වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්


Results are only viewable after voting.

Wana5ara

Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    ඔය ඉස්කොල කතන්දර වලට මෙකෙ ඔනි තරම් මන් ඇරගෙන ඇති.
    ඒ ඇරගත්තෙ යථාර්තය පෙන්වන්න.
    ඉතිං ගොඩක් උන් කරෙ මන් ගිය ඉස්කොලෙ අඩුව පෙන්වලා උන්ගෙ මෝඩ මතෙ හරි කියලා ඔප්පු කරගන්න ට්‍රයි කරපු එක.

    එළකිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා පරණ එළකිරිය තිබ්බ කාලෙ නොතිබ්බ ජෙනුවින් අදහස් දැන් එළකිරියෙ වැටෙනවා .

    ඔව් ඔය ඉස්කොල කතන්දරෙ මෙහෙමයි .

    ගොඩක් වෙලාවට ඒ ඒ පුද්ගලයන්ට ,ඒ ඒ පවුල් වලට සමාජෙ තියෙන ලොකුම අචිව්මන්ට් එක ඔය අදාල ජනප්‍රිය පාසලකට තමන් හෝ තමන්ගෙ ළමයා ගියා කියන දේ වෙන්න පුළුවන් .

    අපෙ ගෙවල් ගාව ඉන්නවා කපල් එකක් ළමයා ගියෙ හෝමගම ජනාධිපතියට .
    ටියුෂන්ම දීලා ශිෂ්‍යත්වෙ ගොඩ දාල ආනන්දෙට ගියා .
    ළමය නෙමෙ ආනන්දෙය යන්නෙ අම්මයි තාත්තයි.
    උන්ගෙ කාර් වල ඔය ස්ටිකර් එක ගහගෙන.
    ඒ වගෙම තව දන්න එක්කෙ ඉන්නවා
    ඌත් ශිෂ්‍යත්වෙන් නාලන්දෙට ගිය එකෙක්
    ෆේස්බුක් එකෙ පොස්ට් ඌ 10 ක් ශෙයාර් කරොත් 9 ක් ම උගෙ ඉස්කොලෙ ගැන තමා .
    ඒ වගෙම තව ඉන්නවා රොයල් එකට අපෙ ඉස්කොලෙ ඉඳලා ඒ ලෙවල් වලට ගිය එකෙක් .
    ඌත් එහෙම තම .ඌ ඉපදිලා තියෙන්නෙත් රොයල් එකෙ වගෙ තමා ෆේස්බුක් එකෙ හැසිරීම.
    ඒ වගෙම ඌ ගත්තා සෙකන්ඩ් හැන්ඩ් හෙන පරණ කාර් එකක්.
    එකෙ රොයල් ස්ටිකර් එකක් ගහලා ෆේස්බුක් එකෙත් දැම්මා.

    ඒ ඉස්කොල වල වරදක් නෙමෙ මන් මෙ කිව්වෙ .
    අපෙ උන්ගෙ මානසිකත්වයෙ අවුලක්.

    සමහරු තමන් කරන රැකියාව ගහගෙන යනවා ස්ටිකර් එකක් විදියට කාර් එකෙ.
    ඩොක්ටර්ස් ලා කුරුසෙ,ලොයර් ලා නිතිඥ සංගමෙ ස්ටිකරෙ,ඉංජො අයි ඊ එස් එල් මෙම්බර්ශිප් එක ආදි වශයෙන් .
    ඒ වගෙම තමන් රැකියා කරන ස්ථානයෙ නම තියෙන ස්ටිකර් එකක් හෝ ශර්ට් එකක් ඇඳගෙන යන අයත් ඉන්නවා.

    එව්ව ඉතිං තමන්ට සමාජය ඇතුලෙ තැනක් හදාගන්න කරන දෙවල් .


    මන් පෞද්ගලිකව ගත්තොත් ඔය ඉස්කොල සීන් එකට අකමැති කෙනෙක්.
    මගෙ පවුලෙ ඉන්නවා ගමෙ මධ්‍යමහ විද්‍යාලෙ ඉඳන් රොයල් කොලිජිය දක්වා ගිය උන් .

    ඒ එක්කෙනෙක්ටවත් ගිය ඉස්කොලෙ නම නිසා සමාජෙ ලොකු වැඩක් ගන්න උනෙ නැහැ .
    මොකද ඉස්කොලෙ නම තිබ්බාට වැඩක් නැහැ ජීවිතෙ වෙන දෙවල් කරගෙන නැහැ.
    අපෙ මාම කාරයෙක් ඉන්නවා කසිප්පු බීලාම මලා.
    ගියෙ රොයල් එකට.
    ඒ යකාව දැක්කහම හිතෙන්නෙ නැහැ රොයල් ගිය එකෙක් කියලත්.
    :love:
     

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    car eka uge nam badge ekath uge nam eka gahagena yanneth uu nam ai uba nahinne..? jealous da???
    sirawatama ban

    වාහනේ උගේ නම් බැජ් එක උගේ ඉස්කෝලේ නම් උගේ ආසාවට එක ගහගෙන ගියාම අනිත් උන් මොකටද පුකේ අමාරුවක් හදාගන්නේ?
    ------ Post added on Apr 13, 2021 at 1:05 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    වේල්ස් එකේද කොහෙද තියෙනවා "ප්‍රවුඩ් ටු බී අ වේසියන්" කියලා සීන් එකක්..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,054
    1,932
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    හේතුව අවිල්ලා උන්ට ඉස්කෝලෙ ලොකුව කියනව ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් උන්ගෙ ජීවිතවල නැති එක. පොඩ්ඩක් නිකමට බලපන්කො benz, bmw, audi වාහන වල ඔය බැජ් ගහල තියනවද?.. මන් නම් දකින්නෙම Allion, Primio, swift, Aqua වගේ කාර් වල විතරයි. ඇල්ටො, නැනෝ වැගන් ආර වල ගැහුවොත් නම් කොහොමත් joke එකක් වෙනවා. :lol:
    MID level එකේ එවුන් යන්තම ලීස් එකක් දාල වාහනයක් ගත්තම උන්ට ඉතුරු වෙන්නේ වාහනෙයි ඉස්කොලෙයි විතරයි. හැබයි අර ලොකු වාහන වල යන එවුන්ට showoff දෙන්න තව ගොඩක් දේවල් තියනවා.
    තව දෙයක් උබල දැකල තියනවද AIS, Lyceum, Overseas වගේ ඉස්කෝල වල එවුන් බැජ් ගහගෙන යනව?

    මේකනම් සම්පූර්ණ ඇත්ත බන් . මාත් මේ සින් එකේ තමයි ඉන්නේ. වෙන වැදගත් කියල දෙයක් නැහැ බන් ජිවිතේ . තියෙන්නේ ඔච්චරයි නේ ඒ නිසා කාර් එකේ බැජ් එක ගහගෙන ඉන්නවා . මොනවා කරන්නද බන් ඉතින් වෙන මුකුත් නැහැ කියල මැරෙන්නද තියෙන එකවත් ඔහොම පෙන්නනවා ඇරෙන්න.

    ඕකත් නැත්නම් Depression හැදිලා එල්ලිලා මැරෙන්නේ.

