වරෙල්ලා පොතක් කියවන්න - කොළපාට සමාජයේ අවසානය

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මරු පොත. ඌ තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශිකයි කිව්වට දක්ෂිණාංශික පක්ෂ වල ලක්ෂණ එකක්වත් ඒකෙ නෑ කියලා.(උදා - මහ ජාතිය නියෝජනය කිරීම) ඒ වගේම සමහර වාමාංශික පක්ෂ වල ලක්ෂණත් ඒකෙ තියෙනවා කියලා.(උදා - සුලු ජාතීන් නියෝජනය කිරීම)
    ඒ නිසා මුල ඉඳන්ම ප්‍රතිපත්තිමය විදියට අච්චාරුවක් උන එජාපය පටන් ගැන්මේ ඉඳන්ම ගියේ රුවිතෙට, ඒක පටන් ගන්නකොටම මේ අවසානය නලලෙ කොටාගෙන තමා පටන් ගත්තේ කියලා ඌ කියනවා.

    ඒ වගේම රටේ තට්ටු මාරු දේශපාලනයක් තිබුනා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ නිදහස් පක්ෂය අවුරුදු ගානක් රට කරල කරල එපා උනාම පොඩි ඉන්ටවල් එකකට වගේ එජාපයට පාලනය කරන්න දුන්න එක කියල පොර කියනවා.(77-94 කාලය ඇර.ඒකටත් හේතුව පොතේ තියෙනවා)

    තව පොඩි පොඩි ඉන්ට්‍රස්ටිං කරුණුත් තියෙනවා.77 5/6ක බලයක් ගැන එජාපය පම්පෝරි ගැහුවට උන්ගෙ චන්ද ප්‍රතිශතය 50% යි දශම ගානක් කියල දැනගෙන හිටියද උඹලා? මම නම් නෑ. මේ පාර්ලිමේන්තු ක්‍රමය තිබ්බ නම් 113 වත් නෑ උන්ට. බලපන් සිරිමගේ හත් අවුරුදු සාපෙන් පස්සෙත් 50%ක්ම චන්දෙ දීල තියෙන්නෙ එජාප ට විරුද්ධව.
    ආතල් නේ..

    කියෙව්වට පාඩු නෑ. මම නම් ගත්තේ බුක් ෆෙයා එකෙන්. ග්‍රන්ත එකේ එහෙමත් ඇති.
     
    Attachments

    • IMG_5259.jpeg
      IMG_5259.jpeg
      79.4 KB · Views: 44
    • IMG_5260.jpeg
      IMG_5260.jpeg
      63.9 KB · Views: 43

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ලංකාවේ ඔය දෙක බෙදන එක අවුල් කියලා මට තේරෙන්නේ ඔය වාමාංශික දක්ෂිණනාංශික ලක්ෂණ වලින්.

    නිදහස් පක්ෂෙට වැඩිපුර තියෙන්නේ වාමාංශික ලක්ෂණ ඒ උනාට එකේ බේස් එක මහ ජාතිය.

    බයියෝ ටොයියෝ බෙදිල්ල තමා ලංකාවට ගැලපෙන බෙදිල්ල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    අනුරුද්ධ හොඳ මීටරේ.
    මට නම් හිතෙන්නෙ අපේ රටේ පක්ෂවල තියෙන්නෙ, ඒ පක්ෂයේ නායකයගේ දර්ශණය මිසක් වමද දකුණද කියලා හරි එක රාමුවක නෑ.

    යම්කිසි පක්ෂයක එක නායකයෙකුගෙන් තවත් නායකයෙකුට බලය මාරු වෙනකොට, පත්වෙන අළුත් නායකයා අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරන්නෙ තමන්ගෙ පරණ නායකයගෙ ප්‍රතිපත්තිය නිසා එහින් එහා දෙයක් අළුත්කෙනාටත් ඔළුවට එන්නෙ නෑ. පරණ නායකයගෙ ප්‍රතිපත්තිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉස්සරහට ගෙනියනවා. ඒ හේතුව නිසාම තමයි සජිතුත් සුළු ජාතීන් එක්ක වැඩියෙන් ගනුදෙනු කරන්නෙ. නාමල්ට හොරුන්ගෙන් මැරයොන්ගෙන් කුඩ්ඩොන්ගෙන් තොර පක්ශයක් හදාගන්න බැරි වෙලා තියෙන්නෙත් මහින්ද කරගෙන ගියපු දෙයින් ගැලවෙන්න නාමල්ට උවමනාවක් තිබ්බත් බැරි නිසා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවේ ඔය දෙක බෙදන එක අවුල් කියලා මට තේරෙන්නේ ඔය වාමාංශික දක්ෂිණනාංශික ලක්ෂණ වලින්.

    නිදහස් පක්ෂෙට වැඩිපුර තියෙන්නේ වාමාංශික ලක්ෂණ ඒ උනාට එකේ බේස් එක මහ ජාතිය.

    බයියෝ ටොයියෝ බෙදිල්ල තමා ලංකාවට ගැලපෙන බෙදිල්ල.
    මේක බන් ලෝකෙම හරියට බෙදිල තියෙනවා. ලංකාවෙ විතරයි මෙහෙම. තාම පොත කියවලා ඉවර නෑ. සමහරවිට පොතේ ඇති හේතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    මේක බන් ලෝකෙම හරියට බෙදිල තියෙනවා. ලංකාවෙ විතරයි මෙහෙම. තාම පොත කියවලා ඉවර නෑ. සමහරවිට පොතේ ඇති හේතුව.
    හේතුව තිබ්බොත් දාපංකෝ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    වෙනස තියෙන්නෙ වාමාංශික උන් මෝඩයි. දක්ෂිණංශ උන් බුද්ධිමත්. දැන් එන්න එන්න බුද්ධිමත් අය අඩු වෙලා මෝඩ මිනිස්සු වැඩි වෙනවා කියලා කියන්නේ.🤷🏻‍♂️

    මේක බන් ලෝකෙම හරියට බෙදිල තියෙනවා. ලංකාවෙ විතරයි මෙහෙම. තාම පොත කියවලා ඉවර නෑ. සමහරවිට පොතේ ඇති හේතුව.
    පොත කියවල ඉවර වෙලා රෝල් කරලා ගහගනින් පුකේ. 🤷🏻‍♂️
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ගූ. ඇම්. පී. එකේ දාහත් අවුරුදු සාපය (77 - 94) ගැන මොකද කියල තියෙන්නෙ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    කොළපාට සමාජය අවසන් වෙලා නැහැ. ඔක්කොම වාමාංශික තක්කඩි දැන් කොළ පාට වෙලා. ලංකාවේ කොහොමත් ඉන්නේ වාමාංශික ඔළු තියන ධනවාධි සැප හොයන දෙබිඩිඩෝනේ :lol:

    5dCskdM.jpeg
     
    Sen-lu

    Well-known member
  • ශ්‍රීලනිප එජාප ඡන්ද බෙදන්න තීරක සාධකය උනේ පන්ති භේදය. යමක් තියෙන ගොඩක් වෙලාවට හොඳ කුලේ උන් එජාපෙට දුන්න අඩුකුලේ උන් නිදහස් පක්ෂෙකට දුන්න. සමාජවාදය, ධනවාදය වම දකුණ ඔය මොනාවත් එච්චර අදාල උනේ නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මරු පොත. ඌ තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශිකයි කිව්වට දක්ෂිණාංශික පක්ෂ වල ලක්ෂණ එකක්වත් ඒකෙ නෑ කියලා.(උදා - මහ ජාතිය නියෝජනය කිරීම) ඒ වගේම සමහර වාමාංශික පක්ෂ වල ලක්ෂණත් ඒකෙ තියෙනවා කියලා.(උදා - සුලු ජාතීන් නියෝජනය කිරීම)
    ඒ නිසා මුල ඉඳන්ම ප්‍රතිපත්තිමය විදියට අච්චාරුවක් උන එජාපය පටන් ගැන්මේ ඉඳන්ම ගියේ රුවිතෙට, ඒක පටන් ගන්නකොටම මේ අවසානය නලලෙ කොටාගෙන තමා පටන් ගත්තේ කියලා ඌ කියනවා.

