වාහන පදිනවනම් මේව කරල බලන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වාහන පදිනවනම් මේව කරල බලන්න

    උබල දන්නවනෙ වාහනයක් පදින්න ගියහම තියන අමාරුව කොච්චරක්ද කියල . විශේශයෙන් ට්‍රැෆික් එකේ . ඉතින් මන් ඉගෙනගත්ත අත් දැකපු දේවල් ටිකක් කියන්නම් වාහනේ වද්දගන්නෙ නැතුව යන්න . උබල කරන දේවලුත් දාපන් මේකෙම

    මුලින්ම වාහනේ පැති කණ්නාඩි තමන්ට වඩාත් පැහැදිලි විදිහට එජස් කරගන්න ඕන . ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන් . සමහරුන්ට තමන් එලවන වාහනේ පේන්න ඕන නෑ . මට නම් ලාවට මන් එලවන වාහනේ පිටිපස්සෙම එජ් එක පේන්න ඕන . එතකොට මට පිටිපස්සෙ වාහනෙයි මගෙයි අතර දුරත් එක්ක එක එක තීරන ගන්න පුලුවන් .

    ට්‍රැෆික් එකේ යනවනම් Rear view mirror එක අනිවාර්‍යයි . ඒක නැත්තන් ත්‍රීවීල් ස්කූටර් උබල බ්‍රේක් කරන ගානෙ පිටිපස්සෙන් ඇවිත් අනිනව :yes::yes::yes:

    කොලබට ඇතුල් වෙනකොට තියන ට්‍රැෆික් එක ගැන උබලට කියන්න ඕන නෑනෙ . ඒ ඇතුල්වෙන ගොඩක් පාරවල් වල අඩුම ගානෙ එක පැත්තකට ලේන් දෙකක් වත් තියනව . එතකොට ලොරි ප්‍රයිම් මූවර් වගේ ලොකු වාහන යක් එක්ක ලේන් දෙකේ යනකොට පුලුවන් තරම් උගෙ සයිඩ් මිරර් වලින් උගෙ මූන බලල ඌ උබව දැක්ක කියල ක්න්ෆර්ම් කරගනින් . ඕවර්ටේක් කරනකොටත් එහෙමයි . ඌ දැක්කෙ නෑ වගේනම් හෙඩ් එක හරි හෝන් හරි ගහල ඌට උබව පෙන්නන්න ඕන . නැත්තන් චප්ප වෙන්න තියන අවස්තාව වැඩියි .

    ඊලගට එකක් පිටිපස්සෙ එකක් ට්‍රැෆික් එකේ යනකොට තව ඉස්සරහින් යන වාහන දෙක තුනක් වත් නිතරම බලපන් තමන්ට ඉස්සරහ යන වාහනේ පිටිපස්සම විතරක් බලන්නෙ නැතුව . ඒකෙන් පාරෙ සුදු ඉරි, වලවල් මිනිස්සු පාර පනින තැන් හදිස්සි බ්‍රේක් ගැන එහෙම අයිඩියා එකක් ගන්න පුලුවන් , :yes::yes::yes::yes:

    ත්‍රීවීල් එකක් උබ යන ලේන් එකට සමාන්තරව අනික් ලේන් එකේ යනවනම් ඌ කොයි වෙලේ උනත් උබේ වාහනේ වදින්න තියන අවස්තා වැඩියි :yes::yes::yes: . ඒ නිසා පුලුවන් තරම් ඌට ඈතින් යන්න ඕන . නැත්තන් ඉක්මනට ඌව පාස් කරල යන්න ඕන . මොකද උන් ලේන් මාරු කරන්නෙ ආලෝකයේ වේගෙන් අනිත් එක උන් උබ අනිත් ලේන් එකේ එනව කියල දැක්කත් ඉක්මනට අමතක වෙනව .

    ඊලගට ත්‍රීවීල් එකක් පිටිපස්සෙන් කිසිම වෙලාවක ගොඩක් දුර යන්න එපා . එහෙම යන්නම වෙනවනම් නවත්තල තේ එකක් එහෙම බීල පස්සෙ ගමන ගියත් පාඩු නෑ . මොකද උන් කොයි වෙලේ අතුරු පාරකට හරවයිද පස්ස පාරෙ තියල නවත්තයිද U ටර්න් ගහයිද නැත්තන් පෙරලෙයිද කියල හිතාගන්න බෑ . :no::no::no::no::no::no::no::no:

    ඊලගට පරිස්සම් වෙන්න ඕන බස් වලින් . මිනිස්සු නග්ගගන්න නවත්තපු බස් එකක් ලගින්ම ඉස්සර කරන්න එපා ජීවිතේට . පුලුවන් තරන් ඈතින් ගන්න ඕන . මොකද බස් කියන්නෙ ත්‍රීවීල් එකේ අයිය . එකම ලේ වගේ . කිසි වෙනසක් නෑ සයිස් එක ඇරෙන්න . මන් නම් කියන්නෙ බස් පස්සෙත් තියාගෙන යන්න එපා . ඒක හෙන ඩේන්ජර් :nerd::nerd::nerd::nerd::nerd:

    ඊලන්ගට මේක ලන්කාව නිසා ට්‍රැෆික් එකේදි ඉස්සරහ වාහනෙත් එක්ක ගොඩක් දුර තියාගෙන යන්න එපා . මොකද අඩි 5ක් වගේ දුරක් තිබ්බත් ප්‍රයිවට් බස් කාරයෙක් මූන ඔබාගන්න අවස්තා වැඩියි . එතකොට උබට බ්‍රේක් කරගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව . බස් එහෙම නම් ත්‍රීවීල් ගැන කියන්න ඕන නෑනෙ . :yes::yes::yes::yes:

    ඊලන්ගට පුලුවන් තරම් ලේන් එකේ යන්න ඕන මැද සුදු ඉර /කඩ ඉර කැපෙන්නෙ නැතුව . ඒකෙන් උබේ සයිඩ් කන්නාඩි බයික් වලින් ආරක්ශා කරගන්න පුලුවන් . බයික් කොහොම උනත් ඇතුලෙන් දාන නිසා එකපැත්තක් හොදට ඉඩ දෙන එක වාහනේ ආරක්ශාවට හොදයි .එතකොට ඒ ඉඩෙන් උන් යන දිහාක යන්නෙ නැතෑ .:):):):)

    ඊලන්ගට ස්කූටර් අක්ක කෙනෙක් ඉස්සරහින් යනවනම් එක තප්පරේකට ඇහැ අහකට ගන්න එපා:sorry::sorry::sorry::sorry: . ඒ වගේම පස්සෙන් එනවනම් පුලුවන් තරම් මග ඇරගන්න බලන්න :frown::frown::frown::frown::frown:

    ඊලන්ගල පුලුවන් හැම වෙලාවෙම උපරිමේටත් වඩා ටිකක් වැඩිපුර මාර්ග සලකුනු මාර්ග නීති වලට අවනත වෙන්න .

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තමන්ට හොඳටම driving බැරිනම් වම්පත්තේ side mirror එක යටින් මේ වගේ camera එකක් හයිකරගෙන full time on වෙලා තියෙන display එකක් දාගන්න , කැමතිනම් ඒ display එක center mirror එකට හයිකරගන්න එතකොට ඉස්සරහා වම්පත්තේ රෝදය සහ අවට හොඳට පේනවා display එකෙන් , බයනැතිව වාහනේ කානුවක ගැට්ටටම උනත් display එක දිහා බලාගෙන අයින් කරන්න පුළුවන් traffic එකක යද්දී උනත් පට්ට ලේසියි ,

    විශේෂයෙන් තමන්ගේ වාහනේ දිගපලල ගැන අවභෝධයක් නැතිව පාරේ තමන්ගේ වාහනේ අයින් කරන්න බයෙන් පාරේ මැද දාවනය කරමින් අනෙක් රියදුරන්ට වදදෙන කාන්තාවන්ට විශේෂයි

    Par-coche-Auto-20mm-agujero-perforaci-n-vista-lateral-C-mara-espejo-lateral-montaje-reverso-espejo.jpg_640x640.jpg
    90
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මේ දේශනාවෙන් ලබාගත් පින් බලෙන් ස්කයිමයික්‍රෝගේ බෙසා එක කිසිදා අනතුරකට පත් නොවේවා...ආආ... කියල සාදුකාරයක් දෙන්න එලකිරිවැසියනි. :love:

    Rep+
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පටු ඉදිරිය නොපෙනෙන වංගුවකදි වේගය අඩු කරලා පම් පම් ගාලා හෝන් එක ගහනවා.. වෙසල් හෝන් එකක් හයි කර ගත්තා සද්දෙට ගහන්න පුළුවන්.එළවන්නත් ලේසි..

    ටවුන් එහෙක කහ ඉරක් ගාව පොඩ්ඩක් බ්‍රේක් පැඩල් එකට කකුල තියන් යන්නේ.

    බස් කාරයෙක් කරේ යන්න ආවොත් අනේ පළයන් කියලා ඉඩ දෙනවා

    ට්‍රැෆික් එහෙක ඉස්සරහින් මීටරයක් දෙකක් අනිවා ඉඩ තියන් යනවා.

