ඔය ඉස්කොල සීන් එක ගැන කිව්වහම ගොඩක් උන් කියන්නෙ " තමන්ට ඒ වගෙ ඉස්කොලෙකට යන්න බැරි නිසා කියවනවා " කියලා .
ඔව් එක අතකට ඇත්ත.
ඒ වගෙ ඉස්කොලෙකට ගියානම් ඔය වගෙ මෝඩයො වගෙ හැසිරෙවි .
ස්ටිකර් ගහගෙන ,කොඩි ගහගෙන ගමෙ උන් චූන් කරන්න දඟලාවි ,ෆේස්බුක් එකෙ ඉස්කොලෙ නැතුව බැරි වෙවි .
එහෙම නොගිය එකත් හොඳයි එක අතකට .
තමන් ශිෂ්යත්වෙ කරපු ඉස්කොලෙ ගැන, ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්ත ගමෙ ඉස්කොලෙ ගැන කිසි කතාවක් නැහැ .
නගරෙ ලොකුයි කියන ඉස්කොලෙට ගියානම් අන්න ඒ ඉස්කොලෙ නම තමා කියවන්නෙ ,පම්පොරි ගහන්නෙ.
තව අපෙ උදාහරණයක් තියෙනවා මගෙම යාළුවෙක් .
පිළියන්දල ඉස්කොලෙක ඉඳලා ආවා ශිෂ්‍යත්වෙන් අපෙ ඉස්කොලෙට .
ඉගෙන ගන්න දක්ෂයි. අපෙ ඉස්කොලෙදි සමාජවාදෙය බැස්සා.
චේගුවෙරා තමා උගෙ වීරයා උනෙ.
ඒ ලෙවල් වලට රොයල් එකට ගියා .
ෆේස්බුක් එකෙ තනිකරම සමාජවාදෙ තම .
ඒත් මූ අනික් අතට රොයල් එකට ගිය එක ගැන පට්ට ආඩම්බර වෙනවා.
ලංකාවෙ ධනවාදෙ මුදුන් මල්කඩ රොයල් එක.
ඉතිං පෙනවානෙ .තමන්ගෙ මතවාදෙ වැඩකුත් නැහැ ඉස්කොලෙත් එක්ක.