    ඒ වගේම රටේ තට්ටු මාරු දේශපාලනයක් තිබුනා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ නිදහස් පක්ෂය අවුරුදු ගානක් රට කරල කරල එපා උනාම පොඩි ඉන්ටවල් එකකට වගේ එජාපයට පාලනය කරන්න දුන්න එක කියල පොර කියනවා.(77-94 කාලය ඇර.ඒකටත් හේතුව පොතේ තියෙනවා)

    තව පොඩි පොඩි ඉන්ට්‍රස්ටිං කරුණුත් තියෙනවා.77 5/6ක බලයක් ගැන එජාපය පම්පෝරි ගැහුවට උන්ගෙ චන්ද ප්‍රතිශතය 50% යි දශම ගානක් කියල දැනගෙන හිටියද උඹලා? මම නම් නෑ. මේ පාර්ලිමේන්තු ක්‍රමය තිබ්බ නම් 113 වත් නෑ උන්ට. බලපන් සිරිමගේ හත් අවුරුදු සාපෙන් පස්සෙත් 50%ක්ම චන්දෙ දීල තියෙන්නෙ එජාප ට විරුද්ධව.
    ආතල් නේ..

    කියෙව්වට පාඩු නෑ. මම නම් ගත්තේ බුක් ෆෙයා එකෙන්. ග්‍රන්ත එකේ එහෙමත් ඇති.
    lankawata oya wama dakuna wage Political ideology hari yanne ne. Godak un inne waasi pettata hoiyya kiyala. 🤭🤭

    කොළපාට සමාජය අවසන් වෙලා නැහැ. ඔක්කොම වාමාංශික තක්කඩි දැන් කොළ පාට වෙලා. ලංකාවේ කොහොමත් ඉන්නේ වාමාංශික ඔළු තියන ධනවාධි සැප හොයන දෙබිඩිඩෝනේ :lol:

    5dCskdM.jpeg

    මේ බලපන් දැන් දකුණු ඉවුරේ ඉතිරි වෙලා ඉන්න වීරයා! 😍😍

    chamara-sampath-jkm.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙනස තියෙන්නෙ වාමාංශික උන් මෝඩයි. දක්ෂිණංශ උන් බුද්ධිමත්. දැන් එන්න එන්න බුද්ධිමත් අය අඩු වෙලා මෝඩ මිනිස්සු වැඩි වෙනවා කියලා කියන්නේ.🤷🏻‍♂️

    පොත කියවල ඉවර වෙලා රෝල් කරලා ගහගනින් පුකේ. 🤷🏻‍♂️
    මොකෝ මේ කේන්ති ගිහින්🤔
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    ශ්‍රීලනිප එජාප ඡන්ද බෙදන්න තීරක සාධකය උනේ පන්ති භේදය. යමක් තියෙන ගොඩක් වෙලාවට හොඳ කුලේ උන් එජාපෙට දුන්න අඩුකුලේ උන් නිදහස් පක්ෂෙකට දුන්න. සමාජවාදය, ධනවාදය වම දකුණ ඔය මොනාවත් එච්චර අදාල උනේ නෑ.
    On point! ජේආර් ගෙනාපු ෆ්‍රී ඉකනමි තියරි එක නිසාමයි යූඇන්පීයට ඔලුව උස්සන්න බැරි. ඒ කාලෙ අඩු කුලේ එවුන් ෆ්‍රී එකනමි එකට පින්සිද්ද වෙන්න සල්ලි අත පත ගාන්න ගත්තා. ඒ අඩු කුලේ සෙට් එක තමයි දැන් තීරක බලය රටේ බහුතරය. ජානමය වශයෙන් ආපු ඒ පන්ති භේදය වෛර්‍ය ඔලුවෙ තියන් චන්ද පොලට යන්නෙ. ගෝටාගෙ 69 අනුරගෙ 68 බහුතරය යුඉඇන්පීය පෙන්නන්න බැරි සෙට් එකක්. UNP එකත් එක්ක තියෙන තරහට ප්‍රභාකරන්ට උනත් චන්දෙ දෙන සෙට් එකක් ඉන්නෙ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    මමත් කියෙව්වා.. සර්වජන ජන්ද බලය, නිදහස් අධ්‍යාපනය වගේ දේවල් ගැනත් තියනවා.
    කොහොමත් යූ ඇන්පි එකට තව ජන්ද කිහිපයකින් පොහොට්ටුවට වෙච්ච දේම වෙයි.
    ඔය පොතේ යූ ඇන් පිය නැතිකරන්න රනිල්ගේ වැරද්දක් නැහැ කිව්වට රනිල් 1994 හරි විදිහට ජාතිකත්වයත් එක්ක හිටියනම් අද මෙහෙම වෙන්නෙ නැහැ.
    රනිල් යූ ඇන්පියේ වම දකුණ මාරු කලා. මේ මොහොත වුනත් සජබෙට නිවැරදි දකුණක් හදන්න අවස්තාව තියනවා. මේ සජියා එක්ක ඕවා කරන්න බැහැ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    සුද්දො යද්දි පිනට ලැබුන තනතුරු,
    තාමත් ගුපියො ඉන්නෙ ඒ මානසිකත්වෙන්, බයියොන්ගෙ පිහිටෙන් හරි පිනට ජනාදිපති වෙන්න,
    ජන්ද කරන්න කරන්න බය එන්නෙ ගුපු බ්ලඩ් ලයින් එකෙන්ම.. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Draco Malfoy

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    ලංකාවේ ඔය දෙක බෙදන එක අවුල් කියලා මට තේරෙන්නේ ඔය වාමාංශික දක්ෂිණනාංශික ලක්ෂණ වලින්.

    නිදහස් පක්ෂෙට වැඩිපුර තියෙන්නේ වාමාංශික ලක්ෂණ ඒ උනාට එකේ බේස් එක මහ ජාතිය.

    බයියෝ ටොයියෝ බෙදිල්ල තමා ලංකාවට ගැලපෙන බෙදිල්ල.
    Social left/right and economic left/right කියලා දෙකක් තියෙනවා. Trump දෙකෙන්ම right.

    1761443188824.gif

    1761443294890.jpeg

    ලංකාවේ කිසිම පක්ෂයක් හරියට දකුණෙ නෑ.

    ලංකාවෙත් ඔය left/right division එක තියෙනවා නේ. Mainly social axis එක දිගේ.

    බයියෝ - Conservative (social right)
    ටොයියෝ - Social right & economic center
    3% ජෙප්පෝ - Social left & economic left
    මාලිමා බයි ජෙප්පෝ - Mix of everything

    In general, ලංකාවේ 95% විතර economic left. ඒකට හේතු කීපයක් තියෙනවා මං හිතන්නේ,
    1. 1900 මුල් ගණන්වල ඉඳලා තිබ්බ වාමාංශික පක්ෂ වල influence එක.
    2. අපේ මිනිස්සු ධන්වාදය කියලා දැක්කේ සුද්දා ලංකාව ඇතුළෙ කරපු crony capitalism.
    3. සුද්දා එක්ක තිබ්බ ඇරියස් එක නිසා 50 - 90 ගණන්වල සෝවියට් රුසියාවට තිබ්බ romanticism එක නිසා සෝවියට් propaganda වැඩිපුර ඔලුවට වැටිච්ච එක.

    මෑත කාලීනව නං, මා ඇතුළු millenialsලා පොඩි කාලේ දැකලා influence උනේ ඔය ඉහත කියපු සමාජයෙන් ආපු අදහස්වලින්. උදාහරණයක් විදිහට, පරණ විද්වත්තු TV එකේ දෙසපු අදහස්.

    අලුත් GenZ සහ ඊටපස්සෙ අය ගොඩක් influence වෙන්නේ internet එකෙන්නේ, ඉතිං ඒගොල්ලො ගොඩක් influence වෙන්නේ western extreme left woke culture එකෙන්.

    ඉතිං Millenials & GenZ දෙකම මාලිමාවට බරයි. ඒක longterm effect එකක්.