වස්දඩුරාවය - Tone of the Flute

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ප‍පු‍ව‍ ඇ‍තු‍ලේ‍ හො‍රෙ‍න්‍ නි‍ද‍න්‍ග‍ත වෙ‍ලා‍ පේ‍ලි‍ය‍ට නි‍දා‍ගෙ‍න‍ උ‍න්නු‍ සරි‍ග‍ම‍ප‍දනි‍ ත‍ත්‍ ඔ‍බ‍ගේ‍ ව‍ස්‍දඬු‍ රා‍ව‍යෙ‍න්‍ පි‍රි‍මැ‍ද‍ලා‍ ඇ‍හැ‍රෙ‍ව්‍වා‍ ව‍ගේ‍...

ල‍ස්‍සන සො‍ඳු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍.....නං‍ගි‍ය‍ට ජ‍ය‍....

බොහෝමත්ම ස්තුතියි අයියේ
 
thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හ්ම්ම්, කියෙව්වා විතරයි.
    එක පාරක් එක දිගට කියවලා, ඇතුළට බහින්න තව පාරක් කියවනවා කියලයි මුලින් හිතාගෙන හිටියේ. ඒත්,

    "නිසලව ඇති අහස් අගාධය"
    මේ පදය, මට ඊට එහා යන්න දුන්නේ නෑ. හේතුව, "අහස් අගාධය" කියන වචනය මට ටිකක් හිතන්න බල කළා. අගාධය කියලා අපි සාමාන‍‍‍‍‍‍යයෙන් කියන්නේ, ඉතා ගැඹුරු පහළ පිහිටි තැනකට මිසක අහස වගේ ඉහළ තියෙන තැනක්ට නොවේ. ඒ වගේම, අගාධය කියනකොට හිතට එන්නේ බොහොම කටුක පරිසරයක්. පළමුවෙනි කවේ, ඉතිරි පද තුන කියවනකොට මට කතාව තේරෙන්න පටන් ගත්තා. සිත තමයි මේ අහස් අගාධයට උපමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අගාධයක් බඳු සිතක්. සරල සිංහලෙන් නම්, මහත් දුකක වෙලුනු සිතක්. වස් දඩූ රාවය ඇසෙන්නේ ඈතින් හෙමිහිට. නමුත්, එහෙම ඇහිලත්, කාලෙකට පස්සේ සිත් අහස වහින්නයි යන්නේ. තේරුම, සිත තදින් ඇදිලා ගිය හඬක්.

    දෙවන කව කියවනකොට, මේ මොකක් ගැනද කියන්නේ කියලා හිතා ගන්න, තත්වය තව ටිකක් නිරාවරණය වෙනවා. පිවිතුරු පෙමක්. කලක් හද පතුලේ නිදා සිටි හැඟුම, නදින් ඇහැරිලා. පෙර කල ගැන සිහි කරනවා.
    "එක මොහොතකදී හද මන්මත් කරවුව"
    ඒ කියන්නේ, කලක් පෙමින් බැඳී තුටින් ඉඳලා තියෙනවා. ඒත්, ඊට පස්සේ,
    "මටම නොගැයූ ඒ වස් දඬු රාවය"
    හ්ම්ම්, මේ කියන්නේ අහිමි පෙමක් ගැන.

    තුන්වන කවේ මුල් පද වලින් කියවෙන්නේ, තමන්ට හිමි පෙම අහිමි වීමට හේතු. ඒ කියන්නේ, විවිධාකාර බාධක ගැන එහෙම. ඊට පස්සේ,
    "හොර ගල් අහුලා සවන් යොමු කරයි
    හද පිරි මදිනා වූ වස් දඬු රාවය"
    මේ පද දෙක කියෙව්වම මට හිතුනා, ඒ බාධක කියල මූලිකවම හඟවන්නේ, තම හිතවත්ම අයගෙන්, එහෙමත් නැත්නම් නිවසින් ඇති වූ කරදර, කෙනෙහිලිකම් නිසා අහිමි වූ පෙමක් බව. තව දෙයක් මට හිතුනා. හොර ගල් අහුලා සවන් යොමු කරයි කියන්නේ, කළින් අකමැතිව සිටියත් දැන් එවැනි බාධක පවා ඉවත් වී ඇති බවයි. නමුත්, දැන් කරන්නට දෙයක් ඉතුරු වී නෑ. සියල්ල සිදු වී හමාරයි. ඒ බව මට තහවුරු වුනේ දෙවන් කවේ අන්තිම පදය නිසා.

    කළින් තිබූ බාධකත්, පසුව ඉවත් වෙන්න හේතුව මොකක්ද. මම හිතන්නේ, අවසන් කවේ තුන්වන පදය ඒ බවට ඉඟියක් දෙනවා.
    "හිම කතර මැද යොදුන් දුර හිඳන්
    ඔබ නංවන ඔය වස් දඬු රාවය"

    ඒ කියන්නේ, මේ කියන කෙනා ඉන්නේ දුරු රටක, බොහොම දුර. ඒ වගේම බොහොම හොඳින් ජීවත් වෙනවා. ඒක තමයි, අර කළින් කිව්ව බාධක පවා ඉවත් වෙන්න හේතුව. එතරම් දුරක සිට වැයෙන වස් දඬු රාවය ඇසෙන්නේ කොහොමද?. පිළිතුර දුරකතන ඇමතුමක් ලැබීම. දැන් සියල්ල මට සක්සුදක් සේ පැහැදිලියි.

    PS work එකත් ලස්සනයි. කියන්න හදන දේට ගැළපීමක් තියෙනවා.

    මම හිතන්නේ, මෙ කවුරු ගැනද කියන්නේ කියලා මම මගේ නිගමනය දෙන්න ඕනේ නෑ. ඒත්, මම කැමතියි මම දුර ගිහින් තියෙන්නේ, හරි මගද නැත්නම් නොමගද කියලා දැන ගන්න. මට හොඳ විශ්වාශයක් තියෙනවා මම උපකල්පනය කරපු දේවල් වලින් බහුතරය නිවැරදියි කියලා. බලමු. මම DiLakshika අක්කිගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.:)
     
    Last edited:

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    Tone of the Flute ......
    wow....
    Something great and wonderful ... Nice expression of words ...
    Yet the same is a sad part, the way it is expressed
    Excellent wrote here my dear Dil

    its touched my heart

    be in a hope Dil ..never give up
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හ්ම්ම්, කියෙව්වා විතරයි.
    එක පාරක් එක දිගට කියවලා, ඇතුළට බහින්න තව පාරක් කියවනවා කියලයි මුලින් හිතාගෙන හිටියේ. ඒත්,

    "නිසලව ඇති අහස් අගාධය"
    මේ පදය, මට ඊට එහා යන්න දුන්නේ නෑ. හේතුව, "අහස් අගාධය" කියන වචනය මට ටිකක් හිතන්න බල කළා. අගාධය කියලා අපි සාමාන‍‍‍‍‍‍යයෙන් කියන්නේ, ඉතා ගැඹුරු පහළ පිහිටි තැනකට මිසක අහස වගේ ඉහළ තියෙන තැනක්ට නොවේ. ඒ වගේම, අගාධය කියනකොට හිතට එන්නේ බොහොම කටුක පරිසරයක්. පළමුවෙනි කවේ, ඉතිරි පද තුන කියවනකොට මට කතාව තේරෙන්න පටන් ගත්තා. සිත තමයි මේ අහස් අගාධයට උපමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අගාධයක් බඳු සිතක්. සරල සිංහලෙන් නම්, මහත් දුකක වෙලුනු සිතක්. වස් දඩූ රාවය ඇසෙන්නේ ඈතින් හෙමිහිට. නමුත්, එහෙම ඇහිලත්, කාලෙකට පස්සේ සිත් අහස වහින්නයි යන්නේ. තේරුම, සිත තදින් ඇදිලා ගිය හඬක්.

    ඔව්....

    මේ කියන්නේ දුකින් මිරිකිලා තිබුන හදවතක් ආයෙමත් හිමින් හෙමින් ආදරෙන් පිරෙන්න ගන්න බවක් තමා...

    දෙවන කව කියවනකොට, මේ මොකක් ගැනද කියන්නේ කියලා හිතා ගන්න, තත්වය තව ටිකක් නිරාවරණය වෙනවා. පිවිතුරු පෙමක්. කලක් හද පතුලේ නිදා සිටි හැඟුම, නදින් ඇහැරිලා. පෙර කල ගැන සිහි කරනවා.
    "එක මොහොතකදී හද මන්මත් කරවුව"
    ඒ කියන්නේ, කලක් පෙමින් බැඳී තුටින් ඉඳලා තියෙනවා. ඒත්, ඊට පස්සේ,
    "මටම නොගැයූ ඒ වස් දඬු රාවය"
    හ්ම්ම්, මේ කියන්නේ අහිමි පෙමක් ගැන.

    ඔව්...
    ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි කොයිතරම් ආදරේ කලත් , ආසා කලත් අපිට අයිති කරගන්න බෑ.එත් අපිට ඒවට ආදරේ නොකර ඉන්නත් බෑ.