    හතර වටෙන්ම වාහන දාන මංසන්ධියක වටේම ගැන හොඳ අවධානයෙන් ඉන්නවා

    ඉස්සරහින් කවුරු හරි පාරට දාන්න බලන් ඉන්නවා නම් එයාට ඉඩ දෙනවා

    හයිවේ වේගය 90යි.වැස්ස වෙලාවට 50යි

    මලාට ඉරි කපන්නේ නෑ... ඉඩ ලද තැන සින්ග් ගාලා ඕටෙක් කරනවා

    ඕටෙක් කරද්දි ඉදිරිය පැහැදිලි නම් පමණයි ඉස්සර කරන්නේ...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ දේශනාවෙන් ලබාගත් පින් බලෙන් ස්කයිමයික්‍රෝගේ බෙසා එක කිසිදා අනතුරකට පත් නොවේවා...ආආ... කියල සාදුකාරයක් දෙන්න එලකිරිවැසියනි. :love:

    Rep+

    :yes::yes::yes::yes:

    Rep++++
     
    • Like
    Reactions: skymicro

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරු හරි ගොනෙක් විරුද්ධ පැත්තෙ ඉඳන් තව වාහනේකට ඉස්සර කරගන තමන්ගෙ මූනට එනවනම් ගේමට යන්නෙ නැතුව අපේ වාහනේ වැල්ලට හරි දාගෙන ගොනාට යන්න දෙන එක තමයි නුවණක්කාර.
     
    • Like
    Reactions: bundy123

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    පටු ඉදිරිය නොපෙනෙන වංගුවකදි වේගය අඩු කරලා පම් පම් ගාලා හෝන් එක ගහනවා.. වෙසල් හෝන් එකක් හයි කර ගත්තා සද්දෙට ගහන්න පුළුවන්.එළවන්නත් ලේසි..

    ටවුන් එහෙක කහ ඉරක් ගාව පොඩ්ඩක් බ්‍රේක් පැඩල් එකට කකුල තියන් යන්නේ.

    බස් කාරයෙක් කරේ යන්න ආවොත් අනේ පළයන් කියලා ඉඩ දෙනවා

    ට්‍රැෆික් එහෙක ඉස්සරහින් මීටරයක් දෙකක් අනිවා ඉඩ තියන් යනවා.

    හතර වටෙන්ම වාහන දාන මංසන්ධියක වටේම ගැන හොඳ අවධානයෙන් ඉන්නවා

    ඉස්සරහින් කවුරු හරි පාරට දාන්න බලන් ඉන්නවා නම් එයාට ඉඩ දෙනවා

    හයිවේ වේගය 90යි.වැස්ස වෙලාවට 50යි

    මලාට ඉරි කපන්නේ නෑ... ඉඩ ලද තැන සින්ග් ගාලා ඕටෙක් කරනවා

    ඕටෙක් කරද්දි ඉදිරිය පැහැදිලි නම් පමණයි ඉස්සර කරන්නේ...

    :yes::yes::yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Side mirror walata extra round mirror 2k daganna. Rear wheel eke road possion eka lassnata penawa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya kiyana parshna godakata wisanduma thamai parana jeep ekak ganna eka BJ40 4DR5 wage ekak ganna eka threewheel karayao lan karanne na block eke bike unath lan wenne na bus karayo angata kapanne na ez driving. :lol::lol::lol:

    hapunath loku haniyak wenne na hapena kenata thamai haniya wenne.
     
    • Like
    Reactions: HKavinda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,253
    113
    33
    ෆින්ලන්ඩ්
    කවුරු හරි ගොනෙක් විරුද්ධ පැත්තෙ ඉඳන් තව වාහනේකට ඉස්සර කරගන තමන්ගෙ මූනට එනවනම් ගේමට යන්නෙ නැතුව අපේ වාහනේ වැල්ලට හරි දාගෙන ගොනාට යන්න දෙන එක තමයි නුවණක්කාර.

    :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තමන්ට හොඳටම driving බැරිනම් වම්පත්තේ side mirror එක යටින් මේ වගේ camera එකක් හයිකරගෙන full time on වෙලා තියෙන display එකක් දාගන්න , කැමතිනම් ඒ display එක center mirror එකට හයිකරගන්න එතකොට ඉස්සරහා වම්පත්තේ රෝදය සහ අවට හොඳට පේනවා display එකෙන් , බයනැතිව වාහනේ කානුවක ගැට්ටටම උනත් display එක දිහා බලාගෙන අයින් කරන්න පුළුවන් traffic එකක යද්දී උනත් පට්ට ලේසියි ,

    විශේෂයෙන් තමන්ගේ වාහනේ දිගපලල ගැන අවභෝධයක් නැතිව පාරේ තමන්ගේ වාහනේ අයින් කරන්න බයෙන් පාරේ මැද දාවනය කරමින් අනෙක් රියදුරන්ට වදදෙන කාන්තාවන්ට විශේෂයි

    Par-coche-Auto-20mm-agujero-perforaci-n-vista-lateral-C-mara-espejo-lateral-montaje-reverso-espejo.jpg_640x640.jpg
    90

    සයිඩ් මිරස් හිල් කරල ඔය වැඩේ කරන්න වෙන්නෙ නේද :nerd::nerd::nerd: