වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා...

    චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි.






    1997 වසරේ එම පළාතේ සිදුවූ දරුණු භූමි කම්පාවකදී මහ පොළොවට වැළලී ගිය එම පතල වසා දැමුණේ ඉන් දිවි බේරාගත් කිසිවකු නොමැති බව සහතික වීම නිසාය. භූමිකම්පාව සිදුවන මොහොතේ වැළලී ගිය 78 ක්වූ පතල් සේවකයන් අතරින් 59 හැවිරිදි චුංග් වායි ගේ පමණක් දිවි බේරී තිබුණේ හාස්කමකිනි.





    බේරාගන්නා මොහොතේ පෙනුමෙන් බොහෝ වෙනස්ව මානසික සෞඛ්‍යයෙන් ද පිරිහී සිටි චුංග් වායි ඒ මොහොතේම රෝහල් ගත කර ඇත්තේය. චුංග් ඇතුළු පිරිස වැඩ කරමින් සිටි පතලේ වූ ලෑලි වේදිකාවක් මහා භූමිකම්පාවත් සමඟ කඩා වැටීමෙන් සහෝදර සේවකයන් මියගිය ද චුංග්ගේ දිවි බේරුණේ කුහරයක් ඔස්සේ ඔහු සිටි තැනට වාතාශ්‍රය ලැබීම හේතුවෙනි.


    මේ අවාසනාවන්ත ඉරණමෙන් දිවි ගලවා ගැනීමේ වාසනාව ලද චුංග්, පතල යට මෙවන් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තිබූ සහල් සහ වතුර ආහාරයට ගෙන හාමත් නොවී යන්තම් පණ බේරාගෙන ඇත්තේය. ඒ අතරතුර පතල පුරා හිඟයක් නොමැතිව දිව ගිය මීයන් ද ඔහුගේ ආහාරය විය. පතල්වල හැදෙන එක්තරා පෙඳ පාසි විශේෂයක් ද ඔහු ආහාරයට ගෙන තිබූ අතර එම පෙඳ පාසි ඔහුගේ ශරීරයට විටමින් නොඅඩුව ලබාදුන් බව වාර්තා වේ.




    තට්ට තනියම පතලක සිරවී මානසිකව හා ශාරීරිකව පිරිහී සිටිය ද චුංග් සිය මියගිය පතල් සගයනට ගෞරවාන්විත භූමදානයක් ලබාදීමට සමත් වී ඇත. ඔවුන් එකිනෙකා භූමදානය කිරීමට ඔහුට වසරක කාලයක් ගතවී තිබේ.


    ගලවා ගන්නා අවස්ථාවේ කතා කිරීමටවත් නොහැකිව සිටි චුංග් පතල් කම්කරුවන් දැක හඬා වැලපුණු බව ද වාර්තා වේ.


    පතල් අනතුරු බහුල චීනයේ වසරකට පතල් කඩා වැටීමෙන් පුද්ගලයන් 4000 ක් පමණ මියයන අතර ඒ නිසාම චීන රජය අක්‍රමවත් පතල් බොහොමයක් වසා දැමීම සිදු කරයි. එය එරට පතල් 16000 අතුරෙන් සියයට 80 ක් පමණ වේ.


    වසර 17 ක් මහපොළොව යට වැළලී සිට චුංග් දිවි ගලවා ගැනීමත් සමඟ මෙතෙක් පොළොව යට දින 42 ක් වැළලී සිට දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය ජාතික ජෙෆ් ස්මිත් විසින් තබා තිබූ ගිනස් වාර්තාව බිඳ වැටී ඇත. ජෙෆ් ඔහුගේ ප්‍රියතම සමාජ ශාලාවේ පිටත දින ගණනක් පොළොව යට වැළලී සිට ඇත්තේ වාර්තාවක් සම කිරීමේ අදිටනින් ස්ව කැමැත්තෙනි.

    උපුටා ගැනීම සිළුමිණ පුවත්පතෙනි
     
    පිස්සු හැදෙනවා ඔයි..sure එකටම මු පනපිටින් ඉන්න මිනිහෙක්ද. හොල්මනක්ද දන්නේ නැහැ....
    මටත් high speed internet connection එකකුයි, හොඳ gaming PC එකකුයි දෙනවා නම් ජීවිත කළෙම වුනත් පොලව යට ඉන්නම්.කන්න එහෙම ඕනිත් නැහැ. :P
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෙට් ඒකේ සර්ච් පාරක් දාලා බලපන් ඔක බොරැවක්. හිරැ ඒකත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උන්ගේ ගොසිප් ඒකෙ දාලා තිබුනා නේ.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    උපුටා ගැනීම සිළුමිණ පුවත්පතෙනි

    Most-famous-lol-face.jpg
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පිස්සු හැදෙනවා ඔයි..sure එකටම මු පනපිටින් ඉන්න මිනිහෙක්ද. හොල්මනක්ද දන්නේ නැහැ....
    මටත් high speed internet connection එකකුයි, හොඳ gaming PC එකකුයි දෙනවා නම් ජීවිත කළෙම වුනත් පොලව යට ඉන්නම්.කන්න එහෙම ඕනිත් නැහැ. :P
    mAtath
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පිස්සු හැදෙනවා ඔයි..sure එකටම මු පනපිටින් ඉන්න මිනිහෙක්ද. හොල්මනක්ද දන්නේ නැහැ....
    මටත් high speed internet connection එකකුයි, හොඳ gaming PC එකකුයි දෙනවා නම් ජීවිත කළෙම වුනත් පොලව යට ඉන්නම්.කන්න එහෙම ඕනිත් නැහැ. :P
    :lol::lol: