසිදු උත්සහයක් හෝ කිසිදු දිරිගැන්වීමක් නොකිරිම සම්බන්ධයෙන් කණගාටුවට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇත,මෙම කරුණු සමාජගතවීම නිසා බොහෝ සේ කිපුණු මෙහි අයිතිකරුවන්ගේ ගෝරනාඩුව අප වෙත එල්ල වුවත් පරිසරයට සමාජයට ආදරය කරන මාධ්‍ය භාවිතයෙන් අපි ඉවත් නොවුනත් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ගිංඔයේ සංවේදි පරිසර කලාපය බිල්ලට ගනිමින් ඉන්න මේ මිනිසුන්ගේ හෘද සාක්ෂියට දවසක පිළිතුරු දීමට ඔවුන්ටම සිදුවනු ඇත
    නයිනමඩම -වන්දන ප්‍රනාන්දු


    22893970_1825114610864597_1511855630109167889_n.jpg


    .............................................................................................................