වාද මණ්ඩප්ප ප්‍රශ්නය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආශ්චර්යලන්තය

    the-king-and-the-foolish-monkey-2.jpg



    යටගිය දවස ජම්බුද්වීපාසන්නයේ පිහිටිආශ්චර්යලන්තය නම් වූ කොදෙව් රාජ්‍යයක මැදමූලනි බ්‍රහ්මදත්ත නම් වූ රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරනා සමයේ හට ගත්තා වූ වාද මණ්ඩප්ප ප්‍රශ්නය කෙසේද යත්:

    එසමයේ එරටේ මහා සම්මතයෙන් රජ්ජුරුවන් ‍තෝරන සිරිතක් පැවත්තේ වසර සයකට වරක් රාජවරණයක් පවත්තන්නේය. ඉදින් මැදමූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද එසේ රාජ ධූරයට පත්ව සිව් වසරක් ඉක්ම ගිය තැන සිතන්නේ මම රාජ්‍යත්වයට පත් වූ දින සිට මගේ ජනයාට වූ සුගතියක් නැත්තේය, උන් සාගින්නෙන් පෙලෙන්නෝය, රටේ නීතියක් නැත්තේය, මගේ බෑයින්ද , නෑයින්ද පුතුන්ද ,සහචරයන්ද එක්ව රාජ්‍ය භාණ්ඩාගාරය සිස් කොට ඇත්තේය. අහෝ තව දෙවසක් ගිය තැන පැවත්වීමට ඇත්තාවූ රාජවරණයෙන් මම් නියතින් පරදින්නේය. ඊට මත්තෙ න් දැන්ම රාජවරණයක් පැවත්තුවහොත් යම්තමින්වත් දිනා ගත හැකිවන්නේය ආදි වශයෙන් සිතා හදිසි රාජවරණයක් කැඳවන්නේ තමන්ට ප්‍රතිමුඛව තරඟ වදින්නට සුදුසු මල්ලවයෙක් නැති බව සිතා සැනහෙන්නේය.

    එකල්හි රජ්ජුරුවන්ගේ ප්‍රතිමුඛයෝද මහත් සේ කම්පිතව ,මෙවරත් අපට නම් දිනිය නොහැක්කේය, අහෝ රාජ භාණ්ඩාගාරයෙන් අපේ කුස් පුරවා ගන්නේ කෙසේදැයි සිතමින් දුක් වන්නෝයය.

    එකල්හි මැදමූලනි රජ්ජුරුවන්ගේ මෙත් පල් නම් වූ ඇමත්තෙක් සිටියේය. ඌ තෙම රාජසභාවේ මහ ඇමති කම් තමන්ට ලැබෙතැයි සිතා එලුවා ගේ බිජුව වැටෙන තෙක් පස්සෙන් ගියා සේ ගොස් වෙහෙසව සිතන්නේ කිම්ද මේ මා කරන්නේ, මහ ඇමති කම් මට නම් කිසි කලෙක නොලැබෙන්නේය. මේ රජුට කදිම පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා රජ්ජුරුවන්ගේ ප්‍රතිමුඛයෝ සම්බ වී උන් සමග මන්ත්‍රණ කර තෙමේම රාජවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ කලාහුය.

    මැදමූලනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මේ කුමක් සිදු වීදැයි විස්සෝප සිටින්නාහු, කටවුට් නම් වූ පලක විශේෂයක් රට පුරා සි‍ටුවා භාණ්ඩාගාරය තව තවත් සිස් කරන්නේ ජනයා අතර තවත් අප්‍රසාදයටම ලක් වන්නාහුය.

    මේ අතර මෙත්පල් ඇමත්තාද රජ්ජුරුවන් සමග එක පතේ කෑ පුරුෂයෙක් වූ නිසා ඌගේ සියලු රහස් දන්නේ , තමන් හා වාදයකට එන ලෙස රජ්ජුරුවන්ට අභියෝග කරන්නේය. රජ්ජුරුවෝද වාදයෙහි තම අසමත් කමත් , මෙත්පල් ඇමත්තා තම සියලු රහස් දත් නියාවත් දන්නේ වාදයට යාමට බිය වූවාහු කුමක් කරන්නේදැයි ශෝකයෙන් මුසුප්පු වී සිරි යහන් ගබඩාවට වැද මුනින් තලා වී සිටින්නේය.

    රජ්ජුරුවන් ශෝකයෙන් සිරි යහන් ගබඩාවට වැද සිටින්නා වූ පුවත් අසා අලහප්පෙරුමයා වූ ඇමත්තා පැමිණෙන්නේ රජුගෙන් ශෝකයට කාරණා අසා මෙසේ කියන්නේ

    "එම්බල රජ්ජුරුවන් වහන්ස, ඉදින් තොප මෙත්පාලයා හා වාදයට අසමත් නම් තොපට ඌ හා වාදයක් නැතැයි පවසව" කියූහ.

    රජ්ජුරුවො එවිට කියන්නේ බල කෙල තොල්ල එවිට මට මහත් ලජ්ජාවක් නොවෙන්නේදැයි අලහප්පෙරුමායාගෙන් ඇසූහ.

    එවිට අලහප්පෙරුමයාද කියන්නේ බල රජුනි, තොප බිය නොවව.මේ අලහප්පෙරුමයානම් මහත් ඥාණය ඇත්තෙක්මි. මා කරනා දෙය බලනු මැනවි යැයි කියා මහත් සභාවක් කැඳවා මෙසේ කීවාහු බල කොල්ලනි, මෙත්පලුවා අප රජ්ජුරුවන්ට වාදයකට ආරධනා කළ බැව් සැබෑවකි, නමුත් එතුමාගේ ඇමති මණ්ඩලය වන අප එකහඬින් එතුමාට මෙත්පල් ඇමත්තා හා වාදයකට නොයන ලෙසට අණ කළ බැවින් එතුමා ජනසම්මතවාදි ලෙස ඒ වාදයට නොයන්නාහු යැයි පතල කළා හුය.

    ඒ ඇසූ කොදෙව් වාසි ජනයාද උදරයන් අල්ලා ගෙන සිනහ සෙන්නේ අපට නම් සිටින්නේ අපූරු රජෙක් හා උහුටම ගැලපෙන ඇමැත්තන් යැයි සතු‍ටු වූවාහුය..



    දැක්කේ මෙතන : http://bitternight.blogspot.com/2014/12/blog-post_49.html

     
    Last edited:
    • Like
    Reactions: Prince of Darkness