වලියට නැති බුලට් පොර

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
වලියට නැති බුලට් පොර

මේ කතාව ඇහෙන්නේ ලංකාදීප පත්තරෙන්, හැබැයි ඉතින් ඒ පත්තරේ ලිවීමට බර නිසා එහෙම්පිටින්ම දන්නේ නැතුව මගේ වචන වලින් දාන්නම්.

ඔන්න ඉතින් කොල්ලෙක්ට ජොබ් එකකට ඇප්ලයි කරන්න චරිත සහතිකයක් ගන්න ඕනේ උනාලු, ඉතින් සාමාන්‍යයෙන් කොල්ලෝ ගැන්සි ඉදිද්දී ඉතින් ඕනෙම වැඩකට බොක්ක දෙන යාලුවෝ ඉන්න නිසා යාලුවෝ සෙට් එකත් එක්ක ගියාලු විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ලගට ඉතින් එතුමත් මේ සෙට් එක දිහා අකමැත්තෙන් බැලුවාලු. දන්නවනේ ඉතින් අපේ ප්‍රින්සිපල්ල ගැන දැන් ඉතින් චරිත සහතික තියෙන අයියල මල්ලිලා දන්නවනේ ලියුමේ මුල ටික ඔන්න ගැහුවලු, ඉතින් ඕකෙම තව කොටසක තියෙනවනේ හැකියාවන් ගැන වර්ණනාවක්, ඉතින් ඒ ගැන මෙයාගෙන් ඇහුවලු, ඉතින් අහපු ගමන් අපේ යාලුවෝ සෙට් එකත් කියපි
”මූ නියම බුලට් පොරක් සර්. ඔරිජිනල් මීටරයක්. කවදාවත් වලියට එන්ටර් වෙලා නෑ” කියල

ඉතින් කොහොමෙන් කොහොම හරි සහතිකෙත් අරන් අපේ මෑන්ස් ගෙදර ගිහින් නිකමට වගේ කියවල බැලුවාලු, ඔක්කොම තිතට තියෙනවලු හැබැයි අවසානෙදි මෙන්න මෙහෙම දෙයක් දැක්කලු.
”මොහු නියම බුලට් පොරකි. ඔරිජිනල් මීටරයකි. කිසිදාක වලියට එන්ටර් වී නැත” කියල ඉවර කරලා තිබ්බලු.
ඉතින් පොරට මොනවා හිතෙන්න ඇත්ද කියල පහලින් කෙටුවනම් වටිනවා හොදේ


 
  • Like
Reactions: Sajee85