    තුන්වන කවේ මුල් පද වලින් කියවෙන්නේ, තමන්ට හිමි පෙම අහිමි වීමට හේතු. ඒ කියන්නේ, විවිධාකාර බාධක ගැන එහෙම. ඊට පස්සේ,
    "හොර ගල් අහුලා සවන් යොමු කරයි
    හද පිරි මදිනා වූ වස් දඬු රාවය"
    මේ පද දෙක කියෙව්වම මට හිතුනා, ඒ බාධක කියල මූලිකවම හඟවන්නේ, තම හිතවත්ම අයගෙන්, එහෙමත් නැත්නම් නිවසින් ඇති වූ කරදර, කෙනෙහිලිකම් නිසා අහිමි වූ පෙමක් බව. තව දෙයක් මට හිතුනා. හොර ගල් අහුලා සවන් යොමු කරයි කියන්නේ, කළින් අකමැතිව සිටියත් දැන් එවැනි බාධක පවා ඉවත් වී ඇති බවයි. නමුත්, දැන් කරන්නට දෙයක් ඉතුරු වී නෑ. සියල්ල සිදු වී හමාරයි. ඒ බව මට තහවුරු වුනේ දෙවන් කවේ අන්තිම පදය නිසා.

    බාධක් ඉවත් වූවා නෙවෙයි...අපේ හිත බාධක ඉවසනවා කියන්න පුළුවන්

    කළින් තිබූ බාධකත්, පසුව ඉවත් වෙන්න හේතුව මොකක්ද. මම හිතන්නේ, අවසන් කවේ තුන්වන පදය ඒ බවට ඉඟියක් දෙනවා.
    "හිම කතර මැද යොදුන් දුර හිඳන්
    ඔබ නංවන ඔය වස් දඬු රාවය"

    ඒ කියන්නේ, මේ කියන කෙනා ඉන්නේ දුරු රටක, බොහොම දුර. ඒ වගේම බොහොම හොඳින් ජීවත් වෙනවා. ඒක තමයි, අර කළින් කිව්ව බාධක පවා ඉවත් වෙන්න හේතුව. එතරම් දුරක සිට වැයෙන වස් දඬු රාවය ඇසෙන්නේ කොහොමද?. පිළිතුර දුරකතන ඇමතුමක් ලැබීම. දැන් සියල්ල මට සක්සුදක් සේ පැහැදිලියි.

    ඔබ හරියටම හරි.....

    මේ කෙනා ඉන්නේ මට හුගාක් දුරින්..ඒත් හිතට හුගාක් ලගින්.. ඔව් ඔහුගෙන් මට ලැබෙන දුරකතන ඇමතුම තමා මම වස්දඩුරාවයට සම කරන්නේ...

    PS work එකත් ලස්සනයි. කියන්න හදන දේට ගැළපීමක් තියෙනවා.

    මම හිතන්නේ, මෙ කවුරු ගැනද කියන්නේ කියලා මම මගේ නිගමනය දෙන්න ඕනේ නෑ. ඒත්, මම කැමතියි මම දුර ගිහින් තියෙන්නේ, හරි මගද නැත්නම් නොමගද කියලා දැන ගන්න. මට හොඳ විශ්වාශයක් තියෙනවා මම උපකල්පනය කරපු දේවල් වලින් බහුතරය නිවැරදියි කියලා. බලමු. මම DiLakshika අක්කිගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.:)

    කවුරු ගැනද කියලා එක පාරටම මට කියන්න බෑ. මොකද ඔහුත් මාත් අතර තියෙන්නේ අපූරු බැදීමක් නිසා....ඔහුට මම සැබෑම මිතුරියක්....ඔහුත් මට සැබෑම මිතුරෙක්....සමහර බැදීම්වලට නම්ක් දෙන්න බෑ
    මොකද වටිනාකම අඩුවෙන නිසා...මේ බැදීමත් අන්න ඒ වගේ..

    ඔබ නිර්මාණයේ අන්තර්ගතය ඉතාම හොදින් තේරුම් ගෙන ඇති බවක් දැක්කා..බොහොම ස්තුතියි අදහස්වලට
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    බොහොම ස්තූතියි අක්කි. ගොඩක් සතුටුයි මට. ඒත්, කරුණු දෙකක් නිසා මට දුකයි. එකක්, ඔයාට මේක සිදු වුන බව ඇසීම. අනිත් එක, මට හරියටම ඔයා අදහස් කරපු දේම ගන්න බැරි වීම. :(