poem eka godak lassanai eth tikak mata sankeeranai wage, oya explane kalane. dannam hariyatama teruna......lassanata liyala tiyana poem ekak Dil akki.......
Last edited:
පපුව ඇතුලේ හොරෙන් නිදන්ගත වෙලා පේලියට නිදාගෙන උන්නු සරිගමපදනි තත් ඔබගේ වස්දඬු රාවයෙන් පිරිමැදලා ඇහැරෙව්වා වගේ...
ලස්සන සොඳුරු නිර්මානයක්.....නංගියට ජය....
ඒ වස්දඩුරාවය ඔබසිත වෙලාගෙන නොෙව්ද?
කදිම නිර්මාණයක්!


wachana nehe kiyanna akke, lassnai godak,dukakuth keti wela thiyenawa pic ekath lassnai godak![]()
poem eka godak lassanai eth tikak mata sankeeranai wage, oya explane kalane. dannam hariyatama teruna......lassanata liyala tiyana poem ekak Dil akki.......
හ්ම්ම්, කියෙව්වා විතරයි.
එක පාරක් එක දිගට කියවලා, ඇතුළට බහින්න තව පාරක් කියවනවා කියලයි මුලින් හිතාගෙන හිටියේ. ඒත්,
"නිසලව ඇති අහස් අගාධය"
මේ පදය, මට ඊට එහා යන්න දුන්නේ නෑ. හේතුව, "අහස් අගාධය" කියන වචනය මට ටිකක් හිතන්න බල කළා. අගාධය කියලා අපි සාමානයයෙන් කියන්නේ, ඉතා ගැඹුරු පහළ පිහිටි තැනකට මිසක අහස වගේ ඉහළ තියෙන තැනක්ට නොවේ. ඒ වගේම, අගාධය කියනකොට හිතට එන්නේ බොහොම කටුක පරිසරයක්. පළමුවෙනි කවේ, ඉතිරි පද තුන කියවනකොට මට කතාව තේරෙන්න පටන් ගත්තා. සිත තමයි මේ අහස් අගාධයට උපමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අගාධයක් බඳු සිතක්. සරල සිංහලෙන් නම්, මහත් දුකක වෙලුනු සිතක්. වස් දඩූ රාවය ඇසෙන්නේ ඈතින් හෙමිහිට. නමුත්, එහෙම ඇහිලත්, කාලෙකට පස්සේ සිත් අහස වහින්නයි යන්නේ. තේරුම, සිත තදින් ඇදිලා ගිය හඬක්.
දෙවන කව කියවනකොට, මේ මොකක් ගැනද කියන්නේ කියලා හිතා ගන්න, තත්වය තව ටිකක් නිරාවරණය වෙනවා. පිවිතුරු පෙමක්. කලක් හද පතුලේ නිදා සිටි හැඟුම, නදින් ඇහැරිලා. පෙර කල ගැන සිහි කරනවා.
"එක මොහොතකදී හද මන්මත් කරවුව"
ඒ කියන්නේ, කලක් පෙමින් බැඳී තුටින් ඉඳලා තියෙනවා. ඒත්, ඊට පස්සේ,
"මටම නොගැයූ ඒ වස් දඬු රාවය"
හ්ම්ම්, මේ කියන්නේ අහිමි පෙමක් ගැන.
තුන්වන කවේ මුල් පද වලින් කියවෙන්නේ, තමන්ට හිමි පෙම අහිමි වීමට හේතු. ඒ කියන්නේ, විවිධාකාර බාධක ගැන එහෙම. ඊට පස්සේ,
"හොර ගල් අහුලා සවන් යොමු කරයි
හද පිරි මදිනා වූ වස් දඬු රාවය"
මේ පද දෙක කියෙව්වම මට හිතුනා, ඒ බාධක කියල මූලිකවම හඟවන්නේ, තම හිතවත්ම අයගෙන්, එහෙමත් නැත්නම් නිවසින් ඇති වූ කරදර, කෙනෙහිලිකම් නිසා අහිමි වූ පෙමක් බව. තව දෙයක් මට හිතුනා. හොර ගල් අහුලා සවන් යොමු කරයි කියන්නේ, කළින් අකමැතිව සිටියත් දැන් එවැනි බාධක පවා ඉවත් වී ඇති බවයි. නමුත්, දැන් කරන්නට දෙයක් ඉතුරු වී නෑ. සියල්ල සිදු වී හමාරයි. ඒ බව මට තහවුරු වුනේ දෙවන් කවේ අන්තිම පදය නිසා.
කළින් තිබූ බාධකත්, පසුව ඉවත් වෙන්න හේතුව මොකක්ද. මම හිතන්නේ, අවසන් කවේ තුන්වන පදය ඒ බවට ඉඟියක් දෙනවා.
"හිම කතර මැද යොදුන් දුර හිඳන්
ඔබ නංවන ඔය වස් දඬු රාවය"
ඒ කියන්නේ, මේ කියන කෙනා ඉන්නේ දුරු රටක, බොහොම දුර. ඒ වගේම බොහොම හොඳින් ජීවත් වෙනවා. ඒක තමයි, අර කළින් කිව්ව බාධක පවා ඉවත් වෙන්න හේතුව. එතරම් දුරක සිට වැයෙන වස් දඬු රාවය ඇසෙන්නේ කොහොමද?. පිළිතුර දුරකතන ඇමතුමක් ලැබීම. දැන් සියල්ල මට සක්සුදක් සේ පැහැදිලියි.
PS work එකත් ලස්සනයි. කියන්න හදන දේට ගැළපීමක් තියෙනවා.
මම හිතන්නේ, මෙ කවුරු ගැනද කියන්නේ කියලා මම මගේ නිගමනය දෙන්න ඕනේ නෑ. ඒත්, මම කැමතියි මම දුර ගිහින් තියෙන්නේ, හරි මගද නැත්නම් නොමගද කියලා දැන ගන්න. මට හොඳ විශ්වාශයක් තියෙනවා මම උපකල්පනය කරපු දේවල් වලින් බහුතරය නිවැරදියි කියලා. බලමු. මම DiLakshika අක්කිගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.![]()

Mn eda Dil akkata kivva de hari....
Yati hitha kithi kawana e hada..?
Lassana nirmanayak akke...