    වෙන කාටවත් ඕකෙන් කරදරයක් නැනේ ඒ නිසා ඔන්න ඔහේ තිබුනාවේ. කවුරු හරි කිව්වොත් ඕකෙන් කරදරයක් වෙනවා කියල ඕකත් ගලවල දානවා
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    මගේ අදහස නම් ප්‍රසිද්ධ පාසල් වල ආදී ශිෂ්‍යන් උදව් කල යුතතේ ප්‍රසිද්ද පාසල ලඟ ඇති කුඩා පාසලටයි
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    බලපන් මචන් ආකල්ප සහ ක්‍රියාවන් අතර වෙනස. අපේ නම් ගෙට් එකක් තියෙන්නෙ කොස්ට් එකට. ගොඩක් වෙලාවට ඔර්ගන්යිසර්ල අතින් පාඩු කරගන්නව. එතකොට ලිකර් ෆ්‍රී. නැත්නම් බොට්ල් එකේ ගාන බෙදල ශොට් එකක් ප්‍රයිස් කරනව. ඊලගට එදාට මග් එකක්, බැච් එකක්, සුවනීයර් එකක් ගහල විකුණනව. ගොඩක් වෙලාවට එකට එකක් ලාබෙට. ඒ සල්ලි ඔක්කොම යන්නෙ බැච් එකේ අරමුදලට. ඒකෙ විගනන වාර්තාවක් කාටත් බලන්න පුලුවන්. අදායම් වියදම් ඔක්කොම තියෙනව. අනික ඕකෙන් රු100ක් වංචා කරන්න තරම් කාටවත් අහේනියක් නෑ.
    ඉතින් බහුතරයක් වෙලාවට ගෙට් එක හොදට කරන්න පරණ යාලුකම් මතක් කරගන්න අවස්තාවක් හැමෝටම එනව. ඒකෙනුත් රට ඉන්න එහෙම නැත්නම් වෙනත් පුදගලික කරුණු නිසා එන්න බැරි උන් එහෙම කුහක නෑ. උන් ටිකට් ගන්නව එන්න බැරි උනත්. මොකද අනිත් අය වෙනුවෙන්.
    අනිවාර්ය වියදම් ටික කවර් වෙන්නත් සැලකියයුතු මුදලක් යන නිසා බහුතරයකගෙ කන්ට්‍රිබ්යුශන් එක නැති උනොත් අමාරු බව උන් දන්න නිසා. රට ඉන්න උන්ට එන්න බැරි උනත් සමහරු ටිකට් 2-3ක් ගන්නව. මොකද උන්ට ඩොලර් වලින් ගෙවන එක ලොකු දෙයක් නොවන නිසා. පුදගලික හේතු මත සල්ලි නැති උනොත් ක්ලාස් එකේ උන් උන්ට ටිකට් අරන් දෙනව සල්ලි දාල. ඕකත් මචන් පවුලක් වගේ තමා. ඔය විදියෙ වචන උබලට කියවෙන්නෙ උබලගෙ බැදිම් වල ප්‍රශ්නයක් මචන්..
    -----------------------------------------------------------------------------

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කෝලෙ ගියා අවුට් උනා එතනින් ඉවරයි කියල. ඒත් ප්‍රධාන පාසල් වල එහෙම නෑ. බහුතරයක් ස්කෝලෙ එක්ක සෑහෙන්න ටච් එකේ ඉන්නෙ. හැම ඉවෙන්ට් එකක්ම නොටිෆයි වෙනව. ඒ වගේම විශේශ අවශ්‍යතා තියෙන ළමයෙක් සෙට් උනොත් ඔක්කොම උදවු කරනව රුපියලකින් හරි. දැනට ඉගෙන ගන්න කාට හරි අසනීපයක් හැදුනත් ඔපරේශන් වලට සල්ලින් එකතු කරන්න හැම බැච් එකක්ම සෙට් වෙනව. ස්පෝර්ට් වලට ඒ ඒ බැච් එකෙන් කියල වාර්ශිකව මොකක් හරි පරිත්‍යාගයක් කරනව ස්පොර්ට් වලින් දියුණු වෙන්න. තනිකරම ඕල්ඩ් බෝයිස්ල් එකතු වෙලා යූනියන් එකේ හිටියත් නැතත් ස්කූල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ද වෙනව. බිල්ඩින්ග් හදනව, පන්තිකාමර රෙනොවේට් කරනව, කැන්ටින් එක හදනව මොකක් හරි හැම අවුරුද්දෙම කරනව. ඊලගට බැච් එකේ කෙනෙක්ගෙ ඉමිඩියේට් රිලේශන් කෙනෙක්ගෙ මළගෙදරකට මරණාධාර දෙනව. ඊට අමතරව පුලුවන් ලඟ ඉන්න හැමෝම සහභාගි වෙලා උදවු කරනව. ඊට අමතරව බිස්නස් සම්බන්ද දේවලදි මුලින්ම යන්නෙ බැච් එකේ එකෙක් ලගට ඊට පස්සෙ ඕල්ඩ් බෝයි එකේ ගාවට. ඉන්ටර්නල් ජොබ් ඔපචුනිටීස් ස්කුල් ඕල්ඩ් බෝයි ඔන්ලි කියල ඕන තරම් එනව. තව ඉන්ටවිවි බෝඩ් එකේ ප්‍රධාන පාසලක ස්කූල් එකෙක් හිටියොත් ඌ බහුතරයක් වෙලාවට තමන්ගෙ ස්කෝලෙ එකාට සප් එක දෙනව. ඔය වගේ ඉතින් සෑහෙන වාසි තියෙනව.

    මේකත් අර එක අත්තෙ කුරුල්ලො වගේ තමා. එහා අත්තෙ කුරුල්ලොන්ගෙ ජිවන රටාව වාසි අවාසි බලන්න නම් මෙහා අත්තෙ ඉදන් බලල හරියන්නෙ නෑ. ඒ අත්තෙ වහන්නම වෙනව. හැබැයි අමාරු දේ තමා එක අත්තෙ වහන්නෙ එකට ගැලපෙන කුරුල්ලො. නොගැලපෙන එකෙක් බලෙන් ආවත් සර්වයිව් වෙන්න බෑ. මෙක උස් පහත් හැම අත්තටම අදාලයි.

    අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.
    හරියටම හරි මචං... ඕක තමයි ඇත්තම කතාව...

    "අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ."
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ අමාරුවෙන් ආන්ඩුවේ ටැස් එක ගෙවලා 300%ක් එකත් අර නිකම් ඉන්න පාන්කඩයන්ට පඩි ගෙවන්න ගන්න වාහනේ අහවල් එකකට ද ඉස්කෝලේ බැජ් ගහන්නේ මොකෝ ඉස්කෝලෙන් ද ස්පොන්සර් කලේ ඔය ගොඩක් අය තියෙන්නේ තමන් ගත්ත වාහන නෙමේ ගෙදර සල්ලි වලින් ගත්ත ඒව අනික ගොඩක් ලොකු ඉස්කෝල වලට යන්නේ මොකෝ දක්ශකමට නෙමේ ලක්සගනන් පගාව දීල නැත්නම් ගොටු නැත්නම් ඉතින් ඒ නගර සීමාවේ ඔන නම් ලමයි 100ක් නෑ කිලෝ මී 2-3 ඇතුලේ වෙන පලාත්වලිනුත් එනවා ඔහොම එන උන් තමා ඔය බැජ් ගහන්නේ ලොකු ඉස්කෝලෙකට ගියා කියන්න එතකම් ගිහින් තියෙන්නේ වන්චාව කරලා වෙන කෙනෙක් ගේ තැන නැති කරලා ඇහුවොත් රෝයල් ගල් කල්ලියේ ....වෙන මොකුත් කියන්නත් නෑ ඉස්කෝලේ තමා ඉතින් වෙන ඇති දෙයක් නෑ ස්කිල් එකක් වත්
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔය වගේ ඒවා කරන්නේ පොඩි මානසික ආතල් එකක් ගන්න වෙන්න ඕනේ බන්
    ඕක එක එකා එක එක විදියට කරනවා සමහරු තමන්ගේ රස්සාව car එකේ ඉස්සරහ ගහන යනවා
    සමහරු අවශ්‍ය තාවයක් නැති උනත් යුරෝප වාහනයක් පදිනවා

    සමහරු ණය වෙලා හරි apple phone ගන්නවා තව එවුන් ලක්සෙට කිට්ටු watch ගන්නවා

    ඔය හැමදේම කරලා බලාපොරොත්තු වෙන්නේ පොඩි මානසික ආතල් එකක් අරන් අනිත් එවුන් ඉස්සරහ උඩින් ඉන්න
    ඕක හැම එකාම අඩු වැඩියෙන් කොහොම හරි කරනවා
    mekath aththa
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Adoo Elpiti Anande un innwad meke? stikar gahmu????
    sddefault.jpg

    ඕක හරියන වැඩක් නෙමේ හරි යන්නෙ නෑ!